ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Friday, February 22, 2013

හොඳම සටන් පරාසය කුමක්ද?


(මෙම රූපයෙන් දැක්වෙන්නේ මාගේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ සාමාජිකයන් දෙදෙනෙක් 'පොර බැඳීමේ පරාසයේ' එක්තරා සටන් උපක්‍රමයක් පුහුණු වන ආකාරයයි!)

කව්රුහරි මගෙන් ඇහුවොත් 'හොඳම සටන් පරාසය මොකක්ද?' කියල මම දෙන උත්තරේ තමයි 'පොර බැඳීමේ සටන් පරාසය'. ඒක හේතු රැසක් තියෙනවා.

1. මෙතෙක් ලොව හෙල්ලූ වැඩිම සටන්කරුවන් පිරිසක් බිහි වී ඇත්තේ එම සටන් පරාසයෙන් නිසා.
2. වෙනත් සටන් පරාසයන්ට සාපේක්ෂව කාර්යක්ෂමව හා ඉක්මනින් ඉගෙන ගැනීමට හැකිවන නිසා.
3. අනෙකුත් සටන් පරාසයන්වලට වඩා ඉගැන්වීම් හා ශිල්පීය ක්‍රම ඉතා සරල ඒවා වන නිසා.
4. සැබෑ සටන බොහෝ විට සිදුවන්නේ හෝ කෙළවර වන්නේ 'පොර බැඳීමේ සටන් පරාසයෙන්' නිසා.

මම ඔය කිව්ව කරුණුවලට හේතුව තමයි 'මිනිසා' යනු 'වානර කුලයේ' සතුන් කොට්ටාශයක් වීම. ස්වභාවයෙන්ම විවිධ සතුන්ට විවිධ සටන් ශෛලීන් උරුම වෙලා තියෙනවා. එවන් සතුන් පස් දෙනෙකුගේ සටන් ස්වභාව නිරික්ස්සලනේ 'ශාඕලින් කුන්ග්-ෆු' බිහි වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ වානර කුලයේ අපිට ස්වභාවධර්මයාගෙන් උරුම වෙලා තියෙන, එහෙමත් නැත්නම් ජන්මෙන් උරුම වෙච්ච සටන් ශෛලීය තමයි 'පොර බැඳීම'. ඇත්තට ගහගෙන තියෙන අය මේ ගැන හොඳට දන්නවා ඇතිනේ?? ඒ වගේම තමයි ඔයා කරාතේ, ටයිකුවාන්ඩෝ වගේ මොන සටන් ක්‍රම කරන අය උනොත් බොහෝ විට ඇත්ත සටනේදී බදා ගන්නවනේ??? ඒ නිසානේ ඔය ටූන්ර්මන්ට්ස්වලදී බදාගත්තම 'බ්රේක්....................' කියල රෙෆ්රි කෑගහන්නේ. හැබැයි අන්න ඒ අතින් මම හැමදාම බනින එම්.එම්.ඒ. මම අගය කරනවා. මොකද එයාල 'පොර බැඳීමේ සටන් පරාසයෙදී' සටන නොනවත්වන නිසා.

බ්රූස් ලී ගේ නියමයට අනුව සෑම සටන්කරුවෙක් ම අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතුම සටන් පරාසය තමයි 'පොර බැඳීමේ සටන් පරාසය' කියන්නේ. අන්න ඒක නිසා තමයි බ්රූස් අනෙක් සටන් පරාසයන් තුනේම අතිදක්ෂයෙක් වුනත් 'ගෙනී ලීබල්' ගෙන් 'ජු-ජිට්සු' ඉගෙනගන්නේ. ලෝකේ මුලින්ම භූමි සටන් ක්‍රම ජනප්‍රිය කලෙත් බ්රූස් ලී. පස්සේ තමයි ග්රේසි පවුල  බ්‍රසීලින් ජු-ජිට්සු වලින් ලෝකේ හෙල්ලුවේ.

බ්රූස් ලීගේ ග්‍රවුන්ඩ් ෆයිටිං බලන්නකෝ!!


***********************************************
Sifu Marthos (Admin of the යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. )

මෙම ලිපිය මාගේ බ්ලොග් අවකාශයටද ඇතුලත් කර ඇත >>>>http://thetruthbehindthemartialart.blogspot.com/

මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
***********************************************

To join with my martial arts classes >>>> Marthos SWAT team. (M.S.T.)

Games වලට ලංකාවේ හොඳම බ්ලොග් සයිට් එක >>> http://cyber-ceylon.blogspot.com/

Thursday, February 21, 2013

අපේ කාලයේ තවත් එක් අභීත දියණියක්! "ජෙසිකා කොස්"


Monday, February 18, 2013

කළු පටිය

කරාතේ, කුන්ග්-ෆු ඇතුළු ලොව ප්‍රචලිත බොහෝ සටන් කලාවන් රැසකම වාගේ ඇතැම් විට ඉහලම පදවිය හෝ ගෞරව උපාධිය ලෙස සලකනුයේ 'කළු පටියයි'. මන්ද එය සටන් කලා ශිල්පියකුගේ සාර්ථකත්වය සංකේතවත් කරන්නා වූ කැඩපතක් බඳු වන නිසාය.

මීට දශක ගණනාවකට පෙර කළ
ු පටිදාරීන් ලොව සිටියේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණක් වන අතර වර්තමානයේ පඳුරකට ගැසුවොත් දුසිම් ගණනින් කළු පටිකාරයින් විසි වේ. ඒ හේතුව නිසාම අතීතයේ මෙන් නොව වර්තමානයේ කළු පටිදාරීන් ට ඇති පිළිගැනීම බෙහෙවින් ක්ෂීණ වී ඇත. සරලව කිවහොත් දැන් 'කළු පටිකාරයින් බලු වී ඇත!'

යුධ වැදීම පිණිසම සටන් පුහුණු වූ අතීතයේ සිටි සටන් ශිල්පීන් පටි බැඳ ගත්තේ ඇඳි වත රැකගැනීම සඳහා පමණි. පසුව ක්‍රම ක්‍රමයෙන් යම් කිසි පටියක් ඉන වටා බැඳගැනීමේ වැදගත්කම ගැන ඔවුනට අවබෝධ විය. 'චී' ශක්තියේ ප්‍රධාන මූලස්ථානය වන්නේ ඉන ප්‍රදේශයයි. එම ඉන ප්‍රදේශයේ ඉන පටියක් ගැට ගැසුවහොත් එම ශක්තිය එක් තැනකට ගෙන ඒම පහසුවන බව ඔවුනට අවබෝධ විය. වර්තමානයේ වුවද සටන් කලා සිසුවන් 'ගී එකට බැස්සහම අමුතු ගැම්මක් එනවා' යැයි කියන්නේද මෙම කරුණ නිසාය.

කාලානුරූපීව මෙම ඉන පටිය සංකේතාත්මක කාරණයක් වශයෙන් යොදාගන්නා ලදී. ඉන් මුල් අවධිය ලෙස සැලකෙන්නේ සටන් බිමේ සිටි සිය සඟයින් වෙන් කර හඳුනාගැනීමයි. විවිධ වර්ණවලින් හා ලාංජන වලින් සුසැඳි ඉන පටි පැළඳි පුද්ගලයින්ගෙන් ඔවුන් අයත් සටන් සංවිධානය, හා තත්ත්වය පෙන්නුම් කරන ලදී. ඇතැමුන් මෙම සංකේතාත්මක පටිය හිසෙහිද බඳින ලදී.

