ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Sunday, December 25, 2011


අංගම් හොරු හෙළිදරව් හොරා "අංගම් පොඩි" සහ ඔහුගේ ගව පට්ටිය.


"රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි" කියා පැරැන්නන් කිව්වේ කට කහනවට නොවේ. තමන්ට යමක් කිරීමට නොහැකි උනත් කරන එකාගේ පයින් අදින තුප්පහි ගතියක් අපේ සිංහලයාට ඈත අතීතයේ පටන්ම උරුම වී තිබු බව අප හොදින් දනිමු. මෙවන් ඔන්ලයින් තුප්පහියෙක් ගැන සහ ඔහු පිටුපස යන ගොන් රැල පිලිබදව කරන ඉතාමත් කෙටියෙන් කරන දැනුම් දීමකි මෙය.

http://www.facebook.com/angamhoru මේ ප්රෝෆයිලයෙන් දැක්වෙන්නේ මේ තුප්පහි මානසික රෝගියාය. 'අංගම්හොරු හෙළිදරව්ව' නමින් fb ගිණුමක් පවත්වන යන මොහු 'අංගම් පොඩි' නමැති අන්වර්ථ නාමයකින් පෙනී සිටී. මෙවන් හිවලුන් හා ගොනුන් සමග වාදයට යෑමට මා බෙහිවින් අකමැති වන්නේ අප මහා බුදුරජාණන්වහන්සේ පවා බාලයන් ප්‍රතික්ෂේප කල නිසාවෙනි. මේ හෙළිදරව්ව කරන්නේ බුද්ධිමත් ඔබව අන්ධකාරයෙන් මුදවා ගැනීම සදහාය. මොහු පවසන අන්දමට මොහු අංගම් සටන් කලාවේ කෙල පැමිණි අයෙකි. මොහු කරලියට එන්නේ facebook හි "Online හෙල්ප් "  නැමැති group එක හරහාය. මේ මානසික රෝගියාගේ ලණු මුලදී මාත් කෑ බව ලජ්ජාවෙන් යුතුව කිව යුතුය. ඒ මොහු සතුව පාටකයන් වශී කර ගතහැකි සුකුරුත්තන් වචන එකතුවක් ඇති නිසාවෙනි. ලෝකයේ මෙවන් හැකියාවන් තිබු අය අතරින් මොහු 2 වැනි වන්නේ ලොවම විනාශ කල "හිට්ලර්ට" පමණි. ලංකාවේ මඩ ගැසීමේ හා හොදම ගොන් පාර්ට් දැමීමේ star තේරීමේ තරගයක් පැවත්තුවහොත් මොහු නිසැකයෙන්ම එම කිරුල හිමි කරගනු ඇත.

