ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Tuesday, May 1, 2012

මෙන්න වින්ග් චුන් කාරයෙක් ඇත්ත ෆයිට් එකකදී බිම වැටෙන්නම කනවෝ......
A GREAT TREAT to A POOR WING CHUN BY an ultimate BAK MEI KUNG FU fighter.!!!!!

N.B. Before you watch the video, please read this post!!!!!

ආයුබෝවන් ඔයාලා හැමෝටම!!!

මොකක්ද බොලේ මේ?? මේකේ හෙඩින් එක දැක්ක ගමන්ම ඔයාල ඩිම් උනා නේද??? මේ වීඩියෝ එකේ ඉන්න වින්ග් චුන් කාරය බිම වැටෙන්න කන්නේ 'බැක් මෙයි කුන්ග් ෆු' කරයෙක්ගෙන්.

මොකක්ද මේ 'බැක් මෙයි කුන්ග් ෆු' කියන්නේ? ඉංගිරිසියෙන් ලියන  'Bak Mei Kung Fu', සිංහලෙන් කියන කොට පොඩි පොඩි කේස් තියෙයි. මොකද සමහරක් අය මේකට 'බක් මෙයි' කිව්වත් අපිට එක පාරටම තර්ක කරන්න අමාරුයි. මොකද

කරාතේ වලට කරාටේ,
කපුවේරා වලට කපේරා, කැපොයිරා වගේ විවිධ විදියට අපේ උන්දැල වචන උච්චාරණය කොරනවා නොවැ?? මං මෙතන මේකට 'බැක් මෙයි' කියල කියන්න තීරණය කරේ අපි 'Ong Bak' උච්චාරණය කොරන්නේ 'ඔන්ග් බැක්' කියල. (නමුත් නියම තායි ෆිල්ම් එකේ මට ඕක ලාවට කන වැකිලා තියෙනවා 'ඔන්ග් බක්' විදියට.)

හරි හරි. 'බක්' හරි 'බැක්' හරි. අපි දැන් අපි අපේ ටොපික් එකට එමු. මොකද්ද එතකොට මේ 'Bak Mei Kung Fu?'

මේ ආර්ට් එකෙත් නිජබිම ඇවිල්ල චීනයේ ශාඔලින් ආරාමය. කොටින්ම කිව්වත් මේ ආර්ට් එක 'වින්ග් චුන් කුන්ග් ෆු' වලට නෑකම් කියනවා. කවුරුහරි 'වින්ග් චුන් කුන්ග් ෆු' කියන්නේ 'ලේඩිස් ආර්ට්' එකක් කියනවනම් 'බැක් මෙයි කුන්ග් ෆු' කියන්නේ ඒකේම 'ජෙන්ටල් ආර්ට්' එක කියල කිව්වත් වැරදි නෑ.

අපි දැන් මේක ගැන කිමිදිලා විස්තර හොයමු. ඔයාල මේ ලිපිය කියවන්න කලින් මෙන්න මේ ලිපිය සුටුස්‌ ගාලා කියවන්න. කියවල තියෙනවනම්, එව්වා ඔලුවේ තියේ නම් අයෙ කියවන්න ඕනේ නෑ.

මේකෙන් යන්න ..... http://reilusmh.blogspot.com/

දැන් මං හිතනවා ඔයාලගේ ටිකිරි මොලේට යමක් වැටහුනා කියල මේ 'බැක් මෙයි කුන්ග් ෆු' ගැන. තේරුනේ නැත්නම් අවුලක් නෑ. මං පහදන්නම්......

ඔයාල දන්නවනේ කෙටියෙන් හෝ ශාඔලින් පුරාවෘත්තය. හෆ්ෆට සිරි! ඒක කිව්වහමයි මතක් උනේ. මං පොරොන්දු උනා නේද ඔයාලට 'ශාඕලින් පුරාවෘත්තය' නමින් ලිපියක් දානවා කියල??? දාන්නම් දාන්නම්. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි. මේ පොඩි ලිපිය ලියන්නත් හෙන වෙලා යනවා. ඒකට දවස් ගානක් යයි ඉතින්.

හරි. ඒ මොනවා උනත් මං කෙටියෙන් පහදන්නම්කො. ශාඕලිං ආරාමය කියල අපි කිව්වට ඒක ආරාමයක් විතරක් නෙමෙයි. චීනයේ විප්ලවවාදී රණවිරුවක් බිහි කරපු රහසිගත පුහුණු කදවුරක්. ඕකේ උගන්වපු සටන් කලාව, වර්තමානයේ හදුන්වන 'ශාඕලින් කුන්ග් ෆු' කියන ශිල්පයේ සිලබස් එක අවම වශයෙන් අවුරුදු 15ක් 20ක් විතර වෙනවා. ඉතින් දිගින් දිගට ආ යුධ තත්ත්වය යටතේ කෙටි කලක් තුල අති දක්ෂ රණවිරුවක් විශාල සංඛ්‍යාවක්‌ යුධ පිටියට යවන්න අවශ්‍ය උනා. ඉතින් ඒකට එක්කහු වෙනවා ඒ කාලේ ශාඕලින් ටෙම්පල් එකේ හිටපු අති දක්ෂතම කුන්ග් ෆු මහාචාර්යයවරු පස් දෙනෙක්. එයාලගෙන් පස් දෙනා එකතු වෙලා හදනවා මැක්සා ස්ටයිල් එකක්. එකේ සිලබස් එක කලින් සිලබස් ඒකෙන් හරියටම බාගයක කාලයක් තමා ගතවෙන්නේ. හැබැයි ශාඕලින් රණකාමීත්වය එලෙසම රැකෙන විදියට එයාල ඒක හැදුවා. හරියටම කිව්වොත් අවුරුදු 5ක්, 6ක් වගේ චූටි කාලයකින් නියම රණවිරුවෙක් බිහි කොරන්න පුළුවන් ස්ටයිල් එකක්. මුලදී මේක තෝරගත්ත students ලා කීපදෙනෙක්ට පමණක් මේ කුලුදුල් ශිල්පය පුහුණු කොරමින් ඉන්න සංදියේ ඒ කියන්නේ EXPERIMENT DURATION එකේදී ශාඕලිං ආරාමයට එතෙක් නොවූ විරූ දරුණු ඇ‍ටෑක් එකක් එල්ල වෙනවා.(1644–1912) ඒකෙන් පණ බේරගන්න අර උඩින් කිව්ව මහාචාර්යයවරු පස්දෙනා පස්පොලකට පලා යනවා. ඒකෙනුත් තුන් දෙනෙක්ට වෙච්ච දෙයක් ගැන චීන යුධ ඉතිහාසයේ සදහන් වෙන්නේ නෑ. කොහොම නමුත් ඔයිං දෙන්නෙක් ගැන පැහැදිලි සදහනක් තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි උක්ත මහාචාර්යයවරු පස්දෙනාගෙන් එකම කාන්තාව වූ 'නෙග් මුයි' මෙහෙණින් වහන්සේ. එතකොට අනෙක් කෙනා????? එයා තමයි 'බැක් මෙයි'. 'බැක් මෙයි' එයාගේ මහණ දම අයින් කරලා ජීවිතාරක්ෂාව පිණිස කෝකියෙක් විදියට වෙස් වලා ගන්නවා. දැන් අර ශාඕලිං ටෙම්පල් ඒකෙන් බිහි වුනු එහෙත් ලෝකයාට හෙළි නොවූ ප්‍රබල සටන් කලාව පැවැත්ම තීරණය වන්නේ මේ 'බැක් මෙයි' සහ 'නෙග් මුයි' යන දෙදෙනාගෙන් පමණයි.

කාලේ ඔහොම ගෙවිලා යද්දී 'නෙග් මුයි' එයාගේ වැඩ පටන් ගත්ත. එයා ඉගෙන ගත්ත ආර්ට් එක එයා තවදුරටත් ප්‍රගුණ කරගන්නවත් එක්කම ඒක තවත් වෙනස්කම්වලට භාජනය කරනවා. එයා මුලදී ඒක හදුන්වන්නේ 'නෙග් මුයි ෆා' කියල උනත් එයාගේ මුල්ම සිසුවිය වන 'යිම් වින්ග් චුන්ට' ඒක උගන්වන්නේ 'වින්ග් චුන් කුන්ග් ෆු' යන නමින්. 'වින්ග් චුන්' ඔහොම ගලාගෙන යද්දී අර 'බැක් මෙයි' ත් එයා ඉගෙන ගත්ත ආර්ට් එක තාම විශ්වාසය දිනාගත්ත උදවියට උගන්වනවා. ඒක තමයි මේ 'බැක් මෙයි කුන්ග් ෆු' කියන්නේ. ඒ කියන්නේ 'බැක් මෙයි කුන්ග් ෆු' වල නිර්මාතෘ ඇවිල්ල 'බැක් මෙයි'.

'වින්ග් චුන් කුන්ග් ෆු' වල මුල්ම කාලයේ ආයුධ තිබ්බේ නෑ. නමුත් 'බැක් මෙයි කුන්ග් ෆු' වල මුල් කාලේ පටන්ම ආයුධ තිබ්බා. ඔය වින්ග් චුන් වල ප්‍රසිද්ධ 'ලෝන්ග් පෝල්' එක එහෙම නැතිනම් 'දිග පොල්ල' එයාල ගත්තේ පස්සේ 'බැක් මෙයි කුන්ග් ෆු' වලින්. ඒ කියන්නේ ඒකේ නිර්මාතෘ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වන්නේ වින්ග් චුන්වලට නෙමෙයි බැක් මෙයි වලට. වින්ග් චුන්ලා ආයුධ ගන්නේ ප්‍රධාන වශයෙන්ම බැක් මෙයි වලිනුයි නැන්ග් චුන් වලිනුයි. නැතුව එයාල ගාව මුලින් තිබ්බේ ඒ නිරායුධ සටන් ක්‍රම පමණයි.

'බැක් මෙයි කුන්ග් ෆු' ඇවිල්ල බැලු බැල්මට 'වින්ග් චුන් කුන්ග් ෆු' වගේ පෙනුනත් ඒ දෙක අතරේ පැහැදිලි ලොකු වෙනසක් තියෙනවා. එයාලගේ ආර්ට් එකේ 'මාපු' ඒ කියන්නේ 'ඔරු පැදීමේ ඉරියව්ව' වගේ ඩීප් ස්ටාන්සස් තියෙනවා. (කරාතේ කොරන අය මේකට කියන්නේ 'කීබාඩාචි' එහෙම නැත්නම් HORSE RIDING STANCE කියල.)  (නෙග් මුයි ෆා වලත් මෙව්වා තිබ්බ.) තවත් කියනවනම් 'බැක් මෙයි' වල අර ශාඕලින් කුන්ග් ෆු වල තියෙන හාර්ඩ් ගතියත් ටිකක් පේන්න තියෙනවා. කොහොමත් මුලින්ම අර EXPERIMENT DURATION එකේ තිබ්බ ආර්ට් එකෙත් ඒ ලක්ෂණ තිබිල තියෙනවා. ඒ අනුව බලන කොට 'වින්ග් චුන්' වලට වඩා 'ශාඕලිං අභාෂය' දිගටම රැකගෙන ඉදිරියට එන්නේ 'බැක් මෙයි කුන්ග් ෆු'.

