ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Sunday, January 27, 2013

අත් දණ්ඩ (Arm-bar)

'අත් දණ්ඩ' එහෙමත් නැතිනම් 'Arm-bar' කියන්නේ භූමි සටන් වලදී නිතර දක්නට ලැබෙන අත් ගාන්චුවක් (Arm-lock). ඒ වුනත් මේ අත් ගාන්චුව සිටගෙන කරනා සටන්වලදී ද භාවිතා වෙනවා. 'අත් දණ්ඩ' කියන අත් ගාන්චුවේ විවිධ ආකාර තියෙනවා. ඉහත පින්තූරයෙන් පේන්නේ මගේ සිසුවෙක් මගේ තවත් සිසුවෙක්ට දමා ඇති බ්‍රසීලියන් ජු-ජිට්සු හි මෙන්ම භූමි සටන් ක්‍රම අඩංගු බොහෝ පොරබැඳීමේ සටන් ක්‍රමවල භාවිතා වන සුලභ 'අත් දණ්ඩයි'.

'අත් දණ්ඩක' දී සිදුවන්නේ ගාන්චුවක් දැමීමෙන් දකුණු අතෙහි හෝ වම් අතෙහි වැලමිට සන්ධියට ඇති ස්වභාවික චලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට පීඩනයක් එල්ල කිරීම මඟින් ප්‍රතිවාදියාට අධික වේදනාවක් ගෙන දීම හෝ ප්‍රතිවාදියාගේ අත කඩා දැමීමයි.

'අත් දණ්ඩ' ශිල්පීය ක්‍රමයේ ඇති ප්‍රධාන නියමයක් වන්නේ හැකිතාක් දුරට ප්‍රතිවාදියාගේ අත සෙලවිය නොහැකි වන සේ සෘජුව තබා ගැනීමයි.

ලොව ප්‍රකට අත් දඬු ආකාර පහත වේ.

1. සුලභ අත් දණ්ඩ (Common Arm-bar)
2. භූමි කාවල අත් දණ්ඩ (Ground Arm-bar from the guard position)
3. රුසියානු යටි කුක්ෂි අත් දණ්ඩ (Russian Belly Down Arm-bar)
4. පියාසැරි අත් දණ්ඩ (Flying Arm-bar)

****************************************************
මෙය ලොව 'අත් දණ්ඩ (Arm-bar)' ගැන සිංහලෙන් පලවන පළමු ලිපියයි! මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!

****************************************************

No comments:

Post a Comment