යුධකාරී වාතාවරණය නිමා වූවත් පැරණි චාරිත්‍ර ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට සටන් කලා ශිල්පීන් කටයුතු කරන ලදී. ඒ අනුව 'කළු පටිදාරියෙකු' හඳුන්වනු ලැබුවේ ජේෂ්ට අතිදක්ෂ සටන්කරුවෙකු ලෙසය.

කාලය වෙනස් විය. මුදල් වලට සමාජයේ මුල් තැන හිමිවිය. සටන් ගුරුවරු 'සටන් කලාව' සල්ලි හම්බු කිරීමේ උල්පතක් ලෙස යොදාගන්නා ලදී. එහි වරදක්ද කිවනොහැක. මන්ද යුධකාරී වාතාවරණයේදී ඔවුනට සමාජයෙන් ජීවත් වීම සඳහා උපකාරය ලැබිණි. නමුත් පසුව ඔවුන් ගැන නොසලකා හැරීමෙන් ඔවුන් අන්ත දුගී භාවයට පත් විය. එනමුත් මෙහි අනිටු ප්‍රතිපලයක් වශයෙන් නිසි ප්‍රමිතියකින් තොර අදක්ෂයින් රැසක් බිහි විය. 'කළු පටිය' ලක්ෂ ගණන් වලට අලෙවි විය. තවමත් එසේමය. හොර කළු පටිකාරයින්ද බිහි විය. ඔවුනට පොල් අඩිකාරයින් සමඟවත් සටන් කිරීමට නොහැකි විය. එම නිසා ඔවුහු එම්.එම්.ඒ. කාරයන්ගෙන් හොඳ හැටි සප්පායම් වුණෝය. පොල්ලක් ගත් විට පණ එපා යැයි කියමින් දිව්වෝය.

බ්රූස් ලී ට අනුව කළු පටිය යනු තවත් එක් පටියක් පමණි. එයට කළහැකි දෙයක් නොමැත. එය ඔහු ප්‍රායෝගිකවම ඔප්පු කර ඇත. ලොවම දන්නා බ්රූස් ලී ට ලොව කිසිඳු පිළිගත් සංගමයකින් කළු පටියක් නැත. එහෙත් බ්රූස් ලී ගේ ජු-ජිට්සු ගුරුවරයා වූ 'Gene Lebell' බ්රූස් ලී ගේ ප්‍රථම පුහුණු දිනයේම ඔහුට 'ජු-ජිට්සු ගී' එක බැඳ ගැනීමට කළු පටියක් දුන්නේය. ඒ ඔහුගේ අසීමිත දක්ෂතාවය නිසාය. නමුත් ඔහු එවක ලොව සිටි කළු පටිකාරයින්ට පමණක් නොව රතු පටිකාරයන්ගේ පවා පස්සට ගසා පන්නා දැම්මේය.

ලෝකයේ පමණක් නොව අද සමාජයේ කළු පටියක් ලැබෙන්නේ ගුරුවරයාට වැඩිම ගොට්ට අල්ලන පුද්ගලයාටය. ඒ පිළිබඳව පුද්ගලික අත්දැකීම් රැසක් Sifu Marthos වන මටද ඇත. වසර ගණනක් එක්තරා කරාතේ සංගමයකට දහදිය හා මහන්සිය කැප කර ශූරතාවලි හා සංදර්ශනවලට සහභාගී වීම හා මෙහෙයවීම මඟින් කරාතේ සටන් කලාවට පමණක් නොව කරාටේ සටන් ක්‍රීඩාවේ උන්නතියට පවා වීරිය යෙදු මට කළු පටියක් හෝ අඩුම තරමේ දුඹුරු පටියක්වත් නොමැති විය. එහෙත් වසර තුනකටත් වඩා අඩු කාලයකින් වයසින් පවා ඉතා අඩු අයට, කකුලක් අංශක එකසිය අසූවට තබා අනූවට වත් උස්සා ගත නොහැකි බොහෝ දෙනෙකුට කළු පටි ලැබුණි.

සිය දක්ෂතාවය තමා ප්‍රත්‍යක්ෂයෙන් වටහාගන්නේ නම් කළු පටි අවැසි නැත. ඔබ කළු පටියක් බැඳගෙන සිටින අයෙක් නම් සත්‍යය වශයෙන්ම එම පටියෙන් නිරූපනය කරන්නා වූ දක්ෂතාවය ඔබ තුල ඇත්දැයි ඔබ ඔබගේ හෘදසාක්ෂියෙන් විමසා බලන්න!

ජය ශ්‍රී!


***********************************************
~ Sifu Marthos (Admin of the යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. )

මෙම ලිපිය මාගේ බ්ලොග් අවකාශයටද ඇතුලත් කර ඇත >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
***********************************************

To join with my martial arts classes >>>> Marthos SWAT team. (M.S.T.)


Games වලට ලංකාවේ හොඳම බ්ලොග් සයිට් එක >>> http://cyber-ceylon.blogspot.com/

Thursday, February 7, 2013

සැබෑ සටන් පුහුණුවක් කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා 'සටන් පුහුණුවක්' යනුවෙන් සිතනුයේ ශරීරයට අනේක විධ වද දීමයි. සැබවින්ම සටන් පුහුණුව යනු 'සැන්ඩෝ' වැනි ක්‍රීඩාවක් හෝ කුමන ආකාරයේක වත් 'අත්තකිලමථානුයෝගයක්' නොවේ.

බුදු දහමේ එන මැදුම් පිළිවෙත සටන් කලාවෙහි බෙහෙවින් භාවිතා වේ. ඒ අනුව ඇඟේ සීරිමක්වත් නොවී පුයර බබෙකු මෙන් සටන් පුහුණුවක් කල නොහැකි සේම අත පය කඩාගෙන කරන සටන් පුහුණුවක්ද නොමැත්තේය.

සටන් පුහුණුව යනු පියවරෙන් පියවරට ක්‍රමානුකූලව ඉදිරියට ගලාගෙන ශාරීරික හා මානසික පදම් කිරීමකි. ඒ තුල බ්‍රොයිලර් න්‍යාය වලංගු නොවේ. පදම් කරවීම යනු හානි කරවීම නොවේ. වේදනා දීම නොවේ.

ලංකාවේ සටන් පුහුණුව යයි කියමින් 'අත්තකිලමථානුයෝගය' අනුගමනය කරන බොහෝ සිසුවන් මෙන්ම ගුරුවරුන්ද සිටී. එයින් වැඩිම කුලකයට අයත් වන්නේ 'කියෝකුෂින් කායි කාන් කරාතේ' කරුවන්ය. ඔවුන් ගේ දේවතාවා වන්නේ මාස්ටර් ඔයාමාය. සැබවින්ම මාස්ටර් ඔයාමා යනු කරාතේ ලොව දෙවියෙක් බඳුය. නමුත් ශ්‍රී ලංකාව තුල අන්ධ ව්ශ්වාසයෙන් යුතුව ඔහුගේ පුහුණු ක්‍රමය වරදවා වටහාගෙන සිටිනා පිරිස් ඇත. මාස්ටර් ඔයාමා ඉතා රළු පුහුණුවක් කල පුද්ගලයෙක් බව සැබෑය. නමුත් ඔහු කෙදිනකවත් තමාට හානි පමුණුවා ගත්තේ නැත. ඔහු කෙතරම් රළු සටන් පුහුණුවක් සිදු කරත් ඒ තුල ක්‍රමානුකූල ගලායාමක් විය. ඔහු එක් වරම හිම කඳු නැගීමට ගියේ නැත. අතින් කළු ගල් කැඩීමට ගියේ නැත. ඔහු එසේ කලේ නම් විප්ලවකාරී සටන් ශිල්පියෙකු වීම කෙසේ වෙතත් ඔහු ආබාධිතයකු වනු නො අනුමානය.