මා මොහුගේ fb මිතුරෙකු බවට පත් වූ පසු මොහු දමන සියලු ලිපි මම කියෙව්වෙමි. එයින් "කරුණාපාල" පිළිබද දැමු ලිපිය මා සිත් ගත් අතර ඔහුට පක්ෂපාතීව මමද,  කමෙන්ටු දැමුවෙමි. ඒ මොහු සදහන් කරන අන්දමට ඔහු විදේශ ජාතිකයෙකුට "අංගම්පොර" නමින් හරුපයක් උගන්වන බව සදහන් කල නිසාය. එම ලිපිය අනුව මොහු සැබෑම අංගක්කරුවෙක් යන මෝඩ සිතිවිල්ලක් මට පහල විය. එනමුත් "පහු පහු වෙනකොට කොහු කොහු" කියන්නා වගේ මොහුගේ සැබෑ මුහුණ එලියට ඒමට පටන් ගත්තේය.
"ගාමණී" චිත්‍රපටය ජනප්‍රිය වීමත් සමගම මොහු "සුමේධ" නැමැති සටන් ගුරුවරයාට ගසන මඩ ප්‍රහාර ප්‍රබල විය. එනමුත් එම චෝදනාවල පිළිගත හැකි කිසිදු පදනමක් නැති බව බලන ඕනෑම බුද්ධිමතෙකුට පෙනේ. එනමුත් මොහුගේ හෙළිදරව්වේ කවදාවත් "අජන්ත"  පිළිබද කිසිදු හෙළිදරව්වක් පළවුයේ නැත. බුද්ධිමත් පාටකයන් ඒ පිලිබදව විමසු කල්හි මොහු ඔහුගේ බ්ලොගයේ  http://angamhoru.blogspot.com/p/blog-page_1907.html මෙය ඉදරිපත් කොට "ආදාගේ මූලධර්මය" අනුගමනය කළේය. මෙහි 
  • "අජන්ත පෙරේරා
තරුණයෙකි. අංගම් වැනි පුළුල් ශාස්ත්‍රයක් හැදෑරීමට ප්‍රමාණවත් වයසක් නොමැත්තෙකි. මහන්තාරච්චි නැමති වාසගම්  ඇති මොහු කොරතොටආරච්චි නම් පැරණි අංගම්පොර පරම්පරාවෙන් පැවත එන්නෙකු ලෙස තමාව හදුන්වන්නෙකි.
(මෙම ගුරුවරයා සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් සිටිමු. මොහුට කර ඇති චෝදනා සම්බන්ධව විරෝධතා තිබේ නම් ඒවා fakeangampora@gmail.com යන ඊමේල් ලිපිනයට ඊමේල් කරන ලෙස ඉල්ලා සිටිමු. ඔහුගේ අනුගාමිකයෙක් ඉදිරිපත් වන්නේ නම් මැනවි. රාජාවලියේ සඳහන් කොරතොටආරච්චිවරුන්ගෙන් පැවත එන්නෙක් දැයි ඔප්පු කිරීමට හැකි නම් මොහුගේ පෞද්ගලික විස්තර ඉදිරිපත් කරන්න. චෝදනා තිබේනම් ඒවා ප්‍රබුද්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඉදිරිපත් කරන චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය. පදනම් විරහිත මඩ ප්‍රහාර නොසලකා හරිනු ලැබේ. එසේම චෝදනාව ඉදිරිපත් කරන්නේ කවරෙකුද යන්න හැකි අයුරින් ප්‍රකාශ කරන්න.) 
අජන්ත පෙරේරා සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න "
යනුවෙන් විස්තරයක් සදහන් වේ. තවද පාටකයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් මොහු පවසන්නේ "තවම අපිට අජන්ත සම්බන්ධව පදනම් සහගත චෝදනා නොලැබුණු බවත්, අප මොහුගේ සංදර්ශනයක් බලන්නටද ගිය බවය." එම සංදර්ශනය සැබෑ අංගම් සංදර්ශනයක් ද?? නැද්ද?? යන්න මොහු නොපැවසුවේය. තවද මොහුගේ සහ අජන්ත පෙරේරාගේ chatting style එක අතර බොහෝ සමානකමක් ඇති බව පෙනී යයි. මේ අනුව බලනකල්හි මේ වෙස්මුනුකරයා අජන්ත බව සිතිය හැකිය.

ඒ කෙසේ නමුත් අජන්ත පෙරේරා  සහ රිටිගල සුමේධ සැසදු කල්හි අජන්ත පෙරේරාට වඩා රිටිගල සුමේධ සැබෑ සටන්කරුවෙක් මෙන්ම ඉතා දක්ෂ ගුරුවරයෙක් බව මොනවට පැහැදිලි වේ. එයට "ගාමණී" චිත්‍රපටය කදිම නිදසුනකි. කකුලක්වත් උස්සගන්නට බැරි නළුවන් ඉතා කෙටි පුහුණුවකින් ආකර්ශනීය සටන් ජවනිකා ඉදිරිපත් කල හැකි ලෙස පරිවර්තනය කළේය. එමෙන්ම ඔහු තම සැබෑ ජීවිතයේදීද ශ්‍රී ලංකා සිවිල් හා ග්‍රාමාරක්ෂක බලකායට අංගම් සටන් පුහුණුව ලබා දෙනබවත් ත්‍රස්තවාදී සටන් වලදී එය ඔවුන්ට බෙහෙවින් උපකාරී වූ බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. අජන්ත පෙරේරාගේ සටන් හා සුමේධගේ සටන් බලන විට අජන්ත පෙරේරාගේ සටන් ගමේ භාෂාවෙන් කිවහොත් * 7 ය.