මේ බැක් මෙයි කියන එකේ ඉංගිරිසි තේරුම තමයි 'White Eyebrows'. ඒක සිංහලෙන් කිව්වොත් 'සුදු ඇස්බැමි'. මේක තව Pai Mei, Pak Mei කියන නම්වලිනුත් හදුන්වනවා. මේක වින්ග් චුන් වගේම ප්‍රහාරාත්මක සටන් කලාවක්. ඒ විදියම තමයි මේකත් ස්පෝර්ට් එකක් විදියට කොරන්න බෑ. මං හොයල බලන විදියට වින්ග් චුන්ලට මෙතෙක් හොද අභියෝගයක් එල්ල කරපු, කරන ආර්ට් එකක් තමයි 'බැක් මෙයි කුන්ග් ෆු' කියන්නේ. ඒ කියන්නේ වින්ග් චුන්ලා හිටන් ටිකක් ටොයින් ටොයින් ගානවා මෙයාලත් එක්ක ෆයිට් එකක් එනකොට. :D


පහුගිය දවස්වල මම එක දිගට වීඩියෝස් දැම්මනේ වින්ග් චුන් කාරයෙක් එක දිගට අනිත් ආර්ට් වල උන්ට නෙලනවා. අන්න ඒ විඩියෝස් අප්ලෝඩ් කොරපු ගොයියම තමයි මෙන්න මේ 'බැක් මෙයි කුන්ග් ෆු කාරයෙක්ගෙන් බිම වැටෙන්න ගුටි කන වින්ග් චුන් කාරයෙක්ගේ' මෙන්න මේ අලුත්ම අලුත් වීඩියෝ එකත් දාල තියෙන්නේ....


අන්තර්ජාලයේ මේ වෙනකල්ම කිසිම තැනක 'බැක් මෙයි කුන්ග් ෆු' ගැන සිංහලෙන් සදහන් එකම ලිපියක් වත්, වීඩියෝ එකක්වත්, අඩුම තරමේ පොඩි විස්තරයක්වත් නෑ. සරල භාෂාවෙන් උනත් මං මේ ඔයාලට කියල දුන්න 'බැක් මෙයි කුන්ග් ෆු' ගැන විස්තරාත්මකව. පළමුවැනි වතාවට 'බැක් මෙයි කුන්ග් ෆු' ගැන සිංහලෙන් විස්තරාත්මක සදහනක් කරේ 'ශෝරින්-රියු' වන මම. මේ සටන් කලාව වින්ග් චුන් වගේ ජනප්‍රිය නෑ. ලංකාවේනම් හුගක් අය මෙහෙම එකක් තියෙනවද කියලවත් දන්නේ නෑ. ලංකාවේ හුගක් අය වින්ග් චුන් ගැන දැනගත්තෙත්, පස්සේ ක්ලාස් කොරන මාස්ටර්ස්ලත් බිහි වුනේ 'අයි පී මාන්' චිත්‍රපට මාලාව ආවට පස්සේ. තාම 'බැක් මෙයි කුන්ග් ෆු' වලට එහෙම උනේ නෑ. මේ සම්බන්ධවත් ෆ්ලිම් ගොඩාරියක් තියෙනවා. හැබැයි එච්චර ජනප්‍රිය නෑ. හෙන පරණ ෆිල්ම් සෙට් එකක්. හැබැයි 'අයි පී මාන්' වගේ ජනප්‍රිය වෙන චිත්‍රපටයක් අවොත් ඊට පහුවදාම 'බැක් මෙයි කුන්ග් ෆු' මාස්ටර්ස්ලා බිහි වෙයි.

*******මෙම ලිපියේ සියලු අයිතිය හා වගකීම ශෝරින්-රියු ඇවිරිණි!*********

සැ.යු. FB SHARING හැරුනුකොට මෙහි සදහන් කිසිදු කරුණක් කතෘගේ අනවසරයෙන් මොනම අයුරකින් මොනම ස්ථානයක පල කිරීම තහනම්!!!

මං මේ කියන කතාව ඇත්තනම් මේක ඔයාලගේ යාලුවන්ටත් දෙන්න!!!!!


ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!! 
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.

Monday, April 30, 2012

Wing Chun Vs Karate


හැමෝමට ආයුබෝ වේවා කියන අතරේ කියන්න ඕනේ අද මං ඔයාලට ගේන්න හිතං හිටියේ 'ඇන්ඩර්සන් සිල්වා' ගැන. නමුත් ඊට කලින් මට හම්බවුනා තවත් ගින්දර වීඩියෝ කෑල්ලක්. මේ දිනවල මම තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා මේකේ මාගේ පෝස්ට් දැමීම ටිකක් ප්‍රමාද වෙනවා. ඒ කොහොම වෙතත් මං ඇන්ඩර්සන් ගැනත් අද දවස ඇතුලත ඔයාල කියවිය සහ බැලිය යුතුම දෙයක් දාන්නම්.

ඒ මොනවා උනත් කෙලින් හිටගන්න බැරි උනත් අද ප්රෙමිල් සිෆුගේ පන්ති යන්න මාර මොරාල් එකක් මට ආවේ මේ එක දිගට හම්බවෙන වීඩියෝ නිසා. ඊයේ ප්රෙමිල් සිෆු මට දුන්නනේ මුයේ තායි කොල්ලෙක් වින්ග් චුන් වැඩර් කෙනෙක්ගෙන් හම්බානෙකට කන සීන් එකක්. අද මට හම්බ උනා (මං හිතන්නේ ඒ ඩයල් එකම තමයි) වින්ග් චුන් කාරයෙක් කරාටේ කළුපටිකාරයෙක්ට බිම දාගෙන ගහන වීඩියෝ එකක්.

අනේ දෙයියනේ මං මේක කියවන බලන ඔයාල හැමෝටම කියන්නේ මං හදන්නේ වින්ග් චුන් තමා සුපිරි කියල පෙන්වන්න යන්නේ නැති බව. මොකද කියනවනම් මගෙත් පදනම් ආර්ට් එක තමයි කරාතේ. ඒකෙන් තමයි මම මේ නික් නේම් එකත් දාගත්තේ. ඒ මොනවා උනත් මේක ප්‍රජාත්‍රන්තවාදී වෙබ් අවකාශයක්. ඕන කෙනෙක්ට ඕන මතයක් දැරීමේ අයිතිය මේකේ තියෙනවා. ඉතින් මේ මාගේ මත. එව්වට හරස් කපන්න සක්කරයාගේ පුතා වයිමටවත් බෑ.

Link to the video : http://www.youtube.com/watch?v=1f7td8Hc-V4&feature=relmfu

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.

Wing Chun Vs Muay Thai





අද මං මේ කියන්න යන කාරණේට කලින් ඔයාලට කියන්න ඕනේ මං මේ විස්තරේ සහ වීඩියෝ එක දන්නේ 'වින්ග් චුන් තමා සුපිරි' කියල පෙන්වන්නට නෙමෙයි බව. නමුත් මට හිතෙනවා අන්තර්ජාලයේ පලවන බොහොමයක් විඩියෝවලින් 'වින්ග් චුන්' වලට යම් අපහාසයක් වෙලා තියෙනවා කියල. දැන් මේකේ ඉන්න MMA සහ Muay Thai රසිකයෝ මං මේ කියන දේට තරමක් විරුද්ධ වෙන්නත් පුළුවන්. නමුත් මේක මගේ මතය.
අපි බලන බලන වීඩියෝ එකක් ඇත්නම් එකේ තියෙන්නේ වින්ග් චුන් fighter කෙනෙක් අන්තිමේට MMA or Muay Thai fighter කෙනෙක් ගෙන් හම්බානෙකට කන සිද්ධියක්නේ???
ඉතින් ඔව්වා බලන අන්තර්ජාල යතුරුපුවරු සටන්කරුවෝ කියන්නේ 'මේ ගැනියෙක් හදපු වින්ග් චුන් මෙලෝ රහක් නෑ. ඔව්වා ප්‍රායෝගික නෑ. Not effective in a real fight situation' වැනි කතානේ????
නමුත් ඔවුන් කියන එක දෙයකට මමත් එකගයි. මොකක්ද, වින්ග් චුන් කවදාවත්ම රිංග් එකට ඇප්ලයි කරන්න බෑ. ඒ මොකද මං එහෙම කියන්නේ රිංග් එකේදී MMA or Muay Thai fighters ලා ෆයිට් කරන්නේ එයාලගේ strategies වලට වගේම ඒ ෆයිට්ස් වලදී වින්ග් චුන් සටන්කරුවාටත් ෆෝර්ස් කරන්නේ ඒ විදියට ෆයිට් කරන්න. ඒක කොයි තරම් අසාධාරණද නේද????
මං ඔන්න ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් සරල උදාහරණයක් මගින් මං මේ කියන කතාව පැහැදිලි කරන්නම්කො.
ඔන්න දැන් TKD Vs Boxing match එකක් යන්නයි හදන්නේ. ඕක සංවිධායක මණ්ඩලය එක පාරටම අර TKD fighterට කිව්වොත් කික්ස් තහනම් කියල එයා කොයිතරම් අසරණ වෙනවද? මොකද ඇත්තවශයෙන්ම කියනවනම් එයාගේ ප්‍රධාන ආයුධේ නිකන් අහිමි කරා වගේ නේද??
අන්න ඒකම තමයි මේ හුගක් වින්ග් චුන් සටන්කරුවන්ටත් වෙන්නේ. එයාලගේ පරාසය ට්‍රැපින්. එයාල ඒ පරාසයට ඇතුල් වෙලා ශරීරයේ මධ්‍ය රේඛාව ප්‍රමුඛ කොටගත් පීඩිත ස්ථානවලට නොනවත්වා පහර දීම තමයි එයාලගේ ක්‍රමය. ඔහු ශරීරයේ ඇති නිල පද්ධතියට යොමුව ගන්න භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ අල්ල. ඉතින් මොකක්හරි glove එකක් දාපු ගමන් ඒකත් සුම්මා.
ඔන්න ඔය කිව්ව සරල කාරණාවලට අමතරව තවත් කාරණා රැසක් නිසා වින්ග් චුන්ලට රිංගවලට බහින්න බෑ. අනෙක විශේෂයෙන්ම ඔය ආර්ට් එක හැදුවේ රින්ග්වලට යන්න නෙමෙයි. සැබෑ සටනට. සැබෑ සටනට නීති නෑ. තියෙන එකම නීතිය තමයි කිසිම නීතියක් නෑ කියන එක.
නමුත් ඔය වින්ග් චුන්ලව දිගින් දිගටම කවුරුහරි හෑල්ලු කරනවානම් එයාලට ෆයිට් එකකට එන්න කියන්න. හැබැයි නීතිවලින් තොර සාධාරණ සටනකට. කවදාවත් වින්ග් චුන් කෙනෙක් ඒ එන ෆයිටර්ගේ strategies වලට නැතුව වින්ග් චුන් strategies වලට ඒ කියන්නේ REAL FIGHT strategies වලට සටන් කරොත් මෙන්න මේ මුයේ තායි කොල්ලා නස්පුක් වෙන්න කෑවා වගේ තමයි කන්නේ.

Link to the video : http://www.youtube.com/watch?v=jU8B6eNm2zs

වීඩියෝ ලින්ක් එක මට දුන්නේ සිෆු ප්රෙමිල් නවීන්ද්‍ර.

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.

Sunday, April 29, 2012

Mas Oyama's colorful photo.
http://www.facebook.com/photo.php?fbid=275005892593478&set=a.190945170999551.43953.190402481053820&type=3&theater
පාසල් සටන් කලා ක‍්‍රිඩාවට චක‍්‍රලේඛයක්

පාසල් සටන් කලා ක‍්‍රිඩා පවත්වාගෙන යාමේ දී පිළිපැදිය යුතු කරුණු ඇතුළත් ලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සුදානම් කරයි.
සටන් කලා ක‍්‍රිඩා තුළින් පාසල් ක‍්‍රිඩකයන්ට ඇතිවන ජිවිත අවදානම අහෝසිකිරිම මෙහි අරමුණ වී තිබේ.
කරාටේ, ජුඩෝ, මල්ලවපොර, බොක්සිං, වුෂු සහ ටයිකොන්ඩෝ ක‍්‍රිඩා පුහුණුව හෝ තරගාවලි යම් පාසලක පවත්වන්නේ නම් ක‍්‍රියාකල යුතු ආකාරය චක‍්‍රලේකය මගින් පාසල් ප‍්‍රධානීන් ට අවබෝධ කර දෙනු ඇත.
පසුගිය කාලයේ සටන් කලා ක‍්‍රිඩා සම්බන්ධයෙන් ඇතිවු සිද්ධි පිළිබද සිදුකළ පරික්‍ෂණවලින් පසු යෝජනා වී ඇත්තේ සටන් කලා ක‍්‍රිඩා පිළිබද විධිමත් ක‍්‍රිමවේදයක් ඇති කිරිම වඩාත් යෝග්‍ය බවයි.
පුහුණුකරුවන්ට තිබිය යුතු සුදුසුකම් හා පුහුණු කටයුතු සිදුකරන ආකාරය අධිරක්‍ෂණය කිරිම කලාප, පළාත් හෝ අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රිඩා විෂය පිළිබද නිළධාරියෙකු යටතේ සිදුවිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේය.
සටන්කලා පිළිබද චක‍්‍ර ලේඛය කඩ කරන පාසල් ප‍්‍රධානීන්ට හා ක‍්‍රිඩා ගුරුවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ද අධ්‍යාපන අමාත්‍යංශය බලපාරොත්තු වෙයි.