සැබෑ සටන් පුහුණුව තුලින් ආබාධිත පුද්ගලයෙකු බිහි නොවේ. ශරීරාබාධ ඇති නොකෙරේ. 'පුෂ් අප්ස් සීයක් ගැසීම' යනු සටන් පුහුණුවක් නොවේ. නිවැරදි සටන් පුහුණුව යනු ඉතා ප්‍රාථමික සටන් ශිල්පීය ක්‍රමයක් ගෙන එයම සිය දහස් වාරයක් නොකඩවා පුහුණු වීමයි.

ජපානයේ ගෝජු-රියු කරාතේ කරනා අය පුෂ් අප්ස් ගසන්නේ පොලොවට තුවායක් දමා නවා ඒ තුල සිය මිට මෙලවූ දෑත් තබාය. නමුත් අපේ අයියලා වැඩ පෙන්වීමට එය කරන්නේ බොරළු පොළොවේ සිය මිට මෙලවූ දෑත් තබාය. අවසානයේ ඔවුන්ගේ නකස්ල්ස් කළු වී ඇත. නකල්ස් කළු කරගත් අපේ අයියල සිතනුයේ දැන් තමන්ට වඩා වැඩ්ඩන් නැති බවය. එනමුත් කරාතේ උපන් රටේ කරාතේ ගුරුවරුන්ගේ පවා දෑත් ප්‍රකෘති තත්ත්වයෙන් පවතී.

සටන් පුහුණුව යනු ශරීරයට දුක් පමුණුවා ගැනීම නොවේ!!!!!!


************************************************

~ Sifu Marthos (Admin of the යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.)

මෙම ලිපිය මාගේ බ්ලොග් අවකාශයටද ඇතුලත් කර ඇත >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
***********************************************


Games වලට ලංකාවේ හොඳම බ්ලොග් සයිට් එක >>> http://cyber-ceylon.blogspot.com/

Thursday, January 31, 2013

බ්රූස් ලී ගේ ගුරුවරයා!

ලොව මහත් විප්ලවයක් සිදු කල බ්රූස් ලී නොහොත් ජුන් ෆාන් ලී ගේ ගුරුවරයා කවුදැයි වසර ගණනක් මුළුල්ලේම ලොවට අභිරහසක් විය. මේ සා වූ දක්ෂයෙක් ලොවට බිහි කරවීමට එසේ මෙසේ ගුරුවරයකුට නොහැකි බව බොහෝ සටන් කළා ශිල්පීන්ගේ මතය විය. එම නිසා ම ඔවුන් බ්රූස් ලී ගේ ගුරුවරයා සෙවීමට බෙහෙවින් උත්සුක වූහ. එහිදී පැහැදිලි වූයේ ඔහුට එක් ගුරුවරයෙක් නොව ගුරුවරු රැසක් ම සිට ඇති බවයි.

නමුත් කාලයාගේ ඇවෑමෙන් බ්රූස් ලී ගේ සාර්ථකත්වය පසුපස සිටි විශාලතම බල කනුව‍ පිලිබඳ තොරතුරු හෙළි විය. බ්රූස් ලී ගේ දක්ෂතා අනන්ත වුවත් ඔහු ලෝක ප්‍රකට වන්නේ ඔහුට තිබූ අදහාගත නොහැකි අසීම්ත වේගයයි. ඒ වේගය ඔහුට උරුම කර දුන්නේ 'යිප්-මාන්' නමැති මේ රූපයේ සිටින කෙසඟ මිනිසායි.

මොහුගේ සම්පූර්ණ නම 'යිප් කායි-මාන්' (Yip Kai-man) වන අතර 1893 ඔක්තෝබර් මස 1 වන දින යිප් ඔයි-ඩොර් (පියා) සහ නෙග් ෂුයි (මව) යන දෙදෙනාට දාව මොහු මෙලොව එලිය දුටුවේය. දරුවන් සතර දෙනෙකු සිටි ධනවත් පවුලක තුන් වැන්නා වූ මොහු හැදී වැඩුනේ චීනයේ ෆෝශාන්, ගුආන්ග්ඩොන්ග් නමැති ග්‍රාමයේය.

යිප්-මාන් වයස 13 දී එවක අති ප්‍රවීණ සටන් ගුරුවරයකු වූ චෑන් වාහ්-සුන් යටතේ 'වින්ග් චුන් කුන්ග්-ෆු' නැමැති අති ප්‍රබල සටන් ක්‍රමය ඉගෙනගැනීමට පටන් ගත්තේය. එවක වයස අවුරුදු 70 ක් වූ එම ගුරුවරයාගේ අවසාන සිසුවාද වූයේ 'යිප්-මාන්' ය. එනමුත් චෑන් වාහ්-සුන් වයෝවෘද්ධ නිසා යිප් වින්ග් චුන් ඉගැන්වීම් බොහොමයක් ලබන්නේ චෑන් ගේ දෙවැනි ජේෂ්ටතම ගෝලයා වූ 'නෙග් චන්ග්-සොක්' ගෙනි. යිප් මෙම සටන් පාසලට ඇතුලත් වී තෙවසරකට පසුව චෑන් මෙලොවින් සමුගත්තේය. ඉන්පසුව දිගටම යිප් ගේ ගුරුවරයා වූයේ චන්ග් ය.

වයස  16 දී යිප් අධ්‍යාපනික කටයුතු සඳහා හොන්ග් කොංග්‍ වෙත පිටත්ව ගියේය. ඉන් වසරකට පසුව හොන්ග්-කොංග්‍ හි විදේශිකයන්ට හා ප්‍රභූන්ටම පමණක් වෙන් වූ ශාන්ත ස්ටීවන් විදුහලට ඔහු ඇතුලත් විය. (මේ හොන්ග් කොංග්‍ හි 99 බද්ද ක්‍රියාත්මක වූ වකවානුවයි) දිනක් විදෙස් පොලිස්කරුවකු අතින් කාන්තාවක් අතවරයට ලක්වන බව දුටු යිප් ඇයව බේරාගැනීම සඳහා එම පොලිස්කරුවාට පහර දී සිය මිතුරා සමඟ සිය පාසල වෙත පලා ගියේය. යිප් ගේ අගනා වින්ග් චුන් හැකියාව වටහාගත් සිය මිතුරා ඔහුව එකල හොන්ග් කොංග්‍-හි විසු රහසිගත වින්ග් චුන් ගුරුවරයකු වූ ලියෝන්ග් බික් වෙත යොමු කරවන ලදී. ලියෝන්ග් බික් යනු උක්ත චෑන් වාහ්-සුන් ගේ පවා ගුරුවරයා වූ ලියෝන්ග් ජෑන් ගේ පුත්‍රයාය. සැබවින්ම ඔහු චෑන් ට වඩා වින්ග් චුන් සටන් ක්‍රමයේ ජේෂ්ට නමුත් අභියෝගාත්මක සටන්වලට අකමැති සාමකාමී පුද්ගලයෙකු නිසා ඔහු වින්ග් චුන් මුල් පුටුව සටන් වැදීම සඳහා ප්‍රතික්ෂේප කොට ෆෝශාන් වලින් හොන්ග් කොංග්‍ වෙත පැමිණෙන ලදී.