තීරණාත්මක අවස්ථාව උද වුයේ November 26 උදෑසන  2:25 Sukumal Harischandra http://www.facebook.com/profile.php?id=1668558048 නැමැත්තා අංගම්හොරු හෙළිදරව්වෙන් දැමු කමෙන්ටුවෙන් පසුවය. මේ ඔහු මෙහි කල පළමුවැනි මුග්ධ ප්‍රකාශයයි.

"මට දඬුබස්නාමානයෙන් තමයි උවමනාවක් ඇති උනේ අංගම්පොර ගැන....පසුව දැනගත්තේ එහි ඇති අංගම් පොර කියන්නේ බොරුවග...මොකද සේනක කියන නළුවා වූෂූ වගේ සටන්ක්‍රමය් කරලා තමයි අංගම්පොරවලට එන්නේ....
මා නැවති සිටි ගෙදර අංගම් පොර මාස්ටර් පැවසූවේ වෙනත් සටන් ක්‍රම ඉගෙන ගෙන නැවත අංගම්පොර ඉගෙනගන්නට නොහැකි බවයි....එසේම එහි පළමු පාඩමින් අනිත් සෑම සටන්ක්‍රමයකම වාගේ ඉහලම තත්වයන් පවා පැරදවිය හැකි බවයි.....
දැන් රූපවාහිනියේ රෑ 9ට කතාවක් යනවා මහත්තයා “ ඉසිවර රණකෙලි “ කියල....එහිත් අංගම් ගැන කියවුනත්...එතන ඇත්තේද රඟපෑම හා හොඳ නාට්‍යයක් මිස සැබෑ අංගම්පොර නොවේ කියල මට හිතෙනවා...."

සියල්ලේ ඇරබුම සිදුවුයේ මෙයින් පසුවයි. එහිදී ඔහුගේ මෙම කමෙන්ටුව දමා තිබුනේ රිටිගල සුමේධ මයා හට අංගම්හොරු හෙළිදරව්ව  විසින් දමා තිබු පොස්ට් එකක් යටතේය. එහිදී මා වාද කරේ රිටිගල සුමේධ මයා ට මඩ ගැසූ ප්‍රකාශය සම්බන්දව නොවේ.  මා වාද කරේ මේ "සුකුමාල්" නැමැත්තාගේ "මා නැවති සිටි ගෙදර අංගම් පොර මාස්ටර් පැවසූවේ වෙනත් සටන් ක්‍රම ඉගෙන ගෙන නැවත අංගම්පොර ඉගෙනගන්නට නොහැකි බවයි....එසේම එහි පළමු පාඩමින් අනිත් සෑම සටන්ක්‍රමයකම වාගේ ඉහලම තත්වයන් පවා පැරදවිය හැකි බවයි....." යන ප්‍රකාශයට එරෙහිවයි. නමුත් ඉන් පසුව අංගම්හොරු හෙළිදරව්ව ද මොහුත් සමග එක් වී පදනම් විරහිත ගොන් තර්ක ඉදිරිපත් කරමින් මා හට මඩ ගැසීමට පටන් ගත්හ. මා කල එකම දෙයනම් සුකුමාල් නැමැත්තාගේ හා අංගම්හොරු හෙළිදරව්ව මගින් අන් සටන් කලා හෙළාදකිමින් කල ප්‍රකාශයන්ට එරෙහිව නැගී සිටීම පමණයි.
අංගම් සටන්කරුවෙකු පමණක් නොව සැබෑ සටන් ශිල්පියෙකුගේ ප්‍රධානතම ලක්ෂණයක් නම් ලොව පවත්නා වූ සියලු සටන් කලාවන් පිළිබද හොද දැනුමක් තිබීම සහ ඒවාට ගරු කිරීමයි. නිවැරදි සටන් ශිල්පියා කිසිදු අවස්ථාවක සටන් කලාවන් සංසන්දනය කිරීමට නොයයි. විශේෂයෙන්ම සැබෑ අංගම්කරුවෙකු එසේ නොකරයි. ලොව කිසිදු දුර්වල සටන් කලාවක් නොමැති අතර දුර්වලබාවය හෝ ප්‍රබලත්වය රදා පවතින්නේ සටන් කරුවාගේ ශිල්පීය දක්ෂතාවය මත පමණි. එමෙන්ම දුර්වල ක්‍රම සටන් කලාවක් බවට පත් නොවේ. විවිධ සටන් කලා නිර්මාණය වී ඇත්තේ විවිධ අවශ්‍යතාවයන් අනුවයි. ඉන් කීපයකට නිදසුන් පහත වේ.

