ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Saturday, December 24, 2011

යුධ සටන් කලාවේ ඉතිහාසය මානවයාගේ ආරම්භය තෙක්ම දිව යන්නේය. අවට සිටින සතුරන්ගෙන් තම දිවි බේරාගැනීම, රැහේ නායකත්වය සදහා සටන් වැදීම යන මුලික කරුණු පාදක කොට ගෙන බිහි වූ සටන් කලාව මානව පරිණාමයේ මහත් වූ විප්ලවයක් සිදු කල වැදගත් සාධකයකි. පුරාවිද්‍යාත්මක කැනීම් මගින් හමු වූ ප්‍රාග් මානවයා විසන් භාවිතා කරන ලද ගල් ආයුධ සහ වෙනත් ආයුධ මගින් ඔවුන් සතුව තිබූ සටන් දැනුම මොනවට විදහා පායි.
ඒ කෙසේ නමුත් විශ්වීය සටන් කලාවේ නිල උත්පත්තිය සිදුවන්නේ චීනයේ ෂාඕලින් ආරාමය තුලයි. ඒ මන්ද, නිසි ප්‍රමිතීන් සහිතව ලොව වැඩිම සටන් කලා බිහි වූයේ මෙම ආරාමය තුලින් වීමෙනි. ඉන්දියාවේ විසූ බෝධි ධර්ම හිමි බුදු දහම ප්‍රචාරය කිරීම වස් චීනයට වැඩම කල අතර එහි එවකට සිටි පාලකයාට එම දහම තේරුම් ගැනීමට නොහැකි වූයෙන් උන් වහන්සේ චීනයේ වත්මන් ෂාඕලින් ආරාමය පිහිටි ප්‍රදේශයට වැඩම කළේය. මෙහිදී, උන්වහන්සේ යටතේ පැවිදි වූ භික්ෂූන්ට අධික ලෙස භාවනායෝගීව සිටීමට සිදු වූ හෙයින් ඔවුන්ට විව්ධ ශාරීරික දුර්වලතා ඇති විය. එම දුර්වලතා මග හරවාලීම සදහා බෝධි ධර්ම හිමියන් විසින් එම  භික්ෂූන්වහන්සේලාට ව්‍යායාම් ක්‍රම කීපයක් මිශ්‍රිත 'අයි චී වින්ග්' නැමැති සටන් ක්‍රමය උගන්වන ලදී. මෙම සටන් ක්‍රමය බෝධි ධර්ම හිමි සිය උපන් රටෙහිදී ඉගෙන ගත් සටන් ශිල්පයකි.

ටික කලක් යන විට මෙම භික්ෂූන්වහන්සේලාට විව්ධ උපද්‍රවවලට මුහුණ දීමට සිදු විය. බවුන් වැඩීමේදී උන්වහන්සේලා වැඩිපුරම සිටියේ අරණ්‍යවාසීවයි. මෙහිදී උන්වන්සේලාට වන සතුන්ගෙන් හා සොර සතුරන්ගෙන් විවිධ ප්‍රහාර එල්ලවීමට පටන් ගත්හ. මේවායින් බේරීම සදහා උන්වහන්සේලා ඉගෙනගත්  ව්‍යායාම් ක්‍රම කීපයක් මිශ්‍රිත 'අයි චී වින්ග්' සටන් ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් දියුණු වී අවසානයේදී ඉතා දියුණු සටන් ක්‍රමයක් බිහිවිය. එය වර්තමානයේදී හදුන්වන්නේ 'ෂාඕලින් කුන්ග් ෆු' නමිනි. 'කුන්ග් ෆු' යනු 'යමක නිපුණ' යන්නයි. මෙම අති දියුණු සටන් කලාව ඉතා දීර්ඝ කාලයක් ඉතා රහසිගතව මෙම භික්ෂූන්වහන්සේලා අතරම පමණක් පැවති අතර ආරාමය අවට සිටි වැසියන්ට විවිධ සොර සතුරු උවදුරුවලට මුහුණ පෑමට සිදුවූ හෙයින් මෙම මාහැගි සටන් කලාව ලොවට විවර විය.
විව්ධ කාලවලදී ෂාඕලින් ආරාමය ට විවිධ උපද්‍රව පැමිණි මුත් අද දක්වාම එය නොනැසී පවතින්නේ එහි වෙසෙන ෂාඕලින් භික්ෂූන්වහන්සේලාගේ අපරිමිත වීර්ය සහ කැපවීම නිසයි.
අද වන විට ලොව සෑම රටකම පාහේ ඔවුන්ටම ආවේනික වූ සටන් ක්‍රම ඇති වුවත් ඒ බොහොමයක් සටන් ක්‍රමවලට ලැබී ඇත්තේ ෂාඕලින් ආභාෂයයි. එමෙන්ම විශ්වීය සටන් කලාවේ පියා ලෙස සැලකෙන්නේ 'බෝධි ධර්ම' හිමියි. ඒ මන්ද, විශ්වීය සටන් කලාවේ ප්‍රගමනයට ඉමහත් සේවාවක් උන්වහන්සේ විසින් සිදුකර ඇති බැවිනි.

No comments:

Post a Comment