චෑන්ට එකල ජෑන් ගෙන් ලැබුනේ සැබෑ වින්ග් චුන් ශාස්ත්‍රය නොව ඔහු විසින් වෙනස් කර උගන්වන ලද වින්ග් චුන් ක්‍රමයකි. එම නිසා සැබෑ වින්ග් චුන් ක්‍රමය සතු වූයේ ලියෝන්ග් බික් සතුව පමණි. යිප් ප්‍රථමයෙන් බික් හමුවෙන මොහොතේදී යිප් ඔහුව හඳුනාගෙන සිටියේ නැත. නමුත් යිප් 'ලියෝන්ග් බික්' නැමැති වින්ග් චුන් මහාචාර්යයවරයා ගැන හොඳින් අසා තිබුනේය. එම හමුව වෙන අවස්ථාවේ දී යිප් මාන් යනු කවුරුන්දැයි බික් දැන සිටියේය. යිප් මාන් ගේ උක්ත වීර ක්‍රියාව ගැනද බික් දැන සිටියේය. නමුත් බික් යිප් ට පැවසූවේ 'ඔබගේ වින්ග් චුන් 100% ක්ම නිවැරදි හා කාර්යක්ෂම නොවන' බවය. එහි ප්‍රතිපලයක් ලෙස බික් සහ යිප් අතර වින්ග් චුන් සටන් ක්‍රමයේ එන 'චී-සාඕ' නමැති යෙදුණු සටන් හරඹයෙන් යිප්ට එකඳු පහරක්වත් බික් වෙත දියත් කරවීමට අවස්ථාව නොලැබුණි. අවසානයේදී බික් තමාව යිප්ට හඳුන්වා දුන්නේය. මෙයින් යිප් මහත් වූ පුදුමයට හා සතුටට පත් වූ අතර බික් යටතේ ඔහුගේ ප්‍රථම සහ අවසාන ගෝලයා ලෙස ගුරු පඬුරු වලින් තොරවම සැබෑ වින්ග් චුන් පුහුණුව ලැබීය.

සිය අධ්‍යාපන කටයුතු අවසාන වීමත් සමඟම ඔහුගේ සැබෑ වින්ග් චුන් පුහුණුවත් නිම විය. පසුව ඔහු නැවතත් සිය ගම්රට බලා පිටත් ව ගොස් සිය වින්ග් චුන් පාසල වෙතට ගොස් එහිදී තමාට වින්ග් චුන් ඉගැන්වූ ගුරුවරයාව පවා සටනකින් පරාජය කළේය. එවක ෆෝශාන් හි සිටි සියලුම වින්ග් චුන් කරුවන් පරාජය කල මොහු පසුව ඔහු උගත් වින්ග් චුන් ක්‍රම දෙක සහ තමාගේම සටන් උපක්‍රමත් මිශ්‍ර කොට නවීන වින්ග් චුන් සටන් සම්ප්‍රදායයේ මහාචාර්යයවරයා බවට පත් විය.

චෑන් ගේ වින්ග් චුන් සම්ප්‍රදායයේ ඉනෙන් ඉහලට පා පහරවල් එල්ල නොකළ නමුත් බික් ගේ සැබෑ වින්ග් චුන් තුල ඉනෙන් ඉහලට පා පහරවල් එල්ල කරන ලදී. එපමණක් නොව චෑන් ගේ වින්ග් චුන් තුල නොවූ මාරාන්තික නිල සටන් ක්‍රමයක් බික් ගේ වින්ග් චුන් වල අන්තර්ගත විය.

යිප්-මාන් තමාගේ ගෝලයන් ලෙස බඳවා ගනු ලැබුවේ ඉතාමත් සීමිත පිරිසක් වූ අතර ඔහුගෙන් බිහි වූ හොඳම සිසුවා ලෙස බ්රූස් ලී සැලකේ. මීට අමතරව යිප්-මාන් ගේ සෘජු පුහුණුව ලැබූ ගෝලයන් ලෙස සැලකෙන්නේ ලියුන්ග් ෂෙයුන්ග්, වොන්ග් ෂුන් ලියුන්ග් හා විලියම් චුන්ග් ය.

යිප්-මාන් යනු අතිශයෙන්ම සමාජයීය අසාධාරණ කම් වලට ලක් වුවත් සිය සටන් කලාවේ මහිමයෙන් ඒ සියල්ලටම සාර්ථක ලෙස මුහුණ දුන් අයෙකි. මෙතුමාගේ ජීවිත කතාව රසික සිත් සතන් විකසිත වන ලෙස චිත්‍රපටි මාලාවකට පෙරලා ඇත.

පහත  ටොරෙන්ට් ලින්කු වෙත ගොස් පිළිවෙලින් ඔහුගේ සම්පූර්ණ ජීවිත කතාව නරඹන්න!



1.  http://tpb.piraten.lu/torrent/5776130/IP_MAN_The_Legend_is_Born_2010_DVDRip-BBa%28ENG_SUBS%29 (යිප් මාන් 3 ලෙස සාමාන්‍යය ව්‍යවහාරයේදී මෙම චිත්‍රපටය හැඳින්වූවත් මෙය ප්‍රථමයෙන් නරඹන්න! මන්ද පසුවට පැමිණියත් මෙය යිප් මාන් 1 වේ.)




2. http://thepiratebay.se/torrent/5630690# (ඉන් පසුව මෙම චිත්‍රපට දෙක නරඹන්න!)

උගුරේ ඇති වුණු පිළිකාවක් හේතුවෙන් මෙතුමා වර්ෂ 1972 දෙසැම්බර් මස 2 වැනි දින අවුරුදු 79 ක් ආයු වළඳමින් හොන්ග් වලදී මෙලොවින් සමුගත්තේය!

සැබෑ යිප්-මාන් සටන් පුහුණු වන අවස්ථාවක්!



****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

Tuesday, January 29, 2013

බිම දමා වැරෙන් පහර දීම. (Ground & Pound)

'බිම දමා වැරෙන් පහර දීම' හෙවත් Ground & Pound යනු භූමි සටන් ක්‍රම අඩංගු සටන් කලාවල ප්‍රධාන වශයෙන්ම භාවිතා වන ඉතා දරුණු, මාරාන්තික ශිල්පීය ක්‍රමයකි. (භූමි සටන් ක්‍රම පිළිබඳව පල කල ලිපිය සඳහා බ්ලොගය පිරික්සන්න!)

පහත හෙළීම් වලින් (Take-downs) හා වීසිකිරීම් (Throws) මඟින් ප්‍රතිවාදියාව භූමියට කැඳවාගෙන යාමෙන් මෙම ශිල්පීය ක්‍රමය භාවිතා කිරීම ඇරඹේ. නියම 'බිම දමා වැරෙන් පහර දීමකදී' ප්‍රතිවාදියාගේ පපු ප්‍රදේශය මත (Mount position) සිය ශරීරයේම බර යෙදෙන පරිදි ඔහුට නොසෙලවිය විය හැකි පරිදි වාඩි වී ඔහුගේ හිසට නොනවතින මුෂ්ටි ප්‍රහාර හා වැලමිටි ප්‍රහාර එල්ල කරනු ලබයි. මෙවැනි අවස්ථාවකින් ගැලවීමට ඉතා දක්ෂ සටන්කරුවකුට පවා ඉතා අසීරුය!

මෙම ඇසිදිසියෙන් දැක්වෙන්නේ මෙම ශිල්පීය ක්‍රමය සාර්ථකව යොදාගත් අවස්ථාවකි!

************************************************
'බිම දමා වැරෙන් පහර දීම' (Ground & Pound) පිළිබඳව සිංහලෙන් ලොව පලවන මුල්ම ලිපිය මෙය වන අතර මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
************************************************

පහර වැළැක්වීම (Blocking)

සටන් කලාවක ඇති වැදගත්ම අංගයක් ලෙස 'පහර වැළැක්වීම' (Blocking) හැඳින්විය හැකිය. මන්ද, ලොව ඕනෑම සටන් කලාවක මෙම අංගය විවිධ වූ ශිල්පීය ක්‍රම ඔස්සේ භාවිතා වන හෙයිනි.

