ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Monday, February 18, 2013

කළු පටිය

කරාතේ, කුන්ග්-ෆු ඇතුළු ලොව ප්‍රචලිත බොහෝ සටන් කලාවන් රැසකම වාගේ ඇතැම් විට ඉහලම පදවිය හෝ ගෞරව උපාධිය ලෙස සලකනුයේ 'කළු පටියයි'. මන්ද එය සටන් කලා ශිල්පියකුගේ සාර්ථකත්වය සංකේතවත් කරන්නා වූ කැඩපතක් බඳු වන නිසාය.

මීට දශක ගණනාවකට පෙර කළ
ු පටිදාරීන් ලොව සිටියේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණක් වන අතර වර්තමානයේ පඳුරකට ගැසුවොත් දුසිම් ගණනින් කළු පටිකාරයින් විසි වේ. ඒ හේතුව නිසාම අතීතයේ මෙන් නොව වර්තමානයේ කළු පටිදාරීන් ට ඇති පිළිගැනීම බෙහෙවින් ක්ෂීණ වී ඇත. සරලව කිවහොත් දැන් 'කළු පටිකාරයින් බලු වී ඇත!'

යුධ වැදීම පිණිසම සටන් පුහුණු වූ අතීතයේ සිටි සටන් ශිල්පීන් පටි බැඳ ගත්තේ ඇඳි වත රැකගැනීම සඳහා පමණි. පසුව ක්‍රම ක්‍රමයෙන් යම් කිසි පටියක් ඉන වටා බැඳගැනීමේ වැදගත්කම ගැන ඔවුනට අවබෝධ විය. 'චී' ශක්තියේ ප්‍රධාන මූලස්ථානය වන්නේ ඉන ප්‍රදේශයයි. එම ඉන ප්‍රදේශයේ ඉන පටියක් ගැට ගැසුවහොත් එම ශක්තිය එක් තැනකට ගෙන ඒම පහසුවන බව ඔවුනට අවබෝධ විය. වර්තමානයේ වුවද සටන් කලා සිසුවන් 'ගී එකට බැස්සහම අමුතු ගැම්මක් එනවා' යැයි කියන්නේද මෙම කරුණ නිසාය.

කාලානුරූපීව මෙම ඉන පටිය සංකේතාත්මක කාරණයක් වශයෙන් යොදාගන්නා ලදී. ඉන් මුල් අවධිය ලෙස සැලකෙන්නේ සටන් බිමේ සිටි සිය සඟයින් වෙන් කර හඳුනාගැනීමයි. විවිධ වර්ණවලින් හා ලාංජන වලින් සුසැඳි ඉන පටි පැළඳි පුද්ගලයින්ගෙන් ඔවුන් අයත් සටන් සංවිධානය, හා තත්ත්වය පෙන්නුම් කරන ලදී. ඇතැමුන් මෙම සංකේතාත්මක පටිය හිසෙහිද බඳින ලදී.

යුධකාරී වාතාවරණය නිමා වූවත් පැරණි චාරිත්‍ර ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට සටන් කලා ශිල්පීන් කටයුතු කරන ලදී. ඒ අනුව 'කළු පටිදාරියෙකු' හඳුන්වනු ලැබුවේ ජේෂ්ට අතිදක්ෂ සටන්කරුවෙකු ලෙසය.