*ත්සුමෝ- අධික බරක් සහිත යෝදයන් වැනි පුද්ගලයන්ට මෙම ශිල්පය වඩාත් යෝග්‍ය වේ
*තායි කුවාන් ඩො- මෙය කොරියානු සටන් කලාවකි. මොවුන් කුඩා ඉන ප්‍රදේශයක් සහිත නිසා එම ජීව විද්‍යාත්මක කරුණ උපයෝගී කරගෙන වේගවත් ක්ෂණික පා පහරවලින් සමන්විතව මෙම සටන් කලාව නිර්මාණය වී ඇත.
*කපුවේරා- අප්‍රිකානු ජාතිකයන්ගේ ඉන ඉතා පළල් වන අතර එම ජීව විද්‍යාත්මක කරුණ  පදනම් කරගෙන පිනුම් පැනුම්, පොර බැදීම්, අත් පහරවලින් සහ ඉතා ශක්තිමත් පා පහරවලින් මෙම සටන් කලාව සැකසී ඇත. Hip Hop නැමැති නර්තන ශිල්පයද නිර්මාණය වී ඇත්තේ මේ ඇසුරෙනි.
*අංගම්පොර- සිංහල ජාතිය අතීතයේ ඉතා ජව සම්පන්න ජාතියක් විය. වර්තමානයේ මෙවන් මොලේ අමාරුකාරයන් සිටියත් අල බතල කා හැදෙන ජවසම්පන්න සිංහල කොල්ලන් තවමත් සිටී. ඔවුන්ගේ  එම අසීමිත ජවසම්පන්න බාවය අරබයා ප්‍රධාන වශයෙන් මෙම සටන් කලාව නිර්මාණය වී ඇත.
*වින්ග් චුන්ග් කුන්ග් ෆු- මෙහි නිර්මාතෘ කාන්තාවකි. "ශක්තිවන්තයා ප්‍රබලයා" යන සංකල්පය බිදිමින් එනම් මෙම සටන් කලාව ප්‍රධාන වශයෙන්  ශාරීරික ශක්තිය අඩු පුද්ගලයන්ට වඩාත් යෝග්‍ය වේ.

බුද්ධිමත් පාටක ඔබට සියලු සටන් කලා එක ලෙස වැදගත්වන්නේ ඇයිදැයි ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට මා ඔබට දුන් මේ නිදසුන් කීපය සෑහේ යැයි සිතිමි.