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.
දුටුගැමුණු රජුගේ කඩුව ගෙන සදා රජකමේ සිටින්නට වෙර දරන ඒකාධිපති පරයා......

*******මේක පරණ පුවතක්. ඒත් මේක ආයෙත් මතක කරලා දෙන්න මම හිතුවේ අපි සිරිලක් වැසියන්ට කිසිම දෙයක් සතියකට වඩා මතක තියෙන්නේ නැති නිසා.******

කෝට්ටේ සංඝ ඝාතනය මරාට ඇති රජවරුන්ගේ කඩු මේනියාවේ වැඩක්------

(ලංකා ඊ නිව්ස් -2012.මාර්තු.22, පෙ.ව.3.30) කෝට්ටේ රජ මහා විහාරස්ථානයේදී සිදුකළ සංඝ පීතෘවරුන් දෙපොලගේ ඝාතනය කෝට්ටේ සපුමල් කුමරුට අයත්ව තිබූ මැණික් ගල් ඔබ්බවන අනුහස් සහිත මගුල් කඩුව සොරකම් කිරීමේ අරමුණින් විහාරස්ථානයට පැමිණි දේශබන්දු දේශමාන්‍ය ගරුනම්බු වලින් පිදුම් ලත් දේශපාලන අනුහස් සහිත පුද්ගලයෙකු විසින් කරන ලද්දක් බව මේ වන විට හෙළි වී තිබේ.

මොහු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු මහරගම සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති වරයා වන බවත් ඉහල පොලිස් නිලධාරීන් සහ පාලක රෙජීමයේ ඉහලම දේශපාලනඥයන් ඉතා ලඟින් ඇසුරු කරන අයෙක් බවත් පැවසේ. මොහු ගලිගමුව පැත්තේ විහාරස්ථානයක බස්නායක නිලමේ වරයෙක් ද වේ. මෙම සැකකරු පෞද්ගලික බැංකුවක ව්‍යාපෘති කළමනාකරුවකු බවද පැවසේ.

කඩු සොරකම වැරදී යාමෙන් පසු භික්ෂූන් දෙනම ඝාතනය කර ඇති බවත් ඒ සඳහා දෙදෙනෙක් පැමිණ ඇති අතර එක් සැකකරුවෙක් පලා ගොස් ඇතැයිද පැවසේ.

සත්‍ය වශයෙන්ම කෝට්ටේ සපුමල් කුමරුට අයත්ව තිබූ මැණික් ගල් ඔබ්බවන අනුහස් සහිත මගුල් කඩුව ඇත්තේ මෙම පුරාණ රජ මහා විහාරයේ ආරක්ෂිත සේප්පුවකය. ඊට විදුලි සැර ආරක්ෂාවක්ද සපයා තිබේ.

ඊයේ බල්ලන් ඉව කිරීමෙන් අල්ලාගත් බාස් සහ පිරිස මීට සම්බන්ධයක් නැතැයිද ඔවුන් නිදහස් කර ඇතැයිද පොලීසිය කියයි. මෙම පුද්ගලයා පාපෝච්චාරණයක් කරන බව පොලීසිය පවසතත් පොලීසිය කියන කතා විශ්වාස කළ නොහැකියයි පොලීසියේම අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි

අප වෙත දැනගන්නට ඇති පරිදි ඔහුව බලවත් පුද්ගලයන් පිරිසක් විසින් මෙහෙයවා ඇති බවත් එය වසන් කිරීමට උත්සාහ කරන බවත් දැනගන්නට ඇත. ඊට ප්‍රධානතම සාක්කිය ලෙස පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම ඝාතන සිදුවූ සැනින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කුප්‍රකට අනුර සේනානායක එම ස්ථානයට පැමිණ පරීක‍ෂණ අතට ගැනීමයි. සාමාන්‍යයෙන් මෙවන් මිනීමරුවකදී පොලිස්පති ලඟට ඉහලම ධූරයක් දරණ එවැන්නෙකු පැමිණීම සිදුනොවන්නක් බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අතට අල්ලාගත් සුදු කොඩි මිනීමරුවන් මොහු විසින් පොලීසියට පැමිණ නිදහස් කරගෙන යන්නේ නම් මෙම සිදුවීමේදී පරීක‍ෂණ වංගු ගැස්සවීම මොහුට එතරම් කජ්ජක් නොවන බවද පැවසේ.

කටුගෙයි කඩු සොරකමත් මෙම කඩු සොරකමත් එකම කාසියක දෙපැත්තක් බව පැවසේ. රෙජීමාධිපතිවරයාට දැඩි අපල තිඛෙන අතර ඔහුගේ රෝගී තත්ත්වයද ඉහල යමින් පවතී. ඒ වෙනුවෙන් දුටුගැමුණුගේ කඩුව අවශ්‍යයැයි ඔහුගේ ගුප්තවිද්‍යා උපදේශක වරු උපදෙස් දී තිබේ. පසුගිය කාලය පුරාම පුරාවස්තු බිඳිමින් එම කඩුව සොයා රට පීරා තිබේ. කටුගෙයි කඩු සොරකමත් මෙම සපුමල් කුමරුගේ කඩුව සොරකම් කිරීමට පැමිණ සංඝ පීතෘ වරුන් ඝාතනය කිරීමත් ඉහල තැනකින් මෙහෙය වූවක් බවට පිළිගත් හැකි සාක්ෂි ලැඛෙමින් පවතී.

මොහු අත් අඩංගුවට ගත හැකිවී ඇත්තේ ඊයේ වාර්තාවේ ද සඳහන් කළ පරිදි සැක කටයුතු වාහනයක අංකය ලියා ගැනීම හේතුවෙනි. එම අංකය පරීක‍ෂා නොකර සිටීමට නොහැකි වී තිබේ. පසුව එහි අයිතිකරු වී ඇත්තේ මෙම මහරගම දේශමාන්‍ය මිනීමරුවා ය.

ඉදිරියේදී මේ පිළිබඳ වැඩිදුර විස්තර හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු.

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.
HOW TO BE A DRAGON????

භාවනාව (Meditation)

මාළුවෙක් දැලකින් අල්ලා ගත හැකිය. දුවන කොටියෙකු පවා උගුලක් අටවා අල්ලා ගත හැකියි. නමුත් මකරෙකු අල්ලා ගත නොහැකියි. ශක්තිය එක් තැන් කළ විට අකුණු සහ වැස්ස සමඟ මකරා පෙනී සිටී. ශක්තිය ඉවත් කළ විට මකරා අදෘෂ්‍යමාන වෙයි.

ප්‍රශ්නය: භාවනාව (Meditation) යනු කුමක්ද?


පිළිතුර: භාවනාව යනු මාර්ගයකි. එය තාඕ (Tao) වේ. එයට ඉලක්කයක් නැත. එය ඉලක්කයක් නැති මාර්ගයකි.


ප්‍රශ්නය: තාඕ (Tao) යන වචනය අපට තේරුම් ගත නොහැකියි.


පිළිතුර: එයට අර්ථ කථන දිය හැකියි. නමුත් ඉදිරිපත් කළ නොහැකියි. එසේම එය වචනයෙන් එහා පවතියි. වචනයම පවා එමගින් පැන නගියි.


ප්‍රශ්නය: භාවනා කරන්නෙකුට දිය හැකි ප්‍රධානතම තේරුම් කිරීම මොකක්ද?


පිළිතුර: ඔය ඔබගේ කේන්ද්‍රය (Center) මාරු කරවයි. වෙනත් කේන්ද්‍රයක සිට ජීවත් වීමට ඔබට උගන්වයි.


පිළිතුර: පුළුවන්. ඒ මෙහෙමයි. භාවනාව කින්නේ තාඕ ය. එය මාර්ගයක් බව අප කලින් සඳහන් කළා. ඒ මාර්ගයට අවතීර්ණ වීමට ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම සිදුවන්නේ මේ ආකාරයටයි.

01 පියවර . විශ්වය යනු තාඕ වේ. එහි ශක්තිය එකක් අනෙක බවට සෑම විටම පරිවර්තනය වෙයි. එහි ස්වරූප විවිධ ස්වරූප වලින් ඔබට දෘෂ්‍යමාන වෙයි. ඔබට අසන්නට, දකින්නට, ස්පර්ෂ වන්නට ඇති සියළු දේ එම ශක්තියේ ස්වරූපයයි. පළමුව මෙම ස්වරූපය වටහා ගත යුතුයි.

02 පියවර. වචනය යනු ශබ්ද තරංගයක ප්‍රථිඵලයකි. සෑම ශබ්ද තරංගයකම ශක්තිය ගැබ්වී ඇත. ඔබට කනත්තක් ලඟින් යාමට සිදුවේ යැයි සිතන්න. එවිට ඔබගේ ජීවිතය සීමා කරවනු ලබන පාරභෞතිකයන් (Meta Physics) ඔබේ මනසට ගලාගෙන ඒවි.

අවතාර, හොල්මන්, යක්ෂයින්, මහසෝනා, ඊරියකා, ආදී ලෙස මෙම පාරභෞතික සමාජයෙන් ශබ්ද තරංග හරහා ගොඩනැගී ඇත. එවිට කනත්ත ගැන සිතන ඔබේ මනස බිහිවී ඇත්තේ ශබ්ද තරංග වල ප්‍රථිඵලයක් වශයෙනි.

මනස සමාජයීය නිපදවීමකි. අපි සෑම විටම සමාජය විසින් නිපදවන ලද ශක්තියෙන් ගොඩනැගී ඇති මනස මත පදනම්ව සිතන්නෙමු, ක්‍රියාකරන්නෙමු.

මනස යනු සමාජයේ පිටත නිෂ්පාදනයකි. එය ශක්තියේ එක්තරා ස්වරූපයකි.

මම සහ සිතීම යනු මෙම පිටකරන ලද ශබ්ද තරංග වල, භාෂාවන්ගේ ශක්තීන් එකතුවක් වේ. මෙම ශක්තීන් හි අනෙන්‍යෙ ක්‍රියාකාරීත්වය නම් නොනවතින මනසයි.

අපි සෑම විටම සිතන්නෝ වෙමු. අපි සෑම විටම ඉන්නේ මනස (Mind) නම් ක්‍රියාතත්වයේ ය. මෙවිට එතැන සිටින, එතැන ගොඩ ගැසී සිටින, 'මම' සංස්කෘතිය විසින් ගොඩනංවා ඇති දුක, වේදනාව, බය, බලාපොරොත්තු කඩවීම, සතුට, සැප ආදී අනවරත 'මම' හා සම්බන්ධ ක්‍රියාවලියකට ලක්වෙයි. මෙහිදී සෑම විටම 'මම' ගොඩනැංවීමේදී (මමත්වය) අතෘප්තිමත් ජීවිතයක් හිමි වෙයි. මෙය දුක නම් වෙයි.

