ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Friday, February 22, 2013

හොඳම සටන් පරාසය කුමක්ද?


(මෙම රූපයෙන් දැක්වෙන්නේ මාගේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ සාමාජිකයන් දෙදෙනෙක් 'පොර බැඳීමේ පරාසයේ' එක්තරා සටන් උපක්‍රමයක් පුහුණු වන ආකාරයයි!)

කව්රුහරි මගෙන් ඇහුවොත් 'හොඳම සටන් පරාසය මොකක්ද?' කියල මම දෙන උත්තරේ තමයි 'පොර බැඳීමේ සටන් පරාසය'. ඒක හේතු රැසක් තියෙනවා.

1. මෙතෙක් ලොව හෙල්ලූ වැඩිම සටන්කරුවන් පිරිසක් බිහි වී ඇත්තේ එම සටන් පරාසයෙන් නිසා.
2. වෙනත් සටන් පරාසයන්ට සාපේක්ෂව කාර්යක්ෂමව හා ඉක්මනින් ඉගෙන ගැනීමට හැකිවන නිසා.
3. අනෙකුත් සටන් පරාසයන්වලට වඩා ඉගැන්වීම් හා ශිල්පීය ක්‍රම ඉතා සරල ඒවා වන නිසා.
4. සැබෑ සටන බොහෝ විට සිදුවන්නේ හෝ කෙළවර වන්නේ 'පොර බැඳීමේ සටන් පරාසයෙන්' නිසා.

මම ඔය කිව්ව කරුණුවලට හේතුව තමයි 'මිනිසා' යනු 'වානර කුලයේ' සතුන් කොට්ටාශයක් වීම. ස්වභාවයෙන්ම විවිධ සතුන්ට විවිධ සටන් ශෛලීන් උරුම වෙලා තියෙනවා. එවන් සතුන් පස් දෙනෙකුගේ සටන් ස්වභාව නිරික්ස්සලනේ 'ශාඕලින් කුන්ග්-ෆු' බිහි වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ වානර කුලයේ අපිට ස්වභාවධර්මයාගෙන් උරුම වෙලා තියෙන, එහෙමත් නැත්නම් ජන්මෙන් උරුම වෙච්ච සටන් ශෛලීය තමයි 'පොර බැඳීම'. ඇත්තට ගහගෙන තියෙන අය මේ ගැන හොඳට දන්නවා ඇතිනේ?? ඒ වගේම තමයි ඔයා කරාතේ, ටයිකුවාන්ඩෝ වගේ මොන සටන් ක්‍රම කරන අය උනොත් බොහෝ විට ඇත්ත සටනේදී බදා ගන්නවනේ??? ඒ නිසානේ ඔය ටූන්ර්මන්ට්ස්වලදී බදාගත්තම 'බ්රේක්....................' කියල රෙෆ්රි කෑගහන්නේ. හැබැයි අන්න ඒ අතින් මම හැමදාම බනින එම්.එම්.ඒ. මම අගය කරනවා. මොකද එයාල 'පොර බැඳීමේ සටන් පරාසයෙදී' සටන නොනවත්වන නිසා.

බ්රූස් ලී ගේ නියමයට අනුව සෑම සටන්කරුවෙක් ම අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතුම සටන් පරාසය තමයි 'පොර බැඳීමේ සටන් පරාසය' කියන්නේ. අන්න ඒක නිසා තමයි බ්රූස් අනෙක් සටන් පරාසයන් තුනේම අතිදක්ෂයෙක් වුනත් 'ගෙනී ලීබල්' ගෙන් 'ජු-ජිට්සු' ඉගෙනගන්නේ. ලෝකේ මුලින්ම භූමි සටන් ක්‍රම ජනප්‍රිය කලෙත් බ්රූස් ලී. පස්සේ තමයි ග්රේසි පවුල  බ්‍රසීලින් ජු-ජිට්සු වලින් ලෝකේ හෙල්ලුවේ.

බ්රූස් ලීගේ ග්‍රවුන්ඩ් ෆයිටිං බලන්නකෝ!!


***********************************************
Sifu Marthos (Admin of the යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. )

මෙම ලිපිය මාගේ බ්ලොග් අවකාශයටද ඇතුලත් කර ඇත >>>>http://thetruthbehindthemartialart.blogspot.com/

මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
***********************************************

To join with my martial arts classes >>>> Marthos SWAT team. (M.S.T.)