එක් එක් සටන් කලාවන් පහර වැළැක්වීම යන කාරණයට ප්‍රමුඛත්වය දෙන ආකාරය විවිධ වේ. ලොව පවතින සටන් කලාවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙන්නේද මේ නිසාය. ඒවා නම්,

1. පහර වලකාලන සටන් ශෛලීන් (defensive styles) - පහර වැලැ‍ක්වීමට වැඩි ප්‍රමුඛත්වයක් දෙන ශෛලීන්
2. පහර දෙන සටන් ශෛලීන් (offensive styles) - පහර වැලැ‍ක්වීමට අඩු ප්‍රමුඛත්වයක් දෙන ශෛලීන්
3. පහර වලකාලන සහ පහර දෙන සටන් ශෛලීන් (defense & offensive styles) -  පහර වැලැ‍ක්වීමට සේම පහර දීමටද සම ප්‍රමුඛත්වයක් ශෛලීන්

පහර වැලැ‍ක්වීමද පහත ලෙස බෙදේ.

1. රළු - මෙහිදී පහර වැලැ‍ක්වීමේදී සතුරාගේ ශක්තියට එරෙහි වෙයි.

උදා : කියෝකුෂින් කරාතේ, මුඑ-තායි, මුඑ බෝරාන්, බොකාටර්, අංගම්පොර, ගෝජු-රියු කරාතේ

2. මෘදු - මෙහිදී පහර වැලැ‍ක්වීමේදී සතුරාගේ ශක්තියට එරෙහි නොවේ.

උදා : තායි-චි, භාගුවා ශෑන්, ශිටෝ-රියු කරාතේ, අයිකිඩෝ

3. රළු සහ මෘදු - පහර වැලැ‍ක්වීමේදී උක්ත ක්‍රම දෙකම භාවිතා කරයි.

උදා : වින්ග් චුන් කුන්ග්-ෆු, ශෝරින්-රියු කරාතේ, ක්රාව් මාගා, ජිට් කුන්-ඩො

මේ කිනම් ආකාරයට පහර වැළැක්වීම බෙදුනත් පහර වැළැක්වීම යනු සටනකදී තම ප්‍රතිවාදියාගෙන් එල්ල වන පහරවලින් ආරක්ෂා වීමේ ක්‍රම වේදයයි.

****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

Sunday, January 27, 2013

අත් දණ්ඩ (Arm-bar)

'අත් දණ්ඩ' එහෙමත් නැතිනම් 'Arm-bar' කියන්නේ භූමි සටන් වලදී නිතර දක්නට ලැබෙන අත් ගාන්චුවක් (Arm-lock). ඒ වුනත් මේ අත් ගාන්චුව සිටගෙන කරනා සටන්වලදී ද භාවිතා වෙනවා. 'අත් දණ්ඩ' කියන අත් ගාන්චුවේ විවිධ ආකාර තියෙනවා. ඉහත පින්තූරයෙන් පේන්නේ මගේ සිසුවෙක් මගේ තවත් සිසුවෙක්ට දමා ඇති බ්‍රසීලියන් ජු-ජිට්සු හි මෙන්ම භූමි සටන් ක්‍රම අඩංගු බොහෝ පොරබැඳීමේ සටන් ක්‍රමවල භාවිතා වන සුලභ 'අත් දණ්ඩයි'.

'අත් දණ්ඩක' දී සිදුවන්නේ ගාන්චුවක් දැමීමෙන් දකුණු අතෙහි හෝ වම් අතෙහි වැලමිට සන්ධියට ඇති ස්වභාවික චලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට පීඩනයක් එල්ල කිරීම මඟින් ප්‍රතිවාදියාට අධික වේදනාවක් ගෙන දීම හෝ ප්‍රතිවාදියාගේ අත කඩා දැමීමයි.

'අත් දණ්ඩ' ශිල්පීය ක්‍රමයේ ඇති ප්‍රධාන නියමයක් වන්නේ හැකිතාක් දුරට ප්‍රතිවාදියාගේ අත සෙලවිය නොහැකි වන සේ සෘජුව තබා ගැනීමයි.

ලොව ප්‍රකට අත් දඬු ආකාර පහත වේ.

1. සුලභ අත් දණ්ඩ (Common Arm-bar)
2. භූමි කාවල අත් දණ්ඩ (Ground Arm-bar from the guard position)
3. රුසියානු යටි කුක්ෂි අත් දණ්ඩ (Russian Belly Down Arm-bar)
4. පියාසැරි අත් දණ්ඩ (Flying Arm-bar)

****************************************************
මෙය ලොව 'අත් දණ්ඩ (Arm-bar)' ගැන සිංහලෙන් පලවන පළමු ලිපියයි! මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!

****************************************************

භූමි සටන් ක්‍රම (Ground Fighting)

ශ්‍රී ලංකාවේ සටන් කලාව හදාරන්නන් 'භූමි සටන් ක්‍රම' (Ground Fighting) ගැන නොදන්නා තරම්ය. මන්ද, ලංකාවේ පමණක් නොව තවමත් ලොව බොහෝ දෙනා සිතා සිටිනුයේ සටන් කලාවක ඇත්තේ පා පහරවල්, අත් පහරවල් සහ වැලකිලි පමණක් කියාය. (Kicks, Punches & Blocks) එසේ වීමට හේතුව වී ඇත්තේ සටන් කලාවක කතා වෙන සටන් පරාසයන් පිළිබඳව නිසි දැනුමක් ඔවුන් සතු නොවීමයි.

සටන් ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.

1. සිටගෙන කරනා සටන් (Stand-up fighting)
2. භූමි සටන් (Ground Fighting)

මෙම කාරණය ඉතාමත් සූක්ෂමව විමසාගත යුත්තකි. සැබවින්ම සටනක් සිදු වන්නේ පහත සඳහන් පරාසයන් තුලදී පමණි.

1. පා පහරේ පරාසය (Kicking Range) - දිගුම සටන් පරාසය
2. අත් පහරේ පරාසය (Boxing Range)
3. සතුරා උගුලට හසුකර ගැනීමේ පරාසය (Trapping Range)
4. පොර බැඳීමේ පරාසය (Grappling Range) - කෙටිම සටන් පරාසය

ඉහත සටන් පරාසයන් වලට අයත් නොවන පරාසය 'සටන් මුක්ත පරාසය' හෙවත් 'සටනක් සිදු නොවන පරාසය' ලෙස හැඳින්වේ.
(සටන් පරාසයන් පිලිබඳ ලිපියක් මින් පෙරද පලකර ඇති අතර තවත් සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න!)

උක්ත සටන් පරාසයන් ක්‍රියාත්මක වන්නේ 'සිටගෙන කරනා සටන්' (Stand-up fighting) ක්‍රමයේදීය. එනමුත් මාතෘකා ප්‍රකාරව 'භූමි සටන්' වලට යාමට නම් සටන් කරුවා අනිවාර්යයයෙන්ම 'සිටගෙන කරනා සටන්' ක්‍රමයේ අන්තර්ගත 'පොර බැඳීමේ පරාසය' (Grappling Range) වෙත ඇතුළු විය යුතුය. එලෙස පොර බැඳීමේ පරාසයට ඇතුලත් වී ප්‍රතිවාදියාව බිම වට්ටවා ගැනීම තුලින් භූමි සටන් ක්‍රම ඇරඹේ. මෙතැනදී පටලවා නොගත යුතු කරුණක් වන්නේ 'භූමි සටන් ක්‍රම' යනු සටන් පරාසයක් නොවන බවයි. සැබවින්ම භූමි සටන් ක්‍රම අයත් වන්නේ 'පොර බැඳීමේ පරාසය' ටයි. (Grappling Range) එනම් පොර බැඳීමේ පරාසය සිටගෙන කරනා සටන් හා භූමි සටන් යන සටන් ක්‍රම දෙකටම අයත් වන්නකි.