මෙම අනවරත මනස 'මම' නම් ක්‍රියාදාමය සියළු සත්වයින්ගේ කේන්ද්‍රය වෙයි. නමුදු මෙයද ශක්තිමය ක්‍රියාදාමයකි. එය තාඕ (Tao) නම් වෙයි. මෙම ක්‍රියාදාමයේ සිටින්නවුන් තමන්ගේ ක්‍රියාකාරීත්වය තාඕ වලට ගෙන යාම භාවනාවයි. එනම් තමන්ගේ කේන්ද්‍රය වන 'මනස' (Mind) එතනින් 'නොමනස' (No Mind) වෙත මාරු කිරීමයි.

මනස......ඉලක්කයක්, හේතුවක් දිශාවක් ඇත. සීමා සහිත ක්‍රියාකාරීත්වයකි. මාලුවෙක්, කොටියෙක් වැනිය. දැල්වලට හසුකරගත හැකිය. 'මම' පවතී. දිශාවන් පවතී.

නොමනස......ඉලක්කයක්, හේතුවක් දිශාවක් නොමැත. අසීමිත ක්‍රියාකාරීත්වයකි. මකරෙක් බවට පෙරලෙයි. කිසිදිනක හසුකරගත නොහැක. 'මම' නොපවතී. සුළග, ජලය, වලාකුළු වැනි වේ.

කනත්ත අසලින් යාමට සිදුවන විට ඒ ගැන ඇතිවන බය දෙස අපි බලමු. එය පිටතින් කරන ලද නිපදවීමකි. ශබ්ද තරංගවල ශක්තියෙන් නිපදවන ලද්දකි. සෑම විටම මම යනු මෙම ශක්තීන් සමස්ථයේ එකතුවකි.

ඔබ වළාකුළක් නම්, ඔබ මීදුම නම්, ඔබට කනත්ත ලඟට යා හැකියි. ඔබ හමන සුළඟ නම් ඒ මත වැතිර සිටිය හැකි වෙයි. නමුත් ඔබට 'මම' නම් මනස සමඟ එහි යා නොහැක.

ඔබට දිශාවක් නැති වළාකුලක් බවට පත්විය හැක්කේ ය. මෙය ඔබේ විශ්වයීය ස්වරූපයකි (Universal Nature).

ඔබට මකරෙකු බවට පත්විය හැකිය (A Dragon). ඔහු විශ්වයීය අනන්ත වූ ක්‍රියාදාමයයි. වෙනස් වීම් දාමයයි.

මකරුන් ගැන බොහෝ කථා පුවත් ඇත්තේය. මේ එවැන්නකි.

කරාතේ (Karate) සටන් කලාවේ ආදී කාලීනයෙකු ලෙස සැලකිය හැකි, කරාතේ සටන් කලාවේ පියා ලෙස සලකන ගිචින් පුනකෝෂි (Gichin Funakoshi
船越 義珍 Funakoshi Gichin) ගේ ගුරුවරයෙකු වූ සුප්‍රසිද්ධ මාස්ටර් මට්සුමූරා (Master Matsumura) නම් ගුරුවරයා මෙවන් මකරෙකි.


ඔහු චීනයේ ෂඔලින් ආරාමයෙන් ෂඔලින් සටන් ශෛලිය (Shaolin Quan) හදාරා ජපානයේ ඔකිනාවා දූපතට පැමිණියේය. මෙම දූපතේ ඔකිනාවා-තේ (Okinawa-Te) නම් සටන් කලාවේ ප්‍රවීණයන් වාසය කලේය.


මාස්ටර් මට්සුමූරා දිනක් තේ බීමට අසල තේ කඩයකට ගියේය. මෙම තේ කඩයේ හිමි කරුවා ඔකිනාවා-තේ නම් සටන් කලාවේ ප්‍රබලයෙකු විය. මාස්ටර් මට්සුමූරා සටන් කලාවන් හදාල අයෙකු බව දැනගත් එම කඩයේ හිමිකරුවා ඔහුට තමා හා සටන් කිරීමට අභියෝග කළේය. මාස්ටර් මට්සුමූරා එය ප්‍රතික්ෂේප කළේය. දෙවන දිනයේද එය අභියෝගයම මාස්ටර් මට්සුමූරා හට එල්ල විය. දෙවන වරටද සටන පිළිකෙව් කර ප්‍රතික්ෂේප කෙරිණි. තෙවන වරටද අභියෝගය ඉදිරිපත් විය. අවසානයේ මෙම ඔකිනාවා-තේ ප්‍රබලයාට පාඩමක් ඉගැන්වීමට සිතූ මාස්ටර් මට්සුමූරා තීරණය කළේය. සටන එලිමහන් පිට්ටනියක් පසුදා පැවැත්වීමට යෝජනා විය. ඔකිනාවා-තේ ප්‍රබලයා උදෑසන පිට්ටනියට යන විට මාස්ටර් මට්සුමූරා එතනට පැමිණ සිටියේය.


ඉවත බලාගෙන සිටි මාස්ටර් මට්සුමූරා ඔකිනාවා-තේ ප්‍රබලයාට පැවසූවේ තමාට පහර දෙන ලෙසයි. මින් විමතියට පත් ඔකිනාවා-තේ සටන් ශිල්පියා ඉරිව්වකට පැමිණ කෑ ගසා පහර දෙන්නට මාස්ටර් මට්සුමූරා වෙත පැන්නේය. මාස්ටර් මට්සුමූරා ඔහු දෙසට තම දෑස් හැරවූවා පමණි. එම බැල්මත් සමඟ ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයා අඩි කිහිපයක් ඉහළින් විසිවී බිම වැටිණි. ඉන් පසුව තෙවරක්ම මේ ආකාරයටම ඔකිනාවා ‍-තේ සටන් ශිල්පයේ ප්‍රබලයා විසිවී වැටිණි. අවසානයේ ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයා මාස්ටර් මට්සුමූරා ඉදිරියේ වැඳ වැටී පවසා සිටියේ මෙම කලාව තමන්ට උගන්වන ලෙසයි. සිදුවූ දෙය මාස්ටර් මට්සුමූරා ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයාට පැහැදිලි කළේය.



ඔබ මාළුවෙක් මකරෙක් නොවෙයි. ඔබව දැලකින් අල්වා ගත හැකියි. මම මකරෙක්. මම ජීවත් වන්නේ විශ්වයේ ස්වරූපයන් වන පංච මූලයන් (Five Element) සමගයි. එම නිසා කිසි දිනක ඔබට මා පැරදවීමට හැකිවන්නේ නැහැ.

මාස්ටර් මට්සුමූරා උගන්වීමට පටන් ගත් කලාව චීන සටන් කලාවයි (Wushu).


ඔබේ පෙකනියට ඇගිලි දෙකක් පහළින් වන ලක්ෂයකට ඔබේ සිත යොමු කරන්න.


එම සිත යොමු කරගැනීම තබා ගනිමින්ම ඔබේ ශරීරය ලිහිල් කරන්න. ශරීරය වළාකුලක්, මීදුමක්, ශක්තියක් ලෙස වටහා ගන්න. ශරීරය ලෙස වටහා නොගන්න. කිසිම දෙයකට සිත යොමු නොකරන්න. සෑම විටම මෙම ක්‍රියාවලියේ නිරත වන්න.


මෙසේ සිටින විට ඔබට යම් අවස්ථාවක ශරීරය ශක්තියක් ලෙසද, ශක්තියේ පරිණාමයක් ලෙස ද, සියළු දේ ගලා යන ගංගාවක් බව ද, ශක්තියේ වෙනස් වීම් (මෙය අත්දැකීමකි) බවද දක්නට ලැබෙනු ඇත.


ඔබව මඳ කලක් යන තුරු මනස (Mind) සහ නොමනස (No Mind) -සමාජ සත්වයා සහ විශ්වීය සත්වයා චලනය වනු ඇත. ඔබේ කේන්ද්‍රය මම, මනස නොව විශ්වය, නොමනස බවට මාරු වෙනු ඇත.


මනසේ සිට විශ්වය දෙස බැලීම ආරම්භක අවස්ථාවක්. විශ්වයීය ස්වරූපයේ සිට මනස දෙස බැලීම දෙවන අවස්ථාවකි. 'නොමනස' වේදනා, පීඩා නැති ශක්ති පරිනාමය බව දැනෙනු ඇත.


ශරීරයේ සියළු වේදනාවන්ද, ශක්තිය පරිනාමය ලෙස ගත් විට සියල්ල ගලා යනු ඇත. සැහැල්ලුව, සුන්දරව තමන් ලඟ සිටින්නාද, සතුරාද, මිතුරාද, ගස් ද, ගල් ද අවිච්චින්න ප්‍රවාහයක් සේ පෙනී යනු, හැඟී යනු, දැනී යනු ඇත්තේ ය.


මේ කතාව ඇත්තනම්, මේ වීඩියෝ එකත් බලලා මේක ඔයාලගේ යාලුවන්ටත් කියන්න. ඔයාලා දන්න දේත් අපිට කියන්න.

Link to the video : http://www.youtube.com/watch?v=e0rSmxsVHPE

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.
සමුරායි සොල්දාදුවෙක් සෙන් ගුරුවරයකු හමුවට පැමිණියේය.

"ඇත්තටම දිව්‍ය ලෝක සහ අපායවල් කියල තැන් තියෙනවද?" ඔහු ඇසීය.

"ඔබ කවුද?" ගුරුවරයා විමසීය.
"මම සොල්දාදුවෙක්"
"මොනව? සොල්දාදුවෙක්?" ගුරුවරයා ඔහු දෙස අපහාසාත්මක ලෙස බැලීය. "කාටද නුඹව ආරක්ෂකයෙක් වශයෙන් අවශ්‍ය? නුඹව දැක්කමනම් හිතෙන්නෙ හිඟන්නෙක් කියල"
කෝපයට පත් සොල්දාදුවා සිය අසිපතට අත යැවීය.
"හහ්, කඩුවකුත් තියෙනව. අහන්න දෙයක් නැහැ. ඒකෙන් මගෙ බෙල්ල කපන්න බැරි තරමට මොට්ට ඇති"
තරහ ඉවසාගත නුහුණු සොල්දාදුවා අසිපත එළියට ඇද්දේය.

"ඔන්න අපායෙ දොරටුව විවෘත වෙනවා." ගුරුවරයා පැවසීය.
කරුණු අවබෝධ වුණු සොල්දාදුවා ගුරුවරයාට දණ නමා ආචාර කළේය.

"ඔන්න දිව්‍ය ලෝකයෙ දොරටු විවෘත වෙනවා. ගුරුවරයා පැවසීය.

මොහොතක් හිතන්න. මෙයින් ආදර්ශයක් ගන්න......
අනිත් අයටත් share කරන්න.
යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. ට Like කරන්න.



ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.

Wednesday, April 25, 2012


සමුරායි කඩු හදන්නේ මෙහෙමයි....

ඔයාලට දැන් වීඩියෝ එකක් මගින් බලාගන්න පුළුවන් කොහොමද කටානා එහෙමත් නැත්නම් Samurai Sword (සමුරායි කඩු) හදන්නේ කොහොමද කියල. දීර්ඝ ලිපි කියවනවට වඩා මේ වගේ වීඩියෝ බලන්න ඔයාල කැමති බව මම දන්නවා. මොකද මමත් දිග හෑලි කියවන්න කැමති නෑනේ. :P
ඒ මොනවා උනත් මේ වීඩියෝ එකට කලින් කෙටි සටහනක් දාන්න ඕනෙයි කියල මං හිතනවා.
ඔයාල හුගදෙනෙක් දන්නවා ඇති සමුරායිවරු කියන්නේ කවුද කියල. ඉස්සරහට මං ඒ පිළිබවද රසවත් ලිපියක් විස්තරාත්මකව වීඩියෝත් සමගම දාන්නම්. කෙටියෙන් කියනවනම් සමුරායි වරයෙක් කියන්නේ මහත් වූ විනයක් ඇති, ආචාර ධර්ම රැසකට යටත් ජපානයේ වෙසෙන රණකාමී සටන් කරුවන්ට. එම රණකාමියා හා මේ කටානා යනු දෙකක් නොව මහත් වූ ආත්මීය බැදීමක් ඇති එක් සන්දර්භයක් බව ජපන් ජනයා පිළිගනී.
සමුරායි වරයෙක් නිතර දකින කුකුළා මෙන් තම අසිපත නොඔසවයි. නමුත් එම අසිපත යම් හේතුවක් මත එසවුනවොත් එය නැවත කොපුව තුලට යන්නේ ලේ සෙලවීමකින් හෝ ප්‍රතිවාදියාට ගෞරවනීය මරණයක් ලගා කරදීමෙනි.