මා අංගම් හොරු හෙලිදරව්වේදී තර්ක කලේ මේ කරුණු කාරණා පිලිබදව වන අතර මා කිනම් අවස්ථාවක දේශීය අංගම් සටන් කලාවට ගැරහෙව්වේ නැත. මා ප්‍රධාන වශයෙන් හදාරන්නේ "ඔකිනාවා ශෝරින් රියු  කරාතේ" ශිල්පය වන අතර ලොව සටන් කලා ගවේශකයෙකු ලෙසද මම ක්‍රියා කරමි. එමෙන්ම මම විශ්වීය සටන් කලාවට ගරු කරන්නෙක් වෙමි. එනමුත් මේ "මානසික රෝගී අංගම්හොරු හෙළිදරව්කාරයා" සහ ඔහුට ප්‍රධාන වශයෙන්ම ගොට්ට අල්ලන "සුකුමාල්" නැමැත්තා විශ්වීය සටන් කලාවට නිගරු කරමින් "නිර්මල වූ අංගම් සටන් කලාවද අමු අමුවේ දුෂණය කරයි".

උපන් ගෙයි මෝඩයෙකු වන "සුකුමාල්" නැමැත්තා සමග මා කල වාදයේ අවසාන බාගයයි මේ.

  • Shorin Ryu (මම): ඔබගේ ඔය ගතිය මුඛරිකම නම් නොවේ. ඕකට කියන්නේ 'වාචාලකම' කියායි. මම එක් වරකුත් කිව්වා ඔබ වැනි මුඩ පුගලෙක් සමග නැවත නැවතත් වාද නොකොට ඔබ වැනි මුඩයෙක් වෙන්නේ නැති බව. එහෙත් මගේ අවසාන කමෙන්ටුව ලෙස මෙය ඉදිරිපත් කරන්නම්. මං කිසිම තැනක අපේ දේ අගය නොකට එයට ගැරැහෙව්වේ නෑ. හැකිනම් සාක්කි ඉදිරිපත් කරනු. මා ඔබට නැවත වරක් තරයේ පවසනවා. මා හට නිකරුනේ චෝදනා කිරීමෙන් වැලකින්න!! තවද ඔබ සැබෑ අංගම් කරුවෙක් නොවන බවද දැන් මොනවට පැහැදිලි වේ...
    November 26 at 9:25pm · Like · 2


    • Sukumal Harischandra: වාචාලකම හා බැඳුනු මෝඩකම ඇත්තේ කාටද කියල ඔබම සිතන්ට...මා අංගම්පොර සටන් කරුවෙකු ලෙස කොහේවත් මා පවසලා නෑ....එයින්ම ඔබේ වටහා ගැනීමේ තරම පැහැදිලියි....(තමන්ගේ කමෙන්ට් එකට ලයික් කරගන්නෙත් ඒක වෙන්නැති)
    පිට දේ අපේ දේට වඩා ඉහලින් සලකන පරගැති මානසික තත්වය ඇත්තේ ඔබටද මටද මහත්තයා ?

    අංගම්හොරු හෙළිදරව්ව පවා පවසන අන්දමට සැබෑ සටන්කරුවෙකු පින්තූරයක් බලා නිගමනය කලා නොහැක. මම ඉහත පරිදි පැවසූවේ මුලදීම ඔහු අංගම්පොර මාස්ටර්ගේ කතාව දැමු නිසාය. නමුත්  මීට අනුව අවසානයේදී "සුකුමාල්" අංගක්කරුවෙක් නොවන බව මහා ගොන් පාර්ට් එකක් දමා ඔහුම පිළිගනී. එසේනම් මොහු මුලදී සදහන් කරනු ලැබූ අංගම්පොර මාස්ටර් ගේ ගෙදර ඉදන් පොල් ගෑවාද???????