Games වලට ලංකාවේ හොඳම බ්ලොග් සයිට් එක >>> http://cyber-ceylon.blogspot.com/

Thursday, February 21, 2013

අපේ කාලයේ තවත් එක් අභීත දියණියක්! "ජෙසිකා කොස්"


Monday, February 18, 2013

කළු පටිය

කරාතේ, කුන්ග්-ෆු ඇතුළු ලොව ප්‍රචලිත බොහෝ සටන් කලාවන් රැසකම වාගේ ඇතැම් විට ඉහලම පදවිය හෝ ගෞරව උපාධිය ලෙස සලකනුයේ 'කළු පටියයි'. මන්ද එය සටන් කලා ශිල්පියකුගේ සාර්ථකත්වය සංකේතවත් කරන්නා වූ කැඩපතක් බඳු වන නිසාය.

මීට දශක ගණනාවකට පෙර කළ
ු පටිදාරීන් ලොව සිටියේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණක් වන අතර වර්තමානයේ පඳුරකට ගැසුවොත් දුසිම් ගණනින් කළු පටිකාරයින් විසි වේ. ඒ හේතුව නිසාම අතීතයේ මෙන් නොව වර්තමානයේ කළු පටිදාරීන් ට ඇති පිළිගැනීම බෙහෙවින් ක්ෂීණ වී ඇත. සරලව කිවහොත් දැන් 'කළු පටිකාරයින් බලු වී ඇත!'

යුධ වැදීම පිණිසම සටන් පුහුණු වූ අතීතයේ සිටි සටන් ශිල්පීන් පටි බැඳ ගත්තේ ඇඳි වත රැකගැනීම සඳහා පමණි. පසුව ක්‍රම ක්‍රමයෙන් යම් කිසි පටියක් ඉන වටා බැඳගැනීමේ වැදගත්කම ගැන ඔවුනට අවබෝධ විය. 'චී' ශක්තියේ ප්‍රධාන මූලස්ථානය වන්නේ ඉන ප්‍රදේශයයි. එම ඉන ප්‍රදේශයේ ඉන පටියක් ගැට ගැසුවහොත් එම ශක්තිය එක් තැනකට ගෙන ඒම පහසුවන බව ඔවුනට අවබෝධ විය. වර්තමානයේ වුවද සටන් කලා සිසුවන් 'ගී එකට බැස්සහම අමුතු ගැම්මක් එනවා' යැයි කියන්නේද මෙම කරුණ නිසාය.

කාලානුරූපීව මෙම ඉන පටිය සංකේතාත්මක කාරණයක් වශයෙන් යොදාගන්නා ලදී. ඉන් මුල් අවධිය ලෙස සැලකෙන්නේ සටන් බිමේ සිටි සිය සඟයින් වෙන් කර හඳුනාගැනීමයි. විවිධ වර්ණවලින් හා ලාංජන වලින් සුසැඳි ඉන පටි පැළඳි පුද්ගලයින්ගෙන් ඔවුන් අයත් සටන් සංවිධානය, හා තත්ත්වය පෙන්නුම් කරන ලදී. ඇතැමුන් මෙම සංකේතාත්මක පටිය හිසෙහිද බඳින ලදී.

යුධකාරී වාතාවරණය නිමා වූවත් පැරණි චාරිත්‍ර ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට සටන් කලා ශිල්පීන් කටයුතු කරන ලදී. ඒ අනුව 'කළු පටිදාරියෙකු' හඳුන්වනු ලැබුවේ ජේෂ්ට අතිදක්ෂ සටන්කරුවෙකු ලෙසය.

කාලය වෙනස් විය. මුදල් වලට සමාජයේ මුල් තැන හිමිවිය. සටන් ගුරුවරු 'සටන් කලාව' සල්ලි හම්බු කිරීමේ උල්පතක් ලෙස යොදාගන්නා ලදී. එහි වරදක්ද කිවනොහැක. මන්ද යුධකාරී වාතාවරණයේදී ඔවුනට සමාජයෙන් ජීවත් වීම සඳහා උපකාරය ලැබිණි. නමුත් පසුව ඔවුන් ගැන නොසලකා හැරීමෙන් ඔවුන් අන්ත දුගී භාවයට පත් විය. එනමුත් මෙහි අනිටු ප්‍රතිපලයක් වශයෙන් නිසි ප්‍රමිතියකින් තොර අදක්ෂයින් රැසක් බිහි විය. 'කළු පටිය' ලක්ෂ ගණන් වලට අලෙවි විය. තවමත් එසේමය. හොර කළු පටිකාරයින්ද බිහි විය. ඔවුනට පොල් අඩිකාරයින් සමඟවත් සටන් කිරීමට නොහැකි විය. එම නිසා ඔවුහු එම්.එම්.ඒ. කාරයන්ගෙන් හොඳ හැටි සප්පායම් වුණෝය. පොල්ලක් ගත් විට පණ එපා යැයි කියමින් දිව්වෝය.