ප්‍රධානතම කරුණ තමයි මේ ලෝකේ කඩු අතරින් විශිෂ්ටතම, හොදම කඩු වර්ගය තමයි 'කටානා'.

මම මේ වීඩියෝ එක බලන කොට මට හැඟී ගියේ අපිත් හරියට කටානා එකක් වගේ කියල. ඔයාටත් මේක බලනකොට ඒ විදියටම තේරෙයි.

ස්වභාව ධර්මයා නැමැති දේව රාජයා කෙලින්ම කටානා මවන්නේ නැත. ඔහු මවන්නේ යපස් පමණි. එක් අයෙක් එම යපස් හාරා ගනී. එය කම්හලේ මහත් වූ ගිනි ජාලාවට දමමින් දින ගණන් ඒ අසල රැදී සිටිමින් ඒ යපස් පදම් කරයි. පස්සේ ඒ පදම් වෙච්ච යපස්වලින් (ටමහගනේ) කාබන් වෙන් කරගන්නවා. ඊට පස්සේ තවත් කෙනෙක් ඒ වෙන්කරගත්ත කාබන් රත් කර කර තලනවා. ඊට පස්සේ ඒ හදා ගන්නා අක්‍රමවත් වස්තුවට ක්‍රමවත් බවක් හා හැඩය, මුවහත වැනි දේ ලබාදෙන්නේ තවත් අයෙක්. ඊට පස්සේ ඒක තව පාරක් රත් කර කර පදම් කරනවා. ඊට පස්සේ එය ඉතා පරිස්සමෙන් වතුරට දාල සීතල කරනවා. ඊට පස්සේ ඒක ටිකෙන් ටික ක්‍රමානුකූලව සිසිල් වෙනවා. ඉන් පසුව තවත් අයෙක් මේ වස්තුව ඔපකරනවා (පොලිෂ් කරනවා). අවසානයේදී තමා දිදුලන තේජස් කටානා එකක් සමුරායිවරයෙක් අතට පත්වන්නේ.

ඉතින් දැන් අපේ ජීවිතේ දිහාත් ටිකක් බලන්න! ස්වභාවධර්මයාගේ මහත් වූ ආශ්චර්යයක් වන දෙදෙනෙකුගේ එක්වීමක් මගින් සිගිති කිරිකැටියෙක් මේ ලෝකෙට බිහි වෙනවා. ඉන් පසුව මවගෙන් කිරි උරමින් මවගේ ඇකයේ උණුසුම ලබන ඒ සිගිති ළදරුවා සිය පියාගේ රැකවරණය සහ ආදරයද නොඅඩුව ලබනවා. ඉන් පසුව එම දරුවා ළදරු පාසලට, පාසලට යනාදී වශයෙන් ගොස් ගුරුවරුන්ගේ ඉගෙනුම් ලබනවා. ඉන් පසුව ක්‍රම-ක්‍රමයෙන් ඔහු සමාජයට යොමු වෙනවා. එහිදී ඔහුට අටලෝ දහමට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් යුතු වීර්යයෙන් කටයුතු කරන ඔහු තම අත්දැකීම් මගින් සිය ජීවිත ගමන ඔපදාගන්නවා. අවසානයේදී මේ සමාජයට වැඩදායී වටිනා පුද්ගලයකු බිහි වෙනවා.

මේ කතාව ඇත්තනම්, මේ වීඩියෝ එකත බලලා මේක ඔයාලගේ යාලුවන්ටත් කියන්න. ඔයාලා දන්න දේත් අපිට කියන්න.

Link to the video : http://www.youtube.com/watch?v=rwQqtf86qOc

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.

Tuesday, April 24, 2012

**මෙය එවකට පලවූ පුවත්පතක් ආශ්‍රිත කරුණුද ගෙන ඇති නිසා කාල පරාසයන් වෙනස් වී ඇත.*****

රත්තරන් මංජු !

අපගේ සිතිවිලි, හැඟීම් හා බුද්ධිය බොක්සිං වළල්ලක් ළඟ නැවතිණි. හැම තත්පරයක්ම තීරණාත්මක ය. දෑස් කඩාගෙන යන විදුලි ආලෝකය අතරින් රතු පැහැය හා නිල් පැහැය දිළෙන්නට විය. රතු පැහැයෙන් ශ්‍රී ලංකාවේ මංජු ද, නිල් පැහැයෙන් වේල්සයේ ෂෝන් ද කරට - කර තරගයක නියැලී උන් හ. ඔවුන්ගේ දෑත් විදුලි වේගයෙන් ක්‍රියාත්මක අතර මොළය හා දෑස ප්‍රතිමල්ලවයාගේ දුර්වලතාවක් සොයමින් ගැඹුරු නිරීක්ෂණයක යෙදිණි. පළමුවටය පහරට - පහර තරගයෙකි. දෙවන වටයේ ෂෝන් ඉදිරියට ගියේ ය. තෙවන වටයේ නැවත මංජු ඉදිරියට ගියේ ය.

කන්ද උඩරටින් බොක්සිං වළල්ලට පිවිසි මංජුල දිනේෂ් කුමාර වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ බොක්සිං ඉතිහාසය වෙනස් කෙළේ ය. හෙතෙම වසර හැත්තෑ දෙකකට පසු බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ ය. අපරදිග බිහි වී එහි ම තාක්ෂණයෙන් පෝෂණය වූ බොක්සිං ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ආධුනික වේ. එහෙත් ඉවසීම, පුහුණුව, බුද්ධිය යන ගුණාංග පෙරටු කොට අධිෂ්ඨානයෙන් සටන් වැදුණු මංජු වන්නිආරච්චි වේල්සයේ කඟවේනකු බඳු ආක්‍රමණශීලී ක්‍රීඩක ෂෝන් මැක්ගෝල්ඩ්‍රික් පරාජය කෙළේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ දහනව වන ක්‍රීඩා උළෙලෙහි කි. ග්‍රෑ. 56 බැන්ටම් වේට් රන් කිරුළ මංජු විසින් දිනා ගන්නා ලදී.

මේ ජයග්‍රහණය පසුපස අපූරු යථාර්ථයක් තිබේ. ඒ මංජු වන්නිආරච්චි නම් ක්‍රීඩකයා රට වෙනුවෙන් කළ කැපවීම ය. මංජුගේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට විශේෂ කීර්ති නාමයක් ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙවර ක්‍රීඩා උළෙලහි දී අප ලබාගත් එක ම රන් පදක්කම ද එය වේ. ශ්‍රී ලංකාවට පමණක් නො ව දකුණු ආසියාවට ම මේ රන් පදක්කම වටී. තරගයේ තුන්වන වටය ආරම්භ වෙත් ම ඉන්දීය ක්‍රීඩාලෝලීහු ශ්‍රී ලංකා ! ශ්‍රී ලංකා ! යනුවෙන් මංජු දිරිමත් කරන්නට වූහ. ඉන්දියාව අපගේ අසල්වැසියා ය. ඒ හැඟීම මේ තරගයේ දී කදිමෙට නිරූපණය වී තිබේ. මංජු මුල සිට ම පොරොන්දුවක් දී තිබිණි. එනම් ; කෙසේ හෝ තම මව්බිමට රන් පදක්කම ලබා දෙමි යන්න ය. එම පොරොන්දුව දැන් යථාර්ථයක් වී තිබේ.

මංජුගේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයා දුරකථනය ඔස්සේ ඔහු ඇමැතී ය. එතුමාගේ ගාම්භීර හඬ කන වැකෙත් ම මංජුගේ දෑස් කඳුළින් තෙත්විණි. “මංජු ඔබ විශිෂ්ටයි !” ජනාධිපතිවරයා කියා සිටියේ ය. මෙවන් අවස්ථාවක දී ක්‍රීඩකයන් දිරි ගැන්වීම නායකයන්ගේ යුතුකම ය. මහින්ද රාජපක්ෂ මහතා හැම අතකින් ම පාහේ ක්‍රීඩාවට කැමැති ය. මෑතක සිට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි අලුත් ගැම්මක් පටන් ගෙන තිබේ. එහි ප්‍රතිඵල මංජු වන්නිආරච්චි, චින්තන විදානගේ, සුදේශ් පීරිස් වැනි ක්‍රීඩකයන් වෙතින් දැක ගත හැකි ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙවර ක්‍රීඩා තරගවලදී සෑම ඉසව්වකින් ම ශ්‍රි ලංකාව ජයග්‍රහණය කර නැතත් ; විශිෂ්ට දස්කම් දක්වා ඇති බව අභිමානයෙන් යුතු ව සඳහන් කළ යුතු ය.

බොක්සිං වැනි ක්‍රීඩාවකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් ලබනුයේ කලාතුරකින් ය. අපරදිග දැවැන්ත රටවල බොක්සිං ක්‍රීඩාව පවතින්නේ වෘත්තීය මට්ටමෙන් ය. ශ්‍රී ලංකාවෙහි තව ම එවැනි තත්ත්වයක් නැත. එහෙත් 1938 දී සිඩ්නි නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගවල දී බොක්සිං ක්‍රීඩාවෙන් රන් පදක්කමක් ලබන්නට ශ්‍රී ලංකාවේ බාන් හෙන්රික්ස් සමත් විය. 1950 ඔක්ලන්ඩ්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගවල දී බොක්සිං ක්‍රීඩාවෙන් රිදී පදක්කම් දෙකක් දිනා ගන්නට ශ්‍රී ලංකාවේ ඒ. පෙරේරා හා කේ. එඩ්වින් යන දෙදෙනා සමත් වූහ. ඔලිම්පික් තරගාවලියක දි මොහොමඩ් අලි සමඟ තරග වැදුණු ක්‍රීඩකයෙක් ද ශ්‍රී ලංකාවේ සිටියේ ය.

ශ්‍රී ලංකාව කුමන ක්ෂේත්‍රයකින් හෝ දුප්පත් නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම අදහස නිතර කිය යි. අපගේ සමාජය දැනුමෙන් හා නිපුණතාවයෙන් සවිමත් ය. ආර්ථික අතින් දැවැන්ත රාජ්‍යයන් ඉදිරියේ දනින් වැටෙනවාට වඩා කරට - කර තරගයක් දී පරාජය ලැබීම වුව වැදගත් ය. අපට ලෝකය පුරා කීර්තිමත් නාමයක් ඇති බව අවබෝධ කර ගැනීම වැදගත් ය. අපට විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන දුන් මංජු වන්නිආරච්චි සෑම ක්‍රීඩා තරගයකට ම පෙර ජය පිරිත සජ්ඣායනා කර තිබේ. ඒ අපගේ අනන්‍ය ලකුණ ය. ඉන්දියාවේ නවදිල්ලි නුවර තල්කතෝරා ක්‍රීඩාංගණය පුරා අපගේ ජාතික ගීය නිංනාද විය. ඒ අලුත් ගමනක අලුත් ආරම්භයක් සේ සටහන් කළ හැකි ය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙහි ප්‍රධාන රාජකීය අමුත්තා ලෙස සහභාගි වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. එය ඉන්දියාව විසින් අපට ලබා දෙන ලද විශේෂ ගෞරවයක් ලෙස සැලකිය හැකි ය. ලෝකයේ විශිෂ්ට නායකයකු සතු සියලු හැකියාවන් හා පරිපූර්ණතා මහින්ද රාජපක්ෂ මහතාට තිබේ. ඒ සියල්ලට ම වඩා අසල්වැසි ඉන්දියාවේ හොඳ හිත හා අන්‍යෝන්‍ය විශ්වාසය අපට වටී. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වන රටවලින් බොහොමයක් අද දියුණු තත්ත්වයේ පවතී. එම රටවල් අතර පවතින බැඳීම හා සහයෝගය ඉදිරියටත් රැගෙන යෑම අතිශය වැදගත් වේ. මේ තරගාවලියේ සත්කාරක රාජ්‍යය ලෙස ඉන්දියාව උපරිමයෙන් තම යුතුකම ඉටු කර තිබේ. ඒ ගැන ශ්‍රී ලංකාව ද සතුටු විය යුතු ය.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලුම ක්‍රීඩක - ක්‍රීඩිකාවනට අපගේ සුබ පැතුම් පිරිනැමිය යුතු ය. මේ තරගාවලියේ ජයග්‍රාහී රාජ්‍යය හා අප අතර පරතරයක් තිබෙන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණවලින් පෙන්නුම් කරනුයේ අප දුර්වල නැති බව ය. ඊට කදිම නිදසුන මංජු වන්නිආරච්චි ය. වයස අවුරුදු හතේදී පමණ බොක්සිං ක්‍රීඩාවට පිවිසි ඔහු මේ වන විට අන්තර්ජාතික ජයග්‍රහණ රැසක් ලබා තිබේ. ඔහුගේ දැන් වයස අවුරුදු තිහකි. ඔහු අතින් මෙවර පරාජයට පත් වුයේ අවුරුදු දහනවයක් වයසැ’ති එහෙත් බටහිර ලෝකයේ නම තැබු බොක්සිං ක්‍රීඩකයෙකි.