    මෙම ප්‍රශ්නයේදී පුදුමසහගත සහ ඇත්තවශයෙන්ම කිවහොත් හෙන ගහන ක්‍රියාව වන්නේ මොවුන් මාව පරගැති විජාතිකයෙකු ලෙස හංවඩු ගැසීමයි. මේ සියල්ල දෙස ඉතා සාවදානව බලා සිටි ශ්‍රී ලංකාවේ අති දක්ෂ මෙන්ම ප්‍රසිද්ධ වින්ග් චුන්ග් කුන්ග් ෆු ආචාර්යවරයෙක් වන සිෆු ප්‍රමිල් මහතා http://www.facebook.com/premil.naveendra "කවුද හරි?? නොව කුමක්ද හරි ??" යන කියමන සනාථ කරමින් කරුණු දක්වමින් මට මහත් යෝධ සවියක් වෙමින් මා දිරිමත් කරමින් මේ මුග්ධයන්ගේ පුහු තර්ක බිදහෙලමින් කරුණු ඉදිරිපත් කලේය. ඉන්පසුව දේශීයත්වයට සැබෑ ලෙසම ආදරය කරන, එමෙන්ම විශ්වීය සටන් කලාවට සැබෑ ලෙසම ආදරය කරන සටන් ශිල්පීන් වන නොවන බුද්ධිමත් පිරිසක් මා වටා එකතු විය. අප සියලු දෙනාගේම තර්ක හමුවේ කිපුණු අංගම්පොර හෙළිදරව්ව කරන මානසික රෝගීයා ඔහුගේ ප්‍රබුද්ධ භාෂා ශයිලය වෙනුවට ශුද්ධ සිංහල භාවිතා කිරීමට පටන් ගත්තේය. ඉන් පසුව මේ ගොන් නාම්බා අපට "සුමේධගේ සහචරයන්" යන ලේබලය ගසා බ්ලොක් කරන ලදී. ඇත්තවශයෙන්ම මේවට කියන්නේ නපුංසක වැඩ කියාය. මට සිතෙනා අන්දමට අංගම් පොඩි සහ ඔහුගේ ගව රැල ගොස් ඇත්තේ, යන්නේ 'අංගම්මන සුමන මධ්‍ය මහා විද්‍යාලයට' විය යුතුය.

    ඇත්තවශයෙන්ම කිවහොත් මම එකම එක තැනකදී මේ මානසික රෝගියාට ස්තුතිවන්ත විය යුතුය. ඒ මන්දයන් සිෆු ප්‍රමීල් වැනි ශ්‍රේෂ්ඨයන් මට හදුනාගැනීමට හැකි වුයේ මෙම සිද්ධියෙන් පසුවය. එම නිසා ඉදිරියේදී අප සියල්ලම එක කණ්ඩායමක් මෙන් එක් වී මෙවන් හොරුන්ගේ රෙදි ගැලවීමට සුදානමින් සිටිමු.

    http://www.facebook.com/photo.php?fbid=187053368050968&set=a.109498969139742.18463.100002389187044&type=1&theater මෙහිදී මෙම නපුන්සකයා මම සුමේධගේ සහචරයකු බවට පෙන්නවීමට දත කයි. ඇත්තවශයෙන්ම මම සුමේධ මහත්මයාගේ fb friend කෙනෙක් බවට පත්වන්නේ  1st Thursday, December, 2011  at 14:12 මොහොතෙයි.එනම් අංගම් හොරු හෙළිදරව්ව සිදු කරනා නපුංසකයා මා බ්ලොක් කිරීමෙන් අනතුරුවය. රිටිගල සුමේධ මහත්මා ඉතා දක්ෂ සටන් කරුවෙකු බව ඔහු ශාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. ඔහු මෙම නපුංසකයා මෙන් හැංගි හැංගි මඩ නොගසා ඒවායින් නොකිපී නිහැඩියාව රැකීමේ ගුණයම ඉතාමත් අගය කල යුතුය. මට මෙතුමාට fb request එකක් යැවීමට එයම ප්‍රමාණවත් උනි. එසේ නැතහොත් මා මේ වනතුරු එතුමාව පියවි ඇසින් දැක නොමැත.