බ්රූස් ලී ට අනුව කළු පටිය යනු තවත් එක් පටියක් පමණි. එයට කළහැකි දෙයක් නොමැත. එය ඔහු ප්‍රායෝගිකවම ඔප්පු කර ඇත. ලොවම දන්නා බ්රූස් ලී ට ලොව කිසිඳු පිළිගත් සංගමයකින් කළු පටියක් නැත. එහෙත් බ්රූස් ලී ගේ ජු-ජිට්සු ගුරුවරයා වූ 'Gene Lebell' බ්රූස් ලී ගේ ප්‍රථම පුහුණු දිනයේම ඔහුට 'ජු-ජිට්සු ගී' එක බැඳ ගැනීමට කළු පටියක් දුන්නේය. ඒ ඔහුගේ අසීමිත දක්ෂතාවය නිසාය. නමුත් ඔහු එවක ලොව සිටි කළු පටිකාරයින්ට පමණක් නොව රතු පටිකාරයන්ගේ පවා පස්සට ගසා පන්නා දැම්මේය.

ලෝකයේ පමණක් නොව අද සමාජයේ කළු පටියක් ලැබෙන්නේ ගුරුවරයාට වැඩිම ගොට්ට අල්ලන පුද්ගලයාටය. ඒ පිළිබඳව පුද්ගලික අත්දැකීම් රැසක් Sifu Marthos වන මටද ඇත. වසර ගණනක් එක්තරා කරාතේ සංගමයකට දහදිය හා මහන්සිය කැප කර ශූරතාවලි හා සංදර්ශනවලට සහභාගී වීම හා මෙහෙයවීම මඟින් කරාතේ සටන් කලාවට පමණක් නොව කරාටේ සටන් ක්‍රීඩාවේ උන්නතියට පවා වීරිය යෙදු මට කළු පටියක් හෝ අඩුම තරමේ දුඹුරු පටියක්වත් නොමැති විය. එහෙත් වසර තුනකටත් වඩා අඩු කාලයකින් වයසින් පවා ඉතා අඩු අයට, කකුලක් අංශක එකසිය අසූවට තබා අනූවට වත් උස්සා ගත නොහැකි බොහෝ දෙනෙකුට කළු පටි ලැබුණි.

සිය දක්ෂතාවය තමා ප්‍රත්‍යක්ෂයෙන් වටහාගන්නේ නම් කළු පටි අවැසි නැත. ඔබ කළු පටියක් බැඳගෙන සිටින අයෙක් නම් සත්‍යය වශයෙන්ම එම පටියෙන් නිරූපනය කරන්නා වූ දක්ෂතාවය ඔබ තුල ඇත්දැයි ඔබ ඔබගේ හෘදසාක්ෂියෙන් විමසා බලන්න!

ජය ශ්‍රී!


***********************************************
~ Sifu Marthos (Admin of the යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. )

මෙම ලිපිය මාගේ බ්ලොග් අවකාශයටද ඇතුලත් කර ඇත >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
***********************************************

To join with my martial arts classes >>>> Marthos SWAT team. (M.S.T.)


Games වලට ලංකාවේ හොඳම බ්ලොග් සයිට් එක >>> http://cyber-ceylon.blogspot.com/

Thursday, February 7, 2013

සැබෑ සටන් පුහුණුවක් කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා 'සටන් පුහුණුවක්' යනුවෙන් සිතනුයේ ශරීරයට අනේක විධ වද දීමයි. සැබවින්ම සටන් පුහුණුව යනු 'සැන්ඩෝ' වැනි ක්‍රීඩාවක් හෝ කුමන ආකාරයේක වත් 'අත්තකිලමථානුයෝගයක්' නොවේ.