මංජු අපට ලබා දෙන වැදගත් ම උපදේශනය වනුයේ ඉවසීමෙන් හා බුද්ධියෙන් ඉලක්ක ජය ගත හැකි බව ය. එය ක්‍රීඩකයාට පමණක් නො ව දේශපාලනයට ද කදිම පාඩමෙකි.

*මංජු දිනේෂ් කුමාර වන්නිආරච්චි (උපත : 1979 දෙසැම්බර් 2) ශ්‍රී ලංකාව නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයෙකි. නවදිල්ලියේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැන්ටම් බර පන්තිය නියෝජනය කරමින් වේල්සයේ සින් මක්ග්රෝදික් පරාජය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් විය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩාවට ප්‍රවිෂ්ටවූ මංජු 1991 සිට 1998 දක්වා ස්ටබ්ස් පලිහ ජයගෙන දක්ෂතම පාසල් බොක්සිං ක්‍රීඩකයා ලෙස ඔහු සම්මාන දිනා ඇත. 1999 සිට මේ දක්වා ජාතික මට්ටමේ බොක්සිං තරග වලදී තම බර පන්තියේ දක්ෂතම ක්‍රීඩකය ලෙස ඔහු ජයග්‍රහණ ලබා ඇත.
ඔහු පන්නල ස්ලිම්ලයින් ආයතනයේ සේවයේ යෙදෙන අතර වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකු වේ.

තහනම් උත්තේජක චෝදනා

2010 ඔක්තෝබර් 24 වන දින ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මංජු වන්නිආරච්චි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් ව ඇති බව නිවේදනය කරන ලදී. මංජු වන්නිආරච්චි විසින් සපයන ලද මුත්‍රා සාම්පලයේ නැන්ඩ්රෝලින් නම් තහනම් උත්තේජකය අඩංගු විය. වන්නිආරච්චි සදහන් කරන අන්දමට මෙය ඔහු ඇදුම රෝගයට ගන්නා ලද ඖෂධයක් නිසා හට ගෙන ඇත.

වීරයෙකි නුඹ.... මංජු

“Champions aren’t made in gyms. Champions are made from something they have deep inside them a desire, a dream, a vision. They have to have the skill and the will. But the will must be stronger than the skill.” - Muhammad ali

වීරයන් බිහිවන්නේ පුහුණු කඳවුරුවලින් නොවේ...
වීරයන් බිහි වන්නේ ඔවුන්ගේ දිනන්නට ඇති දැඩි ආශාවෙනි...
ඔවුන් දකිනා සිහිනයන්ගෙනි......
දිනන්නට තනාගන්නා මාවතෙනි...
ඒ සියල්ල හැකියාව හා එක්වන තැන බිහි වන්නේ සැබෑ වීරයෙකි...
මංජු අයියා... උඹ වීරයෙකි... සැබෑ වීරයෙකි...
උඹ පොරොන්දු උනේ හැකි උපරිමය දෙන්නටය... උඹ නියෝජනය කරන්නේ පොරොන්දු ඇත්තේ ඉටු කරන්නට නොව කඩ කරන්නට බව හිතනා රටකය...
නමුත් උඹ දුන් පොරොන්දුව සැබෑවක් කරමින් වසර හැටකට පසු බොක්සිං වලල්ලෙන් පදක්කමක් දිනා දුන්නේය...

මංජු දැන් බොක්සින් වළල්ලෙන් සමුගෙන ඇත.

********මෙම ලිපිය උපුටා ගැනීම් ආශ්‍රිතව පල වී ඇති නිසා මෙහි කිසිදු වගකීමක් අප විසින් නොදරයි!*******

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

~S.R.

Monday, April 23, 2012

අසූචි නාගත් ඌරා Vs කේසර සිංහයා


කැලේ රජා කේසර සිංහයාය. සිංහයාගේ සිංහ නාදය පවා තේජස්ය. සිංහ ගර්ජනාවෙන් හස්ති රාජයන්ගේ කන් පුපුරා යයි. ඒ සා වූ සිංහයා ආවට ගියාට සටන් කරන්නටද යන්නේ නැත. කැලේ තවත් සත්තුත් සිටිත්. හිවලන්, මුව පොව්වන්, සාවුන් පමණක් නොව වල් ඌරන්ද වෙසෙත්.
මේ අතරින් වල් ඌරා කැලේ වලිකාරයෙක් ලෙස ප්‍රසිද්ධය. නමුත් වල් ඌරා වැඩිපුරම ඇන ඇත්තේ හිවලුන්ටය. මේ අතර දිනක් වල් ඌරාට තම දල දෙකට අමතරව තව දලයක් නොආ යුතු පැත්තකින් ආ හෙයින් දකින දකින එකාගෙන් 'කැලේ රජා කවුද බොල?? වර සටනකට!!' යනුවෙන් අභියෝග කළේය. එවිට කැලේ සිටි නුවණක්කාර සාවෙක් කේසර සිංහයා ගැන වල් ඌරාට කිව්වේය. නම ඇසූ පමණින්ම වල් ඌරා තක්බීරී විය. කැලේ කපටි හිවල් රජාට මෙය තේරුම්ගැනීමට මහා වෙලාවක් ගත නොවීය. නරියාටද අවශ්‍යය කාගේ හරි පිටක් උඩින් එගොඩ වීමය. නමුත් කේසර සිංහයා සමග ඒ සෙල්ලම් බැරිය. එහෙත් මෝඩ වල් ඌරා හිවලාගේ පුරෝහිතකම් ගත්තේය.


මේ අතර දිනක් වල් ඌරා ප්‍රසිද්ධියේ කේසර සිංහයාට අභියෝග කළේය. කේසර සිංහයාගේ එක නියපාරකටත් මදිවන වල් ඌරාගේ අභියෝගය ඔහු භාරගත්තේ තම දහවල් ආහාරය වල් ඌරු මස්වලින් හැඩවෙන ආකාරය සිත් මවමිනි.


සටන දවස උදාවිය. කේසර සිංහයා තම සටන සදහා පැමිණින. කැලේ සියලු සතුන් වට වී ඇත. නමුත් වල් ඌරා පෙනෙන්නට නැත. එක වරම අසල තිබූ අසූචි වලකින් වල් ඌරා මතුවිය. එවිට අසල සිටි සියලු සතුන් පලා ගියෝය. ඒ බයට නොව ගදටය. කේසර සිංහයා මද වෙලාවක් බලා සිට නැවත ආපසු හැරී යන්ට පටන් ගත්තේය. එවිටම ඌරා මෙසේ හඩ නැගීය..


"අඩෝ, මහා ලොකු සිංහයා. උබ බයේද යන්නේ?? හු හු.....!!!!!!"


ඊට සිංහයාගේ පිළිතුර වුයේ " මම යන්නේ බයට නෙමෙයි. ගදට " යනුවෙනි.


මෙම කතාවේ කේසර සිංහයා අප කණ්ඩායමේ 'සිෆු ප්රෙමිල් නවීන්ද්‍ර' ය. අසූචි නාගත් ඌරා වන්නේ 'කොරතොට හොර අංගම් මොහොන්දිරම් අජන්ත මහන්තාරච්චි' ය. එතකොට හිවල් රැල වන්නේ ඔහුගේ 'ඇඟේ මැඩිල්ල රණපිල' නම් දෙකයි පනහේ කණ්ඩායමයි.


මේ අසූචි ඌරා ඌ විතරක් පාඩුවේ අසූචි නාගන්නවනම් අපට කම් නැත. නමුත් ඒ අසූචි අනිත් අයගේ ඇගවලද උලන්නට යන්නේ නම් ඒ අසූචි ඌරාව පන්නා දැමිය යුතුය.


ඉතිහාසය මෙසේ විය. කොරතොට හොර අංගම් මොහොන්දිරම් අජන්ත මහන්තාරච්චි ඇතුළු ඇඟේ මැඩිල්ල රණපිල' නම් දෙකයි පනහේ කණ්ඩායම 'අපේ අංගම්පොර තමා පොර' යනුවෙන් වහසි බස් දොඩමින් අනෙක් සටන්කලාවන් දෙකේ කොලේට දැම්මෝය. මේ මෝඩයන්ට සානුකම්පිත වූ අප සිෆු ප්රෙමිල් නවීන්ද්‍ර මහතා අප සටන් ක්‍රමයන්හි මහිමය සාක්ෂි සහිතව සිද්ධාන්තිකව ඉදිරිපත් කළේය. මෝඩ කොරතොට හොර අංගම් මොහොන්දිරම් අජන්ත මහන්තාරච්චි ඇතුළු ඇඟේ මැඩිල්ල රණපිල' නම් දෙකයි පනහේ කණ්ඩායම එවක පවසා සිටියේ 'නිල ශාස්ත්‍රය අඩංගු ඔවුන්ගේ හොර අංගම්වල පමණක්' බවයි. (නමුත් උන් දන්නා නිලයක්නම් නැත.) පසුව අප ප්රෙමිල් මැතිතුමා ඔවුන් හට චීන සටන් කලාවක් වන 'ඩිම් මාක්' නම් වූ  අතිශයෙන්ම මාරාන්තික වූ නිල ශාස්ත්‍රයම පමණක් පදනම් වූ සටන් කලාව පිළිබද ලියැවුණු අන්තර්ජාල පොතක් යවන ලදී. එයින් බිරන්තට්ටු වූ කොරතොට අංගම්හොරුන් අප ප්රෙමිල් මැතිතුමාව ඔවුන්ගේ සියලු වෙබ් අවකාශවලින් නෙරපා දැමීය. ඒ සමගාමීව 'අංගම්නම් අපියි පොර.. අංගම් තමා ලොවෙත් එක' නම් නරිවාදම කාටත් එපා වෙන පරිදි පවසා සිටියහ.
තිස් වසරක යුද්ධය අවසාන වීමත් සමගම අපේ කජු කොල්ලන්ට ලොවෙත් නැති සිංහලකමක් පහල වී රැහැයියන් මෙන් කෑ මොර දීමට පටන් ගෙන ඇත. එය හරියට සමාන වන්නේ හෝඩිය පන්තිවලදී ඉංගිරිසි බැරුව සුද්දාට බනිමින් සිංහලකම ගැන කතා කරන අත දරුවන් ගානටය. ඉතින් මෙහෙව් වූ මෝඩයන් රැලක් සිටිනා කල්හි දේශීයත්වය මාර්කට් කරනා වෙළෙඳුන්ට රජ මගුල්ය. එහෙව් වෙළෙන්දන් පිරිසක් වූ කොරතොට හොර අංගම් කල්ලියට කඩේ යන ගොන් රැලක්ද සිටි. උපන් ගෙයි මෝඩයන්ට ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත තේරෙන්නේ නැති නමුත් තවත් යමක් වටහා ගත හැකි පිරිසක් පවා මේ අංගම්හොරුන්ට රැවටෙන අයුරු අප දුටුවෝය. ඊට අමතරව ඔවුන්ගේ හොර අංගම්පොර ඉදිරියේ මුළු විශ්වීය සටන්කලාවම හෑල්ලු කරලීම සටන් කලාවට ආදරය කරන පිරිසක් වශයෙන් අපට තවත් කට බලියාගෙන සිටීමට නොහැකි විය. ඒ අනුව අපි හොර අජන්ත ප්‍රමුඛ ඇඟේ මැඩිල්ලගේ හොර හෙළි කිරීමට පටන් ගත්හ. ඒ අනුව අප පිටුවේ පලවූ මෙම පොස්ට් එක අනුව හොර අජන්ත ප්‍රමුඛ කොරතොට අංගම්හොරුන් කුපිත විය.http://www.facebook.com/photo.php?fbid=235849589842442&set=a.190945170999551.43953.190402481053820&type=3&theater


මෙයින් අනතුරුව කොරතොට අංගම්හොරුන්ගේ නරිවාදන් හරබේ ඇරබිණි. ඒවා සියල්ල එකින් එක දමන්නට ගියහොත් ඔබලාට මෙය කියවා අපිවද එපා වනු ඇත. නමුත් විස්තර දැනගැනීමට අවශ්‍යය අයට ඕනෑම වෙලාවක එම සිද්ධි ප්‍රින්ට් ස්ක්‍රීන් සමගම දිය හැකිය.


