ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Saturday, January 26, 2013

ගැට පොර



පොරබැඳීමේ පරාසය පදනම් කරගත් සෑම සටන් කලාවකම 'ගැට පොරය' අඩංගු වේ. 'ගැට පොර' වලදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගනු ලබන්නේ ශරීරයේ අස්ථි පද්ධතිය පිළිබඳවයි.

'ගැට පොර' සටන් ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒවා නම්,

1. අගුළු දැමීම් (Locks)
2. සිර කිරීම් (Chokes)

වේ. මෙහිදී 'අගුළු දැමීම්' බෙදෙන ආකාරය පහත දැක්වෙන අයුරු වේ.

1. අත් අගුළු (Arm Locks) - උරහිස් අගුළු (Shoulder Locks), වැලමිටි අගුළු (Elbow Locks), මැණික් කටු අගුළු (Wrist Locks)

2. පා අගුළු (Foot Locks) - දණහිස් අගුළු (Knee Bar), විලුඹ අගුළු (Heel Hook)

3. ගෙල අගුළු (Neck Locks)

මෙලෙස අස්ථි පද්ධතියේ ඇති සන්ධි ස්වභාවිකව චලනය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවලට නැමීමෙන්, පීඩනය එල්ල කිරීමෙන් හා සන්ධි කරකැවෙන ස්වභාවික කෝණයට වඩා කරකැවීම මඟින් 'අගුළු දැමීම්' (Locks) සිදු කරනු ලබයි.

ඉහත දක්වා ඇති රූපයෙන් පෙනෙන්නේ මා මගේ සිසුවකුට ඉදිරිපසින් දමා ඇති අත් අගුලකි.

'ගැට පොර' වල මාරාන්තිකම කොටස වන්නේ 'සිර කිරීම්' (Chokes) වේ. මෙහෙදී යොදාගනු ලබන්නේ ගෙල ප්‍රදේශය වන අතර සාර්ථක සිර කිරීමකදී මොලයට සිදුවන ලේ ගමනාගමනය අඩාල වී ප්‍රතිවාදියා සිහිසුන් භාවයට පත් වීම හෝ මරණයට පත් වීම සිදු වේ.

මෙම රූපයෙන් දැක්වෙන්නේ මගේ සම්මන්ත්‍රණයකදී සිසුවෙක් තවත් සිසුවකුට භූමියේ සිට දමා ඇති සිර කිරීමකි.

ගැටපොර වලට ප්‍රසිද්ධ සටන් කලාවන් පහත දක්වා ඇත.

1. ජු-ජිට්සු
2. නින්ජුට්සු
3. අංගම්පොර
4. චීනඩි
5. මරු නිල අඩි
6. කලරිප්පයාට්ටු
7. සමහර සාම්ප්‍රදායික කරාතේ ශෛලීන්.

ඉහත දක්වා ඇති සටන් කලාවෙන් කලාවට ගැටපොර ශිල්පීය ක්‍රම වෙනස් වුවත් මෙම ලිපියේ විස්තර කර ඇති අන්දමට ඒ සියල්ලෙහිම භාවිතා වන්නේ එකම භෞතික විද්‍යාත්මක මූලධර්මයන් වේ.

****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************


2 comments:

  1. නිතරම කමෙන්ට් කරන්න බැරි උනත් අපි මේව බලනව.හිට් වලින් පේනව ඇතිනෙ.

    ගොඩාක් වටිනව මේ පෝස්ට්. ඔබට ජය!

    ReplyDelete