    මේ අංගම් හොරු හෙළිදරව් හොරා අංගම් පොඩි  සහ ඔහුගේ ගව පට්ටියේ ගොන්ම කතාව වන්නේ මහා සටන්කරු Bruce Lee තමන්ගේ ජීවිතයේ එකදු සැබෑ සටනකටවත් මුහුණ දී නැති බව පැවසීමෙනි.  Bruce Lee සැබෑ සටන්කරුවෙක්ද නැද්ද යන වග මා දැන් පැහැදිලි කිරීමට ගියහොත් එය බුද්ධිමත් ඔබව හෑල්ලු කිරීමක් වනු ඇත. ඒ මන්දයත් විශ්වීය සටන් කලාවේ විප්ලවීය වෙනසක් කල මේ අද්විතීය පතාක යෝධයා පිලිබදව සටන් කලා ශිල්පීන් පමණක් නොව සාමාන්‍ය දැනීමක් ඇති ඕනෑම අයෙකු දන්නා නිසාය.

    මා මගේ ලිපිය මේ තර්කයෙන් අවසන් කරන්නෙමි. 30 වසරකට ආසන්න කලක් පැවති යුද්දය අවසන් කිරීමට උර දුන් සෙබළුන් අතරේ කමාන්ඩෝ සෙබළුන්ට ලබා දුන්නේ එමෙන්ම දැන් දෙන්නේද වින්ග් චුන් කුන්ග් ෆු සටන් පුහුණුවයි. මන්ද අංගම් පොඩි ඔබ ඔවුන්ට ඔබේ මේ අද්වතීය ශිල්පය නොදුන්නේ?? ඔබ සැබෑ අංගක්කරුවෙක් යැයි පිස්සුවට මෙන් සිතමු. එසේනම් ඇයි ඔබ ඔබ යුදයට නොගියේ?? ඔබගේ යුදයට නැති කඩුව කොස් කොටන්නද????????

    ~මෙම වටිනා ලිපිය බොරුවට අකමැති ඔබ සියලු දෙනාටමයි. කරුණාකර මෙය share කරන්න. ඔබේ මිතුරන් දැනුවත් කරන්න.    ඔබට පින්!!~
                                                                   තෙරුවන් සරණයි!!!!!!
                                                                                              මීට,
                                                                                                  -සටන් කලා ගවේශී ශෝරින් රියු.
                                                         සැබෑ දක්ෂයා නිහඩය.






