ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Sunday, April 29, 2012

දුටුගැමුණු රජුගේ කඩුව ගෙන සදා රජකමේ සිටින්නට වෙර දරන ඒකාධිපති පරයා......

*******මේක පරණ පුවතක්. ඒත් මේක ආයෙත් මතක කරලා දෙන්න මම හිතුවේ අපි සිරිලක් වැසියන්ට කිසිම දෙයක් සතියකට වඩා මතක තියෙන්නේ නැති නිසා.******

කෝට්ටේ සංඝ ඝාතනය මරාට ඇති රජවරුන්ගේ කඩු මේනියාවේ වැඩක්------

(ලංකා ඊ නිව්ස් -2012.මාර්තු.22, පෙ.ව.3.30) කෝට්ටේ රජ මහා විහාරස්ථානයේදී සිදුකළ සංඝ පීතෘවරුන් දෙපොලගේ ඝාතනය කෝට්ටේ සපුමල් කුමරුට අයත්ව තිබූ මැණික් ගල් ඔබ්බවන අනුහස් සහිත මගුල් කඩුව සොරකම් කිරීමේ අරමුණින් විහාරස්ථානයට පැමිණි දේශබන්දු දේශමාන්‍ය ගරුනම්බු වලින් පිදුම් ලත් දේශපාලන අනුහස් සහිත පුද්ගලයෙකු විසින් කරන ලද්දක් බව මේ වන විට හෙළි වී තිබේ.

මොහු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු මහරගම සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති වරයා වන බවත් ඉහල පොලිස් නිලධාරීන් සහ පාලක රෙජීමයේ ඉහලම දේශපාලනඥයන් ඉතා ලඟින් ඇසුරු කරන අයෙක් බවත් පැවසේ. මොහු ගලිගමුව පැත්තේ විහාරස්ථානයක බස්නායක නිලමේ වරයෙක් ද වේ. මෙම සැකකරු පෞද්ගලික බැංකුවක ව්‍යාපෘති කළමනාකරුවකු බවද පැවසේ.

කඩු සොරකම වැරදී යාමෙන් පසු භික්ෂූන් දෙනම ඝාතනය කර ඇති බවත් ඒ සඳහා දෙදෙනෙක් පැමිණ ඇති අතර එක් සැකකරුවෙක් පලා ගොස් ඇතැයිද පැවසේ.

සත්‍ය වශයෙන්ම කෝට්ටේ සපුමල් කුමරුට අයත්ව තිබූ මැණික් ගල් ඔබ්බවන අනුහස් සහිත මගුල් කඩුව ඇත්තේ මෙම පුරාණ රජ මහා විහාරයේ ආරක්ෂිත සේප්පුවකය. ඊට විදුලි සැර ආරක්ෂාවක්ද සපයා තිබේ.

ඊයේ බල්ලන් ඉව කිරීමෙන් අල්ලාගත් බාස් සහ පිරිස මීට සම්බන්ධයක් නැතැයිද ඔවුන් නිදහස් කර ඇතැයිද පොලීසිය කියයි. මෙම පුද්ගලයා පාපෝච්චාරණයක් කරන බව පොලීසිය පවසතත් පොලීසිය කියන කතා විශ්වාස කළ නොහැකියයි පොලීසියේම අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි

අප වෙත දැනගන්නට ඇති පරිදි ඔහුව බලවත් පුද්ගලයන් පිරිසක් විසින් මෙහෙයවා ඇති බවත් එය වසන් කිරීමට උත්සාහ කරන බවත් දැනගන්නට ඇත. ඊට ප්‍රධානතම සාක්කිය ලෙස පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම ඝාතන සිදුවූ සැනින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කුප්‍රකට අනුර සේනානායක එම ස්ථානයට පැමිණ පරීක‍ෂණ අතට ගැනීමයි. සාමාන්‍යයෙන් මෙවන් මිනීමරුවකදී පොලිස්පති ලඟට ඉහලම ධූරයක් දරණ එවැන්නෙකු පැමිණීම සිදුනොවන්නක් බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අතට අල්ලාගත් සුදු කොඩි මිනීමරුවන් මොහු විසින් පොලීසියට පැමිණ නිදහස් කරගෙන යන්නේ නම් මෙම සිදුවීමේදී පරීක‍ෂණ වංගු ගැස්සවීම මොහුට එතරම් කජ්ජක් නොවන බවද පැවසේ.

කටුගෙයි කඩු සොරකමත් මෙම කඩු සොරකමත් එකම කාසියක දෙපැත්තක් බව පැවසේ. රෙජීමාධිපතිවරයාට දැඩි අපල තිඛෙන අතර ඔහුගේ රෝගී තත්ත්වයද ඉහල යමින් පවතී. ඒ වෙනුවෙන් දුටුගැමුණුගේ කඩුව අවශ්‍යයැයි ඔහුගේ ගුප්තවිද්‍යා උපදේශක වරු උපදෙස් දී තිබේ. පසුගිය කාලය පුරාම පුරාවස්තු බිඳිමින් එම කඩුව සොයා රට පීරා තිබේ. කටුගෙයි කඩු සොරකමත් මෙම සපුමල් කුමරුගේ කඩුව සොරකම් කිරීමට පැමිණ සංඝ පීතෘ වරුන් ඝාතනය කිරීමත් ඉහල තැනකින් මෙහෙය වූවක් බවට පිළිගත් හැකි සාක්ෂි ලැඛෙමින් පවතී.

මොහු අත් අඩංගුවට ගත හැකිවී ඇත්තේ ඊයේ වාර්තාවේ ද සඳහන් කළ පරිදි සැක කටයුතු වාහනයක අංකය ලියා ගැනීම හේතුවෙනි. එම අංකය පරීක‍ෂා නොකර සිටීමට නොහැකි වී තිබේ. පසුව එහි අයිතිකරු වී ඇත්තේ මෙම මහරගම දේශමාන්‍ය මිනීමරුවා ය.

ඉදිරියේදී මේ පිළිබඳ වැඩිදුර විස්තර හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු.

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.

No comments:

Post a Comment