ඒ කෙසේ නමුත් දැන් සෑමදෙනාම කුහුලෙන් පසුවන්නේ ඊයේ සහ පෙරේදා සිදු වුයේ කුමක්ද යන්නයි. සරලව කිවහොත් කිසිත් සිදු වුයේ නැත. ශෝරින්-රියු වන මම පෙරේදා (21 සෙන./04/2012) ගාලු මුවදොර පිටියේ කල අභියෝගාත්මක සටනට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර අප සිෆු ප්රෙමිල් මැතිතුමා පන්ති කරන ස්ථානවලට වුවද පැමිණ ඔහුට තත්පර 30කින් සිහි නැතිවෙන්න පහර දෙනවා යැයි කටමැද දෙඩු කොරතොට අංගම්හොරුන් අවසානයේදී අප ප්රෙමිල් මැතිතුමාට පවසා සිටියේ නෛතික ලියවිලිවලි ඉදිරිපත් කිරීමකින් තොරව සටන් කල නොහැකි බවයි.


මෙම කතාවෙන් අපට සිහි වන්නේ සේනක විජේසි0හ වය. ඔහුත් මේ වගේම වචන හරබ කොට නුවර වැව රවුමේ කජු කොල්ලෙක්ගෙන් බඩ කට පිරෙන්න කෑ හැටි දන්නෝ දනිත්! අවසාන මොහොත දක්වාම අප සිතන් සිටියේ කොරතොට අංගම්හොරුන් එස්.ටී.එෆ්. චක්‍ ගෝලයෙක් හෝ එවයි යැයි කියාය. නමුත් කොරතොටෙන් බලු බල්ලෙක්වත් එදා නොපැමිණ. මේ අතර ඔවුන් තවමත් පවසා සිටින්නේ 'තවමත් අභියෝගය' විවෘත බවයි. කොරතොට අංගම්හොරුන් කරනා මේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් සෙල්ලම දැන් අපට හොදින් පුරුදුය. අංගම්පොරවල ප්‍රධාන කොටස් තුනක් ඇත. එනම්,
1. අංගම්
2. ඉලංගම් හා 3. මායා අංගම්ය. 
මේ අතරින් මොවුන් දන්නා අංගමක් නැත. මොවුන් දන්නේ 'කට මැද අංගම්' පමණි.

මොවුන්ගේ දෘෂ්ටි කෝණයට අනුව අප ඔවුන්ට අපහාස කර ඇත. එනම්, දැන් ඔවුන් ඔවුන්ගේ එක කරුණක් ක්‍රියාත්මක කල යුතුය. එනම්, ඔවුන් කී පරිදි අප තව දුරටත් ඔවුනට අපහාස කරන්නේ නම් ඔවුන් අප සිෆු ප්රෙමිල් මැතිතුමා පන්ති කරනා ස්ථානවලට සටනකට පැමිණිය යුතුය. එසේත් නැතිහොත් කොහොමත් කොන්දක් නැති කොරතොට හොර අජන්ත ඇතුළු අංගම් පිරිස නපුන්සකයන් රැලක් බව තවදුරටත් මොනවට පසක් වනු ඇත.



මේ ඔවුන් ඔවුන්ගේ වෙබ් අවකාශයන්හි පල නොකළ අප සිෆු ප්රෙමිල් මහතා සමග සිදු කල පුද්ගලික ෆේස්බුක් පණිවුඩ සංවාදයක කොටස් කීපයකි.

Angampora Sri Lanka
පහත යොමුවේ පිලිතුර ලිපිය සඳහන් වෙනවා. මේ ගැන වාද කිරීමට මා යන්නේ නැහැ. ප්‍රමීල් මහතාව අපගේ මුහුණු පොතේ බ්ලොක් කර ඇති බව මතක් වුණේ පසුවයි. ඒ ගැන ගුරුතුමාට චෝදනා කර තිබුණා. මෙම කටයුතු ගුරුතුමා සිදු කරන්නේ නැහැ. එතුමා කරන්නේ මා හට උපදෙස් දීම පමණයි. ප්‍රමීල් මහතා අභියෝගය නිවැරදිව කියවා නැති බව පෙනෙනවා. මෙම යොමුව කියවන්න.

මෙයට,
බණ්ඩාර,
ඇඟේ මැඬිල්ල රණපිල

http://insultingkorathota.blogspot.com/2012/04/shorin-ryu.html 
කොරතොට අංගම්පොර සම්ප්‍රදායට අඳබාලයින්ගේ ප්‍රහාර: වින්ග් චුන් කරුවන්ගේ Shorin Ryu ගේ නොනිමෙන මඩ ප්‍රහ
insultingkorathota.blogspot.com
අතීතයේ සිටම අපේ කම, අපේ රට, දැට, සමය පාවා දුන් පාහරයින් මේ සමාජයට බිහිවිය. එය අදටද එසේම ය. හෙටත් එසේ නොවේ යැයි සිතිය නොහැකි ය.අපේ කමට මුවාවී එය වනසන උදවියට එයට එරෙහි වන අය නිහඬ නොකළහොත් ඔවුන්ගේ කාරිය නිදහසේ කරගෙන යා නොහැකි ය. එනිසා ඔවුන් මොනයම් හෝ උපක්‍රම යොදමින් සැබෑ දේශප්‍රෙමීන් විනාශ කිරීමට මාන බ...
Share
Premil Naveendra
April 7
Premil Naveendra

මෙ ගැන තවත් කථාකිරීමට දෙයක් නැත.ඔබලා කියා ඇත්තේ මගේ පංතියට පැමිණ මට තත්පර 30 කින් ගහනවා කියාය. මා හට කීමට ඇත්තේ හැකිනම් එන ලෙසය හැබැයි පැමිණිය යුත්තේ ඔබේ ගුරුතුමාම බව නැවත අවධාරණය කරමි.
Angampora Sri Lanka
April 7
Angampora Sri Lanka

Angampora Sri Lanka
එහෙනම් පළමුව ඔබ අපේ තැනට පැමිණීම නොකරන බව පළමුව කියන්න. මන්ද අපි කියා ඇත්තේ ඔබට පැමිණෙන ලෙස මිස අප පැමිණෙනවා කියා නොවේ. අප පැමිණෙනවා නම් එය සිදු වන්නේ ඔබ නොපැමිනෙන්නේ නම් ය. එය අනියමාර්ථයෙන් යොදා ඇත.
Premil Naveendra
April 7
Premil Naveendra

මට ඔවා වැඩක් නැත . මට සංවාද අවශ්‍ය නැත .හැකිනම් එන්න.

Angampora Sri Lanka
April 7
Angampora Sri Lanka

Angampora Sri Lanka
අපි එන්න කිව්වම අපිට එන්න කියන්නේ ඔබට කෂෙරුකාවක් නොමැති නිසා යයි එසේ නම් අපට සලකන්නට සිදු වේවි. අපි එනවද නැද්ද කියන එක පසුව දැනුම් දෙන්නම්. ඔබට එන්න බැහැ කියා කියූ ලෙස මෙය සලකන්නම්. මා ඒ ගැන ගුරුතුමාට දැනුම් දෙන්නම්. ඔබට ආයුබෝවන් මහත්මයා.

මෙයට,
බණ්ඩාර.
Angampora Sri Lanka
April 8
Angampora Sri Lanka

Angampora Sri Lanka
ප්‍රමීල් නවීන්ද්‍ර මහතාට ඇඟේ මැඩිල්ල රණපිලෙන් කරන දැනුම් දීමයි.

අප විසින් කිසිදු සටන් ක්‍රමයකට අපහාස නොකරන අතර අපට චීන හෝ ජපන් හෝ වෙනයම් රටක සටන් ක්‍රමයක් අදාල නැත. අංගම් ශාස්ත්‍රයේ අයන්න වත් නොදැන අංගම් ශාස්ත්‍රයට අපහාස කිරීම පහත ක්‍රියාවක් සේ සලකන අතර අප මේතාක් වෙනත් සටන් ශිල්පීන්ට අභියෝග නොකලෙමු. අපි අභියෝග කලේ අපේ විෂයපථය තුළ ය. ඔබ විසින් විවිධ අන්වර්ත නම් වලින් කරගෙන යන පහත කරුණු නැවැත්විය යුතු ය.

1. අති උතුම් අංගම් ශාස්ත්‍රයට අපහාස කිරීම නැවැත්විය යුතු ය.
2. කොරතොට අංගම් සම්ප්‍රදායට මඩ ගැසීම නැවැත්විය යුතු ය.

3. ඔබට එන්න යයි අප විසින්http://insultingkorathota.blogspot.com/2012/04/shorin-ryu.html  යන ලිපියේ කරන ලද අභියෝගයට පැමිණීම පසෙකලා මෙම කරන ප්‍රකාශය අභියෝගය භාර ගැනීමක් නොවන නිසා පළමුව අපගේ ස්ථානයට පැමිණිය නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශ කරන්න.
3. එසේ එන්න බැහැ කියනවානම් හෝ ඉහත 1 හා 2 තවදුරටත් සිදු වනවානම් අපි ඔබගේ පන්ති කරන තැනට පැමිණීමට සූදානම්
කොරතොට අංගම්පොර සම්ප්‍රදායට අඳබාලයින්ගේ ප්‍රහාර: වින්ග් චුන් කරුවන්ගේ Shorin Ryu ගේ නොනිමෙන මඩ ප්‍රහ
insultingkorathota.blogspot.com
අතීතයේ සිටම අපේ කම, අපේ රට, දැට, සමය පාවා දුන් පාහරයින් මේ සමාජයට බිහිවිය. එය අදටද එසේම ය. හෙටත් එසේ නොවේ යැයි සිතිය නොහැකි ය.අපේ කමට මුවාවී එය වනසන උදවියට එයට එරෙහි වන අය නිහඬ නොකළහොත් ඔවුන්ගේ කාරිය නිදහසේ කරගෙන යා නොහැකි ය. එනිසා ඔවුන් මොනයම් හෝ උපක්‍රම යොදමින් සැබෑ දේශප්‍රෙමීන් විනාශ කිරීමට මාන බ...
Share
Angampora Sri Lanka
April 8
Angampora Sri Lanka

Premil Naveendra
මට ඔය කිසිදු පුරසාරමක් අවශ්‍ය නැත. ඒ වගේම ඔය කියන කිසිදු චෝදනාවක් මට අදාල නැත.ඔබ කරන්නේ අංගම් ද නැතහොත් වෙනයම් දෙයක් ද යන්නවත් මට අදාල නැත . මට පුශනදාන්න ආවොත් ඔබ කවරු උනත් මට ගැටලුවක් නැහැ.ඔබගේ ගුරුවරයාට අවශ්‍යනම් මාසමග සටනක් ඇවිත් වැඩ පෙන්නන්න තියන්න.මම ඔබගේ ගුරුවරයා මට පහරදෙන්න එනකම් බලාසිටිමි.විහේෂයෙන් කිවයුතුවන්නේ ඔබ ගේ සටන්ක්‍රමටය හෝ වෙනයම් කාටහෝ මම මඩ ගසනවානම් හෝ අභියෝග කරනවානම් එය මගේ නමින් කරනවා ඇරෙන්න කාගෙවත් නම්වලින් කරන්න තරම් නිවට නොවනබවයි. ඔබගේ කොන්දේසි නීතිරීති ඔබ තියාගන්න.ඕවා මට අදාල නැත මට පහර දෙන්න එන ඕනම කෙනෙකුට මම ගහනවා ඒකටත් මට නීති රිති කොන්දේසි අදාල නැතිබව මතක්කරනවා.