මෙලෙස ඇරඹෙන්නා වූ භූමි සටන් තවත් අනු කොටස් තුනකට බෙදේ.

ඒවා නම්,

1. ගාන්චු (අගුල් දැමීම - Locks)
2. සිරකිරීම් (ගෙලට දමනා ගැට මඟින් මොලයට යන ලේ ගමනාගමනය අඩාල කරවීම - Chokes)
3. බිම දමාගෙන වැරෙන් පහරදීම. (Ground & Pound)

(මින් පලමු කරුණු දෙක මීට පෙර පල කරන ලද 'ගැටපොර' ලිපියේද අන්තර්ගත වේ. බ්ලොගය පිරික්සන්න!)

සෑම සටන් කලා ශිල්පියෙක්ම භූමි සටන් ක්‍රම දැන සිටීම ඉතා අවැසිය! යම් සටන්කරුවෙක් කෙතරම් දක්ෂ සිටගෙන කරනා සටන්වලදී දක්ෂ වුවත් ඔහු භූමි සටන් ක්‍රම නොදනී නම් එය ඉතා අඩුවකි. සටන් ක්‍රම අතරින් තනි-තනිව කරන සටනකදී ඉතාම ප්‍රායෝගික ක්‍රමය වන්නේ 'භූමි සටන් ක්‍රමයයි.' සතුරාගේ පහරදීමේ හා පහර වැළකීමේ හැකියාව ඉතා හොඳ වූවත් යමෙකු භූමි සටන් ක්‍රමයන්හි සුළු ප්‍රමාණයකට වුවද දක්ෂනම් ඔහුට ඉතා හොඳ පිළිතුරක් එම සටන්කරුවාට දිය හැකිය. ඊට කදිම උදාහරණය වන්නේ යිප්-මාන් ගෙන්ම ඉගෙනගත් සැබෑ සාම්ප්‍රදායික වින්ග් චුන් සටන් කලාව හිමි 'බ්රූස් ලී' ගේ පවා ගෝලයකු වන යිප් මාන් පරපුරේ සෘජු දෙවැනි පුරුක වන 'විලියම් චුන්' ඊට පුරුක්‌ දෙකකට පසුපසින් ආ 'එමීන් බොස්ටෙපේ' ට සැබෑ සටනකදී පරාජය වීමයි. ( යිප්-මාන්..... ලියෝන්ග් ටින්ග්.... එමීන්) ඒ මන්ද යිප් මාන්ගෙන් උගත් ලියෝන්ග් තමා උගත් ශිල්පයට භූමි සටන් ක්‍රම එකතු කරමින් නිර්මාණය කරන ලද නව වින්ග් චුන් ක්‍රමය නිසයි. (එය ලිවීමේදී Wing Tsun ලෙස ලියනු ලබයි. සාම්ප්‍රදායික වින්ග් චුන් Wing Chun ලෙස ලියනු ලබයි.)

මෙන්න ඒ සැබෑ සටන!


'විලියම් චුන්' යනු ලොව තත්පරයකට වැඩිම මුෂ්ටි ප්‍රහාර සංඛ්‍යාවක්‌ එල්ල කර ගීනස්‌ වාර්තාව පිහිටු වූ පුද්ගලයා වන අතර අදටත් එම වාර්තාව කිසිවෙක් බිඳ දමා නොමැත. ( තත්පරයකට මුෂ්ටි ප්‍රහාර 8ක්)

නමුත් ඒ සා විශාල පහරදීමේ හැකියාවක් ඇති විලියම් චුන් එමීන් බොස්ටෙපේ ට පරාජය වන්නේ ඔහු විලියම්ට එරෙහිව භූමි සටන් ක්‍රම යොදාගන්නා හෙයිනි. ප්‍රහාරාත්මක අතින් විලියම් එමීන්ට වඩා කෙතරම් ඉහල වුවත් සිය සාම්ප්‍රදායික වින්ග් චුන් කලාව තුල 'භූමි සටන්' නොමැති නිසා ඔහු දරුණු පරාජයකට ලක් විය. මෙය බලන ඔබට එය මොනවට පැහැදිලි වනු ඇත.

එනමුත් බ්රූස් ලී මෙය වටහාගෙන සිටියේය. කාලෙන් කාලෙට යාවත්කාල වූ සිය සටන් කලාව අවසාන වශයෙන් 'චයිනීස් බොක්සින්' යන නාමය වෙනස් කර 'ජිට් කුන්-ඩො' යන නාමය යොදන සන්ධියේදී එම සටන් කලාවේ නොඅඩුව භූමි සටන් ක්‍රමය අන්තර්ගත විය. ඔහුගේ ජු-ජිට්සු ගුරුවරයා වුයේ 'ගෙනේ ලීබල්) Gene Lebell ය.


භූමි සටන් ක්‍රමවලට බොහෝ සෙයින් ලොව ප්‍රසිද්ධ සටන් කලාවන් අතරින් ඉදිරියෙන් සිටින්නේ 'බ්‍රසීලියන් ජු-ජිට්සු' නම් සටන් කලාවයි.

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ භූමි සටන් ගැන දැනුමක් නොමැති ලොව වෙනත් සටන් ශිල්පීන් බ්‍රසීලියන් ජු-ජිට්සු සටන් කරුවන්ට පරාජයට පත් වන ආකාරයයි!


මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ මා මාගේ සිසුවන්ට ජිට් කුන්-ඩො හි හා බ්‍රසීලියානු ජු-ජිට්සු හි අඩංගු මූලික සිද්ධාන්ත උගන්වන ආකාරයයි!


****************************************************
මෙය ලංකාවේ 'භූමි සටන් ක්‍රම' ගැන සිංහලෙන් පලවන පළමු ලිපියයි! මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වනයුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

Saturday, January 26, 2013

ගැට පොර



පොරබැඳීමේ පරාසය පදනම් කරගත් සෑම සටන් කලාවකම 'ගැට පොරය' අඩංගු වේ. 'ගැට පොර' වලදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගනු ලබන්නේ ශරීරයේ අස්ථි පද්ධතිය පිළිබඳවයි.

'ගැට පොර' සටන් ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒවා නම්,

1. අගුළු දැමීම් (Locks)
2. සිර කිරීම් (Chokes)

වේ. මෙහිදී 'අගුළු දැමීම්' බෙදෙන ආකාරය පහත දැක්වෙන අයුරු වේ.

1. අත් අගුළු (Arm Locks) - උරහිස් අගුළු (Shoulder Locks), වැලමිටි අගුළු (Elbow Locks), මැණික් කටු අගුළු (Wrist Locks)

2. පා අගුළු (Foot Locks) - දණහිස් අගුළු (Knee Bar), විලුඹ අගුළු (Heel Hook)

3. ගෙල අගුළු (Neck Locks)

මෙලෙස අස්ථි පද්ධතියේ ඇති සන්ධි ස්වභාවිකව චලනය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවලට නැමීමෙන්, පීඩනය එල්ල කිරීමෙන් හා සන්ධි කරකැවෙන ස්වභාවික කෝණයට වඩා කරකැවීම මඟින් 'අගුළු දැමීම්' (Locks) සිදු කරනු ලබයි.