බුදු දහමේ එන මැදුම් පිළිවෙත සටන් කලාවෙහි බෙහෙවින් භාවිතා වේ. ඒ අනුව ඇඟේ සීරිමක්වත් නොවී පුයර බබෙකු මෙන් සටන් පුහුණුවක් කල නොහැකි සේම අත පය කඩාගෙන කරන සටන් පුහුණුවක්ද නොමැත්තේය.

සටන් පුහුණුව යනු පියවරෙන් පියවරට ක්‍රමානුකූලව ඉදිරියට ගලාගෙන ශාරීරික හා මානසික පදම් කිරීමකි. ඒ තුල බ්‍රොයිලර් න්‍යාය වලංගු නොවේ. පදම් කරවීම යනු හානි කරවීම නොවේ. වේදනා දීම නොවේ.

ලංකාවේ සටන් පුහුණුව යයි කියමින් 'අත්තකිලමථානුයෝගය' අනුගමනය කරන බොහෝ සිසුවන් මෙන්ම ගුරුවරුන්ද සිටී. එයින් වැඩිම කුලකයට අයත් වන්නේ 'කියෝකුෂින් කායි කාන් කරාතේ' කරුවන්ය. ඔවුන් ගේ දේවතාවා වන්නේ මාස්ටර් ඔයාමාය. සැබවින්ම මාස්ටර් ඔයාමා යනු කරාතේ ලොව දෙවියෙක් බඳුය. නමුත් ශ්‍රී ලංකාව තුල අන්ධ ව්ශ්වාසයෙන් යුතුව ඔහුගේ පුහුණු ක්‍රමය වරදවා වටහාගෙන සිටිනා පිරිස් ඇත. මාස්ටර් ඔයාමා ඉතා රළු පුහුණුවක් කල පුද්ගලයෙක් බව සැබෑය. නමුත් ඔහු කෙදිනකවත් තමාට හානි පමුණුවා ගත්තේ නැත. ඔහු කෙතරම් රළු සටන් පුහුණුවක් සිදු කරත් ඒ තුල ක්‍රමානුකූල ගලායාමක් විය. ඔහු එක් වරම හිම කඳු නැගීමට ගියේ නැත. අතින් කළු ගල් කැඩීමට ගියේ නැත. ඔහු එසේ කලේ නම් විප්ලවකාරී සටන් ශිල්පියෙකු වීම කෙසේ වෙතත් ඔහු ආබාධිතයකු වනු නො අනුමානය.

සැබෑ සටන් පුහුණුව තුලින් ආබාධිත පුද්ගලයෙකු බිහි නොවේ. ශරීරාබාධ ඇති නොකෙරේ. 'පුෂ් අප්ස් සීයක් ගැසීම' යනු සටන් පුහුණුවක් නොවේ. නිවැරදි සටන් පුහුණුව යනු ඉතා ප්‍රාථමික සටන් ශිල්පීය ක්‍රමයක් ගෙන එයම සිය දහස් වාරයක් නොකඩවා පුහුණු වීමයි.

ජපානයේ ගෝජු-රියු කරාතේ කරනා අය පුෂ් අප්ස් ගසන්නේ පොලොවට තුවායක් දමා නවා ඒ තුල සිය මිට මෙලවූ දෑත් තබාය. නමුත් අපේ අයියලා වැඩ පෙන්වීමට එය කරන්නේ බොරළු පොළොවේ සිය මිට මෙලවූ දෑත් තබාය. අවසානයේ ඔවුන්ගේ නකස්ල්ස් කළු වී ඇත. නකල්ස් කළු කරගත් අපේ අයියල සිතනුයේ දැන් තමන්ට වඩා වැඩ්ඩන් නැති බවය. එනමුත් කරාතේ උපන් රටේ කරාතේ ගුරුවරුන්ගේ පවා දෑත් ප්‍රකෘති තත්ත්වයෙන් පවතී.

සටන් පුහුණුව යනු ශරීරයට දුක් පමුණුවා ගැනීම නොවේ!!!!!!


************************************************

~ Sifu Marthos (Admin of the යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.)

මෙම ලිපිය මාගේ බ්ලොග් අවකාශයටද ඇතුලත් කර ඇත >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
***********************************************


Games වලට ලංකාවේ හොඳම බ්ලොග් සයිට් එක >>> http://cyber-ceylon.blogspot.com/