    Saturday, December 24, 2011

    යුධ සටන් කලාවේ ඉතිහාසය මානවයාගේ ආරම්භය තෙක්ම දිව යන්නේය. අවට සිටින සතුරන්ගෙන් තම දිවි බේරාගැනීම, රැහේ නායකත්වය සදහා සටන් වැදීම යන මුලික කරුණු පාදක කොට ගෙන බිහි වූ සටන් කලාව මානව පරිණාමයේ මහත් වූ විප්ලවයක් සිදු කල වැදගත් සාධකයකි. පුරාවිද්‍යාත්මක කැනීම් මගින් හමු වූ ප්‍රාග් මානවයා විසන් භාවිතා කරන ලද ගල් ආයුධ සහ වෙනත් ආයුධ මගින් ඔවුන් සතුව තිබූ සටන් දැනුම මොනවට විදහා පායි.
    ඒ කෙසේ නමුත් විශ්වීය සටන් කලාවේ නිල උත්පත්තිය සිදුවන්නේ චීනයේ ෂාඕලින් ආරාමය තුලයි. ඒ මන්ද, නිසි ප්‍රමිතීන් සහිතව ලොව වැඩිම සටන් කලා බිහි වූයේ මෙම ආරාමය තුලින් වීමෙනි. ඉන්දියාවේ විසූ බෝධි ධර්ම හිමි බුදු දහම ප්‍රචාරය කිරීම වස් චීනයට වැඩම කල අතර එහි එවකට සිටි පාලකයාට එම දහම තේරුම් ගැනීමට නොහැකි වූයෙන් උන් වහන්සේ චීනයේ වත්මන් ෂාඕලින් ආරාමය පිහිටි ප්‍රදේශයට වැඩම කළේය. මෙහිදී, උන්වහන්සේ යටතේ පැවිදි වූ භික්ෂූන්ට අධික ලෙස භාවනායෝගීව සිටීමට සිදු වූ හෙයින් ඔවුන්ට විව්ධ ශාරීරික දුර්වලතා ඇති විය. එම දුර්වලතා මග හරවාලීම සදහා බෝධි ධර්ම හිමියන් විසින් එම  භික්ෂූන්වහන්සේලාට ව්‍යායාම් ක්‍රම කීපයක් මිශ්‍රිත 'අයි චී වින්ග්' නැමැති සටන් ක්‍රමය උගන්වන ලදී. මෙම සටන් ක්‍රමය බෝධි ධර්ම හිමි සිය උපන් රටෙහිදී ඉගෙන ගත් සටන් ශිල්පයකි.

    ටික කලක් යන විට මෙම භික්ෂූන්වහන්සේලාට විව්ධ උපද්‍රවවලට මුහුණ දීමට සිදු විය. බවුන් වැඩීමේදී උන්වහන්සේලා වැඩිපුරම සිටියේ අරණ්‍යවාසීවයි. මෙහිදී උන්වන්සේලාට වන සතුන්ගෙන් හා සොර සතුරන්ගෙන් විවිධ ප්‍රහාර එල්ලවීමට පටන් ගත්හ. මේවායින් බේරීම සදහා උන්වහන්සේලා ඉගෙනගත්  ව්‍යායාම් ක්‍රම කීපයක් මිශ්‍රිත 'අයි චී වින්ග්' සටන් ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් දියුණු වී අවසානයේදී ඉතා දියුණු සටන් ක්‍රමයක් බිහිවිය. එය වර්තමානයේදී හදුන්වන්නේ 'ෂාඕලින් කුන්ග් ෆු' නමිනි. 'කුන්ග් ෆු' යනු 'යමක නිපුණ' යන්නයි. මෙම අති දියුණු සටන් කලාව ඉතා දීර්ඝ කාලයක් ඉතා රහසිගතව මෙම භික්ෂූන්වහන්සේලා අතරම පමණක් පැවති අතර ආරාමය අවට සිටි වැසියන්ට විවිධ සොර සතුරු උවදුරුවලට මුහුණ පෑමට සිදුවූ හෙයින් මෙම මාහැගි සටන් කලාව ලොවට විවර විය.
    විව්ධ කාලවලදී ෂාඕලින් ආරාමය ට විවිධ උපද්‍රව පැමිණි මුත් අද දක්වාම එය නොනැසී පවතින්නේ එහි වෙසෙන ෂාඕලින් භික්ෂූන්වහන්සේලාගේ අපරිමිත වීර්ය සහ කැපවීම නිසයි.
    අද වන විට ලොව සෑම රටකම පාහේ ඔවුන්ටම ආවේනික වූ සටන් ක්‍රම ඇති වුවත් ඒ බොහොමයක් සටන් ක්‍රමවලට ලැබී ඇත්තේ ෂාඕලින් ආභාෂයයි. එමෙන්ම විශ්වීය සටන් කලාවේ පියා ලෙස සැලකෙන්නේ 'බෝධි ධර්ම' හිමියි. ඒ මන්ද, විශ්වීය සටන් කලාවේ ප්‍රගමනයට ඉමහත් සේවාවක් උන්වහන්සේ විසින් සිදුකර ඇති බැවිනි.