ඉහත දක්වා ඇති රූපයෙන් පෙනෙන්නේ මා මගේ සිසුවකුට ඉදිරිපසින් දමා ඇති අත් අගුලකි.

'ගැට පොර' වල මාරාන්තිකම කොටස වන්නේ 'සිර කිරීම්' (Chokes) වේ. මෙහෙදී යොදාගනු ලබන්නේ ගෙල ප්‍රදේශය වන අතර සාර්ථක සිර කිරීමකදී මොලයට සිදුවන ලේ ගමනාගමනය අඩාල වී ප්‍රතිවාදියා සිහිසුන් භාවයට පත් වීම හෝ මරණයට පත් වීම සිදු වේ.

මෙම රූපයෙන් දැක්වෙන්නේ මගේ සම්මන්ත්‍රණයකදී සිසුවෙක් තවත් සිසුවකුට භූමියේ සිට දමා ඇති සිර කිරීමකි.

ගැටපොර වලට ප්‍රසිද්ධ සටන් කලාවන් පහත දක්වා ඇත.

1. ජු-ජිට්සු
2. නින්ජුට්සු
3. අංගම්පොර
4. චීනඩි
5. මරු නිල අඩි
6. කලරිප්පයාට්ටු
7. සමහර සාම්ප්‍රදායික කරාතේ ශෛලීන්.

ඉහත දක්වා ඇති සටන් කලාවෙන් කලාවට ගැටපොර ශිල්පීය ක්‍රම වෙනස් වුවත් මෙම ලිපියේ විස්තර කර ඇති අන්දමට ඒ සියල්ලෙහිම භාවිතා වන්නේ එකම භෞතික විද්‍යාත්මක මූලධර්මයන් වේ.

****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************


Wednesday, January 23, 2013

The only living master of a dying martial art


A former factory worker from the British Midlands may be the last living master of the centuries-old Sikh battlefield art of shastar vidya. The father of four is now engaged in a full-time search for a successor.
The basis of shastar vidya, the "science of weapons" is a five-step movement: advance on the opponent, hit his flank, deflect incoming blows, take a commanding position and strike.
It was developed by Sikhs in the 17th Century as the young religion came under attack from hostile Muslim and Hindu neighbours, and has been known to a dwindling band since the British forced Sikhs to give up arms in the 19th Century.
Nidar Singh, a 44-year-old former food packer from Wolverhampton, is now thought to be the only remaining master. He has many students, but shastar vidya takes years to learn and a commitment in time and energy that doesn't suit modern lifestyles.
"I've travelled all over India and I have spoken to many elders, this is basically a last-ditch attempt to flush someone out because if I die with it, it is all gone."
Nidar Singh NihangMr Singh is searching India and Pakistan for a young successor
He would be overjoyed to discover an existing master somewhere in India, or to find a talented young student determined to dedicate his life to the art.
Until he was 17 years old, he knew little of his Sikh heritage. His family were not religious - he wore his hair short and dressed like any British teenager. He was a keen wrestler, but knew nothing of martial arts.
He spent his childhood between Punjab and Wolverhampton and it was on one of these trips to see an aunt in India that he met Baba Mohinder Singh, the old man who was to become his master.
Already in his early 80s, Baba Mohinder Singh had abandoned life as a hermit in a final effort to find someone to pass on his knowledge to.
"When he saw my physique he looked at me, even though I was clean-shaven and he asked me: 'Do you want to learn how to fight'," recalls Nidar Singh. "I couldn't say no."
On his first day of training, the frail old man handed him a stick and instructed Mr Singh to hit him. When he tried, the master threw him around like a rag doll.
"He was a frail old man chucking me about and I couldn't touch him," he says. "That definitely impressed me."
Open-minded
Mr Singh spent the next 11 years on his aunt's farm, milking the buffalos in the morning and spending every day training with his master.
In 1995 he returned to Britain to get married and took work packing food in a factory. He began to teach shastar vidya and immersed himself in research on early Sikh military history.
Soon he had enough interest from students to go into teaching full-time. He now travels around the UK to teach classes and to Canada and Germany where eager students have asked him to share his knowledge.

History of shastar vidya

Sikh weapon
  • When Sikh leader Guru Arjan Dev was murdered by the Mughal emperor in 1606, his son Guru Hargobind set out to militarise the Sikh people
  • Men were instructed to carry arms - including the kara (iron bracelet) and kirpan (small blade) still worn by orthodox Sikhs today
  • Hair was worn long and wrapped around the head to protect the skull
  • Hargobind also set up schools to train an elite warrior caste called the Akali Nihang, the immortal crocodiles, which developed secret fighting techniques
  • Many of these techniques had been passed down from Hindu and pre-Vedic fighting styles and were practised by the Hindu Kshatriya warrior caste
  • They also adopted a unique belief system with the martial art as a main tenet of their faith
"The people who are here are open-minded," he says. "I have Muslims and Christians here as well as Sikhs."
But even his most advanced pupils have only recently reached the stage where they can fight him with weapons without getting hurt.
Shastar vidya often gets confused with Gatka, a stick-fighting technique that was developed during British occupation of Punjab and was widely practised among Sikh soldiers in the British army.
Though it is a highly skilled art it was developed for exhibition rather than mortal combat. It is much easier to practise in public.
By working to revive a culture and practice that left the mainstream more than 200 years ago, Mr Singh has come up against a lot of resistance from within the Sikh community.
He says he received 84 death threats in his first two years as a teacher, from other Sikh groups who disagree with the ideology of shastar vidya and the beliefs of the small Nihang sect, which he identifies with.
"It is not just martial technique, there is a lot of oral tradition and linguistic skills that has to be there as well," he explains.
Nihangs still maintain some tenets of the Hindu faith, they have three scriptures rather than one and these extra books contain influences from Hinduism.
Many Nihangs also eat meat and drink alcohol which orthodox Sikhs disagree with. Traditionally they also drank bhang, an infusion of cannabis, to get closer to God.
"Sikhism has gone through several stages of evolution," says Christopher Shackle, a former professor of South Asian studies at Soas, University of London. "When the Nihangs were formed at the end of the 17th Century they were a very powerful group but they became rather marginalised."
Akali Nihang soldierAn Akali Nihang soldier in 1865
When the Sikhs established their own kingdom under Maharaja Ranjit Singh, he realised he needed a modern army to keep the British out, and he hired ex-Napoleonic officers to train up his soldiers, sidelining the Nihangs.
The Nihangs were further isolated when the British Raj defeated the Sikh state in 1849 and forced Sikhs to give up arms.
"The British introduced a shoot-to-kill policy," says weapons collector and historian Davinder Toor, adding that accounts of British army officers show some troops fired on any man with a blue turban and a firearm.
"There is a sense that the Nihangs got left behind by time," says Mr Shackle.
Mr Singh spends a lot of time travelling to India and Pakistan researching the art, searching for descendents of the Akali Nihang and adding to his vast collection of weapons.
So far he has only met four people who could claim to be masters, now all dead. The last of these, Ram Singh, whom he met in 1998, died four years later.
"Nidar Singh is like someone who has walked straight out of the 18th Century," says Parmjit Singh, who has worked on several books on Nihang culture with the master.
"He is like a window into the past."
He is also still hoping to be a door to the future, opening up the path for new practitioners of the art to follow.
The Last Sikh Warrior was broadcast on Heart and Soul from the BBC World Service. Listen via iPlayer or download the podcast.