කාලය වෙනස් විය. මුදල් වලට සමාජයේ මුල් තැන හිමිවිය. සටන් ගුරුවරු 'සටන් කලාව' සල්ලි හම්බු කිරීමේ උල්පතක් ලෙස යොදාගන්නා ලදී. එහි වරදක්ද කිවනොහැක. මන්ද යුධකාරී වාතාවරණයේදී ඔවුනට සමාජයෙන් ජීවත් වීම සඳහා උපකාරය ලැබිණි. නමුත් පසුව ඔවුන් ගැන නොසලකා හැරීමෙන් ඔවුන් අන්ත දුගී භාවයට පත් විය. එනමුත් මෙහි අනිටු ප්‍රතිපලයක් වශයෙන් නිසි ප්‍රමිතියකින් තොර අදක්ෂයින් රැසක් බිහි විය. 'කළු පටිය' ලක්ෂ ගණන් වලට අලෙවි විය. තවමත් එසේමය. හොර කළු පටිකාරයින්ද බිහි විය. ඔවුනට පොල් අඩිකාරයින් සමඟවත් සටන් කිරීමට නොහැකි විය. එම නිසා ඔවුහු එම්.එම්.ඒ. කාරයන්ගෙන් හොඳ හැටි සප්පායම් වුණෝය. පොල්ලක් ගත් විට පණ එපා යැයි කියමින් දිව්වෝය.

බ්රූස් ලී ට අනුව කළු පටිය යනු තවත් එක් පටියක් පමණි. එයට කළහැකි දෙයක් නොමැත. එය ඔහු ප්‍රායෝගිකවම ඔප්පු කර ඇත. ලොවම දන්නා බ්රූස් ලී ට ලොව කිසිඳු පිළිගත් සංගමයකින් කළු පටියක් නැත. එහෙත් බ්රූස් ලී ගේ ජු-ජිට්සු ගුරුවරයා වූ 'Gene Lebell' බ්රූස් ලී ගේ ප්‍රථම පුහුණු දිනයේම ඔහුට 'ජු-ජිට්සු ගී' එක බැඳ ගැනීමට කළු පටියක් දුන්නේය. ඒ ඔහුගේ අසීමිත දක්ෂතාවය නිසාය. නමුත් ඔහු එවක ලොව සිටි කළු පටිකාරයින්ට පමණක් නොව රතු පටිකාරයන්ගේ පවා පස්සට ගසා පන්නා දැම්මේය.

ලෝකයේ පමණක් නොව අද සමාජයේ කළු පටියක් ලැබෙන්නේ ගුරුවරයාට වැඩිම ගොට්ට අල්ලන පුද්ගලයාටය. ඒ පිළිබඳව පුද්ගලික අත්දැකීම් රැසක් Sifu Marthos වන මටද ඇත. වසර ගණනක් එක්තරා කරාතේ සංගමයකට දහදිය හා මහන්සිය කැප කර ශූරතාවලි හා සංදර්ශනවලට සහභාගී වීම හා මෙහෙයවීම මඟින් කරාතේ සටන් කලාවට පමණක් නොව කරාටේ සටන් ක්‍රීඩාවේ උන්නතියට පවා වීරිය යෙදු මට කළු පටියක් හෝ අඩුම තරමේ දුඹුරු පටියක්වත් නොමැති විය. එහෙත් වසර තුනකටත් වඩා අඩු කාලයකින් වයසින් පවා ඉතා අඩු අයට, කකුලක් අංශක එකසිය අසූවට තබා අනූවට වත් උස්සා ගත නොහැකි බොහෝ දෙනෙකුට කළු පටි ලැබුණි.

සිය දක්ෂතාවය තමා ප්‍රත්‍යක්ෂයෙන් වටහාගන්නේ නම් කළු පටි අවැසි නැත. ඔබ කළු පටියක් බැඳගෙන සිටින අයෙක් නම් සත්‍යය වශයෙන්ම එම පටියෙන් නිරූපනය කරන්නා වූ දක්ෂතාවය ඔබ තුල ඇත්දැයි ඔබ ඔබගේ හෘදසාක්ෂියෙන් විමසා බලන්න!

ජය ශ්‍රී!


***********************************************
~ Sifu Marthos (Admin of the යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. )

මෙම ලිපිය මාගේ බ්ලොග් අවකාශයටද ඇතුලත් කර ඇත >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
***********************************************

To join with my martial arts classes >>>> Marthos SWAT team. (M.S.T.)


Games වලට ලංකාවේ හොඳම බ්ලොග් සයිට් එක >>> http://cyber-ceylon.blogspot.com/

No comments:

Post a Comment