Angampora Sri Lanka
අපි එන්න සූදානම් ලබන 15 වන දින පන්තියේ ඔබ සිටිනවාද? මන්ද අවුරුදු නිසා. එසේ නොමැතිනම් 22 වෙනිදා ඉන්නවද? මෙම දින දෙකින් හො වෙනයම් දිනයක් කියන්න.

22 දින සිට සිටිමි.

Angampora Sri Lanka
බොහෝම ස්තූතියි. අපි 22 වනදා එනවා. අපි තවම ආවේ නැහැ වැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා.

තවත් කරුණක් ඔබ පන්ති කරන ස්ථානයේ ලිපිනය ලබා දෙන්න.

මම කිවුවනේ මම කටමැත දොවන්නෙක් නෙවේ කියලා.Health Fitness & Family Gym
Galpoththa Junction
Makola
Kiribathgoda.
Angampora Sri Lanka
April 8
Angampora Sri Lanka

Angampora Sri Lanka
ලිපිනයේ අංකය කුමක්ද?

22 වන ඉරිදා දිනය නිවැරදියි නේද?

ඔබ හිතුවද මට ලෙඩක් තියනවාකියලා බොරුකියන්න.මාකොළ ගල්පොත්ත හංදියේ තියෙන්නේ ඔය ක්‍රීඩාගාරය පමණයි.කිසිම අපහසුවක්නැහැ සොයාගන්න.පාර අයිනෙමයි තිබෙන්නේ.තව විස්තර අවශ්‍යනැතැයි සිතමි.

Angampora Sri Lanka
ස්තූතියි.

ගරු ප්‍රමීල් නවීන්ද්‍ර මැතිතුමනි,

අප විසින් 22 වන ඔබ ආයතනයට පැමිණ කිරීමට නියමිත සටන සම්බන්ධවයි.

ඔබගේ කණ්ඩායමේ Shorin Phoenix Ryu හෝ Shorin Ryu යන නම්වලින් පෙනී සිටින පුද්ගලයා විසින් ගාලු මුවදොර පිටියේදී සටනකට අභියෝග කොට ඇත.

එයින් ඔබ හා අප අතර පැවැත්වීමට නියමිත උක්ත සටනේ නීත්‍යානුකූලභාවය පිළිබඳව සැකයක් ඇතිවී ඇත. එනම් ඔබ සියලු දෙනා අපට අභියෝග කලේ රස්තියාදුකාර ගහ ගැනීමක් ලෙස සිතා සිටිනවා විය යුතු ය. එවන් රස්තියාදුකාර ගහගැනීම් අප සටන් කලාවේ නැත. එසේත් නොමැතිනම් නෛතිකව අප ගුරුතුමන්ව අපහසුතාවයට පත් කරන කුමන්ත්‍රණයක් විය යුතු ය. අප භාර ගනු ලැබුවේ සටන් කිරීමක් මිස ගහ ගැනීමක් නොවේ. එනම් නීත්‍යානුකූල හා න්‍යායාත්මක සටනකට ය. අංගම් සටනේ සටන් පැවැත්වෙන්නේ ගෞරවාන්විතව හා නීත්‍යානුකූලව ය. එම නිසා අඩුම වශයෙන් 21 වන දින වන විටවත් උක්ත සටන පැවැත්වීම සම්බන්ධ නීතිමය ලියකියවිලිවල පිටපත් අප වෙත ලැබෙන්න සලස්වන්න.

මෙයට,
ඇඟේ මැඬිල්ල රණපිල

  • ඔබට යමක් කිවයුතුය.Shorin Ryu නම්, යුද සටන් කලාවපසුපස ඇති යාථාර්තය නම් පිටුවේ ප්‍රධාන කර්තෘ වරයායි.අප සියලු දෙනා එම පිටුවේ අපට අයිති කලාවන්ට අයත් දේ පමණක් පලකරීමට කටයුතු කරනුලැබේ ඒ වගේම එය ඉතා නිදහසේ කාගේවත් බලපැමකාන් තොරව තම මතය පළකිරිමට අවකාශ ඇත එම නිසා Shorin Ryu ට ඔහු කමති මතයක් ප්‍රකාශකිරීමට නිදහස ඇත .මෙහිදී ඔබ විසින් මාගේ නමින් ම මාහට අභියෝග කර ඇති අතර ඒ විතරක්ද නොව ඔබ දිගින්දිගටම විංග් චුන් සටන් ක්‍රමයට ත් මට සහ ජෙරාඩ් මහතාටත් අපහසකරමින් ඔබගේ පිටුවේ නොයෙක් දේ පළකරඇත.එම නිසා ඔබගේ අභියෝගය මා පිළිගෙන ද ඇත.එසේනම් Shorin Ryu සම්බන්ද ගැටලුවක් ඇතැයි මම නොහිතමි.කිසිදු නිතිමය ලියවිලි ඔබට දීමට මම බැදි නැත.ඔබගේ අභියෝගය මාගේ පළමු අත්දැකීම ද නොවන බව මතක්තරමි.එමනිසා ඔබ කියන කිසිවක් මට අදාල නැත ඔබට සටනක් කරීමට අවශ්‍යනම් ඔබ දන්වා ඇති දිනයට පැමිණෙන්න.ඔයවැනි නීතිමය ලියවිලි ඉල්ලූ තවත් ප්‍රසිද්ධ එක් අයෙක් සටන් කලා ක්ෂේත්‍රයේ ඉන්නබව ඔබට මතක් කරමි.
    Angampora Sri Lanka
    55 minutes ago
    Angampora Sri Lanka

    Angampora Sri Lanka
    නෛතිකත්වයෙන් තොර සටනකට ඉදිරිපත් වීමට අපද බැඳී නැත. මේ අතර අද වන විටත් කිසිදු නෛතිකත්වයක් පසක් කළ හැකි ලියවිල්ලක් අප වෙත ඔබ විසින් ලබා දී නැත. එම නිසාවෙන් මෙම සටනට අප පැමිණෙන්නේ නැත.
    Premil Naveendra
    3 minutes ago

    Premil Naveendraඔබලා ඔබලාගේ පිටුවේ අනික් අයට අභියෝග කරනවිට ඔය කථා පවසන්නේ නැහැ නේද? කටේ නරිවාදම් රෙද්දපල්ලෙන් බේරෙනවා කියන්නේ ඔයවගේ ඒවාට බව ඔබට සිහිපත්කරමි.එබගේ පැමිනීමත් නොපැමිණීමත් තීරනය ඔබලාගේ අතේය.මට ඉන් අදාලනැත.මින් ඉදිරියටද මේ සම්බන්ධ සංවාද අවශ්‍යනැත.

    Angampora Sri Lanka
    අපි අභියෝග කලේ ඔබට ඒමට මිස අපට පැමිණීමට නොවන බව අමතක වුණාද? බියගුලු කමින් අපට එන්නට යයි පෙරලා කියූ ඔබගේ නොවේද රෙද්ද පල්ලෙන් බේරෙන්නේ. හන්දියක් ගානේ රස්තියාදුකාරයන්මේ ගහගන්න කථා කොට නෛතික ප්‍රශ්නයක් මතු කළේ අප මිස ඔබ නොවේ. අපි එනවා යයි කීවාම එය වැලැක්වීමට ගෝල්ෆේස් එන්න කීවේ ඔබලාමයි. එයින් මතුවූ නෛතිකත්වයට සූදානම් වීමට ඔබට නොහැකි විය. ඔබ වැනි පුද්ගලයන් මේ තරමින් හෝ තක්සේරු කිරීමට උචිත නොවන බව දැන් අපට පැහැදිලිය.

    * හන්දියක් ගානේ රස්තියාදුකාරයන්මේ ගහගන්න කථා කොට නෛතික ප්‍රශ්නයක් මතු කළේ ඔබ මිස අප නොවේ. (නිවැරදි කිරීම)


    Premil Naveendraකෙටියෙන් කියනවකම් ඔබලාගේ තක්සේරු මට අවශ්‍ය නැත.ඔබගේ ගුරුතුමා සමග සටන්කරන්න කැමති වූයේ මම පමණි එය මාවිසින් අපි යන බහු වචනයෙන් දන්වා නැත.එමනිසා ඔබ ඔය කියන කිසිම කරුණක් වැඩකට නැත.මින් ඉදිරියට ඔබ මොනවා එව්වත් මම ඊට පිළිතුරු නොමි.ඔබ මාහට එවා ඇති සියලු දේ මම ප්‍රසිද්ධකරීමට කටයුතු කරනබව ඔබට දන්වමි.


    Angampora Sri Lanka
    සාමුහිකව වැඩක් කරන වික සාමූහික වගකීම යන නෛතිකත්වය අදාල වන බව දණ්ඩ නීති සංග්‍රහය කියවීමෙන් ඔබට අවබෝධ වේවා. එමනිසා ඔබලාගේ එකතුවේ කටයුතුවල වගකීමෙන් ඔබට ඉවත් විය නොහැකි ය. එය එසේ වුවත්, ඔබට නෛතික ලියකියවිලි සකස් කරන ලෙස අප සතියකටත් පෙර දැනුම් දුන්නා. ඒ බව ප්‍රසිද්ධියෝ මුහුණු පොතේ මෙන්ම අප බ්ලොගයේද ප්‍රසිද්ධ කලා. එයට ඔබ අපහොසත් වී ඇත. ඔබගේ ප්‍රසිද්ධ කිරීම්වලට අප බිය නැත. හැකි නම් ලියකියවිලි සකස් කරන්න. නොමැතිනම් අප වෙත එන්න. තවදුරටත් ඔබට අභියෝගය විවෘත්තයි.

    *************

    මෙන්න මේකයි සංවාදය. මුන් ඇවිත් දන්නේ කටමැද අංගම් යැයි මා කිව්වේ කටකහනවටද???? අපේ තැනට ඇවිත් ගහනවා කිව්වේ කොරතොට හොර අංගම් හැත්තයි. එසේනම් දෙන නීති ලියවිල්ලක් මුලින් දිය යුත්තේ උන් ය. මුන් මේ සැරසෙන්නේ වෙනත් මගඩියකටය. එනම්, බැරි වෙලාවත් අප සිෆු ප්රෙමිල් මැතිතුමා මොවුන්ට නීති ලියවලි සමග අභියෝගාත්මක ප්‍රකාශයක් යැව්වේ නම් මුන් පොලිසිය ඉදිරියට ගොස් 'මරණ තර්ජනය කලා' යැයි පැමිණිල්ලක් දමනු නොඅනුමානය.

    තවත් කොරතොට හොර අජන්ත ප්‍රමුඛ කෙනෙහිල් ඇඟේ මැඩිල්ලේ සෙප්පඩ විජ්ජාවලට හසු නොවෙමු!!!

    ජය ශ්‍රී!!!!!

    ~S.R.