Monday, January 14, 2013

පෑන්ක්රේස්

'පෑන්ක්රේස්' කියන්නෙත් 'වේල්-ටුඩෝ', 'එම්.එම්.ඒ.' වගේම සටන් කලාවන් වල ක්‍රීඩාත්මක පැත්ත ප්‍රවර්ධනය කරන්න ජපානයේ පිහිටවපු ව්‍යාපාරික ආයතනයක්. නැතුව සටන් කලාවක් නෙමෙයි. (සටන් ක්‍රීඩාව කියන්නෙත් ඉතින් එක අතකින් බිසිනස්‌ එකක්!) 'Hybrid Wrestling' නැතිනම් 'මුහුන් මල්ලවපොර' කියලත් මේක හැඳින්වෙනවා.

හැබැයි මේක පටන් ගන්නේ බ්‍රසීලයේ වේල්-ටුඩෝ වලට පස්සේ, හැබැයි මික්ස්ඩ් මාර්ෂල් ආර්ට්ස්වලට කලින් 1993 දී 'මසකට්සු ෆුනාකි' සහ 'මිනොරු සුසුකි' කියන වෘත්තීමය මල්ලවපොර ශූරයින් දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙන් තමයි මේක පටන් ගන්නේ.

මේ 'පෑන්ක්රේස්' කියන නම මෙයාලා ගන්නේ ග්‍රීසියේ රජකාලේ තිබ්බ ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස ප්‍රසිද්ධව තිබූ 'පෑන්ක්රේෂන්' කියන සටන් ක්‍රීඩාවෙන්. (මේක සටන් කලාවක් විදියටත් ප්‍රසිද්ධයි)

ඒ කොහොම උනත් මේක පටන් ගත්ත මුල් කාලේදී ග්ලවුස් පාවිච්චි කලේ නෑ. අත මිට මොලවල මූණට ගහන්න බෑ. ඒත් අල්ලෙන් මූණට පන්ච් කරන්න පුළුවන්. කනේ පහරවල් ගහන්නත් පුළුවන්. (ඉස්කෝලේ පොල් අඩි වගේ) ග්රොයින් ගහන්න බෑ. බෙල්ලට ගහන්න බෑ. විලුඹෙන් ෂින් බෝර්න් එකට ගහන්න බෑ. (අදටත් එම්.එම්.ඒ. වලත් බෑ.) අනික් ඕන එකක් ඔට්ටුයි. නොක්ට් අවුට් වෙන්න ගැහුවොත් දිනුම්. submission නැතිනම් යටහත් ප්‍රකාශයක්‌ කරොත් දිනුම්. ටෙක්නිකල් නොක්ඩ් අවුට් නැතිනම් විනිසුරුවන් තීරණය කරොත් තවත් ගහගන්න බෑයි කියල ඒත් දිනුම්!

කෝකවෙතත් එම්.එම්.ඒ. බිහි වෙන්නත් 'පෑන්ක්රේස්' හේතු වෙනවා. අදටත් පෑන්ක්රේස් තියෙනවා. මේකේ විප්ලවකාරී චරිතයක් තමයි ඩච් ජාතික 'බාස් රූටන්' කියන්නේ. 'කියෝකුෂින් කරාතේ' පසුබිමකින් පැවත ගෙන එන එයා තමයි 'The legend of Mixed Martial Arts' නැතිනම් මිශ්‍ර සටන් කලා පුරාවෘත්තය ලෙස සැලකෙන්නේ!

Let's watch this >>>


****************************************************
'පෑන්ක්රේස්' පිළිබඳව අන්තර්ජාලයේ මෙන්ම වෙනත් සියලුම මාධ්‍යයවලද සිංහලෙන් ලොව පලවන ප්‍රථම ලිපිය මෙයයි! මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

Saturday, January 12, 2013

Thursday, January 10, 2013

ත්‍රිකාණ්ඩ යටිය (Three-section staff)

බොහෝ දෙනා මෙම ආයුධය ඔකිනාවා දේශයේ නන්චාකුව සමඟ පටලවා ගනී. නන්චාකුව ශාඕලින් ආයුධයක්‌ නොවන අතර මේ ත්‍රිකාණ්ඩ යටිය (Three-section staff) ශාඕලින් ආරාමයේ ආයුධයකි.

චීන කස ආයුධ ගණයට වැටෙන මෙය බොහෝ දුරට නන්චාකුවට සමාන මුත් මෙහි යෂ්ටි කොටස් තුනක් අඩංගුය. කෙටියෙන් කිවහොත් මෙහි ඇති එක් යෂ්ටියක් ඉවත් කලවිට මෙය නන්චාකුවක් ලෙස භාවිතා කලහැකිය. (නන්චාකුව ගැන දැනගනීමට අපගේ පැරණි ලිපි පිරික්සන්න!) ලොව විවිධ මාදිලියේ ත්‍රිකාණ්ඩ යටි වර්ග දක්නට ලැබෙන අතර බහුලව දක්නට ලැබෙන මාදිලියේ ත්‍රිකාණ්ඩ යටියක යටි තුනේම දිග එක හා සමානය. මැද ඇති යටියට දෙපසින් දම්වැල් මඟින් සම්බන්ධ වූ තවත් යටි දෙකකින් මෙය නිර්මාණය වී ඇත. යටි ලෝහ හෝ ලී වන අතර දම්වැල් සම්බන්ධ වන ඒවායේ අග කොටස් කරකැවෙන ලෝහ මුදුවලින් සමන්විතය. (නන්චාකුවේ මෙන්)

චීන භාෂාවෙන් 'මකර දඟරන යෂ්ටිය' (Coiling Dragon Staff) ලෙස හඳුන්වන මෙම ආයුධය සැබවින්ම අතීතයේ යුධ කටයුතු සඳහා භාවිතා කල දිගු දුර පරාස අවියකි. (Long Range Weapon) අංගම්පොරවලදී පිරිසක් සමඟ කෙරෙන සටනකදී වේලායුධය භාවිතා කරනවාක්‍ මෙන් ශාඕලින් කුන්ග්-ෆු හි ත්‍රිකාණ්ඩ යටිය බොහෝ විට යොදාගන්නේ විශාල පිරිසක් සමඟ කෙරෙන සටනකදීය.

ත්‍රිකාණ්ඩ යටිය ඉතාමත් මාරාන්තික අවියකි. එලෙසම මෙය හසුරුවන්නාට නිසියාකාර පුහුණුවක් නොවේනම් තමාටම බරපතල හානි අත්කර දෙන්නේය. වේලයුධයේ මෙන්ම මෙම ආයුධයේද හැසිරීම ඉතාමත් දක්ෂ සටන්කරුවෙකුට වුවද නිශ්චය කර ගැනීම ඉතා අසීරුය. පහර දීම, පහර වැළැක්වීම හා සතුරාගේ අත ඇති ආයුධය ග්‍රහණය කරගැනීම මෙම ත්‍රිකාණ්ඩ යටිය භාවිතා කොට කල හැකිය. ඉතාමත් දක්ෂ ශාඕලින් හිමි නමකට වෙඩි උණ්ඩයක් පවා නොවැදෙන ලෙස ත්‍රිකාණ්ඩ යටිය සියොළඟ වටා කරකැවිය හැකි බව පැවසේ.

මෙම ඇසිදිසිය (වීඩියෝව) නරඹන්න!



Visit our older posts >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

****************************************************
'ත්‍රිකාණ්ඩ යටිය' (Three-section staff) පිළිබඳව අන්තර්ජාලයේ මෙන්ම වෙනත් සියලුම මාධ්‍යයවලද සිංහලෙන් ලොව පලවන ප්‍රථම ලිපිය මෙයයි! මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************