ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Wednesday, April 25, 2012


සමුරායි කඩු හදන්නේ මෙහෙමයි....

ඔයාලට දැන් වීඩියෝ එකක් මගින් බලාගන්න පුළුවන් කොහොමද කටානා එහෙමත් නැත්නම් Samurai Sword (සමුරායි කඩු) හදන්නේ කොහොමද කියල. දීර්ඝ ලිපි කියවනවට වඩා මේ වගේ වීඩියෝ බලන්න ඔයාල කැමති බව මම දන්නවා. මොකද මමත් දිග හෑලි කියවන්න කැමති නෑනේ. :P
ඒ මොනවා උනත් මේ වීඩියෝ එකට කලින් කෙටි සටහනක් දාන්න ඕනෙයි කියල මං හිතනවා.
ඔයාල හුගදෙනෙක් දන්නවා ඇති සමුරායිවරු කියන්නේ කවුද කියල. ඉස්සරහට මං ඒ පිළිබවද රසවත් ලිපියක් විස්තරාත්මකව වීඩියෝත් සමගම දාන්නම්. කෙටියෙන් කියනවනම් සමුරායි වරයෙක් කියන්නේ මහත් වූ විනයක් ඇති, ආචාර ධර්ම රැසකට යටත් ජපානයේ වෙසෙන රණකාමී සටන් කරුවන්ට. එම රණකාමියා හා මේ කටානා යනු දෙකක් නොව මහත් වූ ආත්මීය බැදීමක් ඇති එක් සන්දර්භයක් බව ජපන් ජනයා පිළිගනී.
සමුරායි වරයෙක් නිතර දකින කුකුළා මෙන් තම අසිපත නොඔසවයි. නමුත් එම අසිපත යම් හේතුවක් මත එසවුනවොත් එය නැවත කොපුව තුලට යන්නේ ලේ සෙලවීමකින් හෝ ප්‍රතිවාදියාට ගෞරවනීය මරණයක් ලගා කරදීමෙනි.

ප්‍රධානතම කරුණ තමයි මේ ලෝකේ කඩු අතරින් විශිෂ්ටතම, හොදම කඩු වර්ගය තමයි 'කටානා'.

මම මේ වීඩියෝ එක බලන කොට මට හැඟී ගියේ අපිත් හරියට කටානා එකක් වගේ කියල. ඔයාටත් මේක බලනකොට ඒ විදියටම තේරෙයි.

ස්වභාව ධර්මයා නැමැති දේව රාජයා කෙලින්ම කටානා මවන්නේ නැත. ඔහු මවන්නේ යපස් පමණි. එක් අයෙක් එම යපස් හාරා ගනී. එය කම්හලේ මහත් වූ ගිනි ජාලාවට දමමින් දින ගණන් ඒ අසල රැදී සිටිමින් ඒ යපස් පදම් කරයි. පස්සේ ඒ පදම් වෙච්ච යපස්වලින් (ටමහගනේ) කාබන් වෙන් කරගන්නවා. ඊට පස්සේ තවත් කෙනෙක් ඒ වෙන්කරගත්ත කාබන් රත් කර කර තලනවා. ඊට පස්සේ ඒ හදා ගන්නා අක්‍රමවත් වස්තුවට ක්‍රමවත් බවක් හා හැඩය, මුවහත වැනි දේ ලබාදෙන්නේ තවත් අයෙක්. ඊට පස්සේ ඒක තව පාරක් රත් කර කර පදම් කරනවා. ඊට පස්සේ එය ඉතා පරිස්සමෙන් වතුරට දාල සීතල කරනවා. ඊට පස්සේ ඒක ටිකෙන් ටික ක්‍රමානුකූලව සිසිල් වෙනවා. ඉන් පසුව තවත් අයෙක් මේ වස්තුව ඔපකරනවා (පොලිෂ් කරනවා). අවසානයේදී තමා දිදුලන තේජස් කටානා එකක් සමුරායිවරයෙක් අතට පත්වන්නේ.

ඉතින් දැන් අපේ ජීවිතේ දිහාත් ටිකක් බලන්න! ස්වභාවධර්මයාගේ මහත් වූ ආශ්චර්යයක් වන දෙදෙනෙකුගේ එක්වීමක් මගින් සිගිති කිරිකැටියෙක් මේ ලෝකෙට බිහි වෙනවා. ඉන් පසුව මවගෙන් කිරි උරමින් මවගේ ඇකයේ උණුසුම ලබන ඒ සිගිති ළදරුවා සිය පියාගේ රැකවරණය සහ ආදරයද නොඅඩුව ලබනවා. ඉන් පසුව එම දරුවා ළදරු පාසලට, පාසලට යනාදී වශයෙන් ගොස් ගුරුවරුන්ගේ ඉගෙනුම් ලබනවා. ඉන් පසුව ක්‍රම-ක්‍රමයෙන් ඔහු සමාජයට යොමු වෙනවා. එහිදී ඔහුට අටලෝ දහමට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් යුතු වීර්යයෙන් කටයුතු කරන ඔහු තම අත්දැකීම් මගින් සිය ජීවිත ගමන ඔපදාගන්නවා. අවසානයේදී මේ සමාජයට වැඩදායී වටිනා පුද්ගලයකු බිහි වෙනවා.

මේ කතාව ඇත්තනම්, මේ වීඩියෝ එකත බලලා මේක ඔයාලගේ යාලුවන්ටත් කියන්න. ඔයාලා දන්න දේත් අපිට කියන්න.

Link to the video : http://www.youtube.com/watch?v=rwQqtf86qOc

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.

No comments:

Post a Comment