හැබැයි මේක පටන් ගන්නේ බ්‍රසීලයේ වේල්-ටුඩෝ වලට පස්සේ, හැබැයි මික්ස්ඩ් මාර්ෂල් ආර්ට්ස්වලට කලින් 1993 දී 'මසකට්සු ෆුනාකි' සහ 'මිනොරු සුසුකි' කියන වෘත්තීමය මල්ලවපොර ශූරයින් දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙන් තමයි මේක පටන් ගන්නේ.

ඒ කොහොම උනත් මේක පටන් ගත්ත මුල් කාලේදී ග්ලවුස් පාවිච්චි කලේ නෑ. අත මිට මොලවල මූණට ගහන්න බෑ. ඒත් අල්ලෙන් මූණට පන්ච් කරන්න පුළුවන්. කනේ පහරවල් ගහන්නත් පුළුවන්. (ඉස්කෝලේ පොල් අඩි වගේ) ග්රොයින් ගහන්න බෑ. බෙල්ලට ගහන්න බෑ. විලුඹෙන් ෂින් බෝර්න් එකට ගහන්න බෑ. (අදටත් එම්.එම්.ඒ. වලත් බෑ.) අනික් ඕන එකක් ඔට්ටුයි. නොක්ට් අවුට් වෙන්න ගැහුවොත් දිනුම්. submission නැතිනම් යටහත් ප්‍රකාශයක් කරොත් දිනුම්. ටෙක්නිකල් නොක්ඩ් අවුට් නැතිනම් විනිසුරුවන් තීරණය කරොත් තවත් ගහගන්න බෑයි කියල ඒත් දිනුම්!
කෝකවෙතත් එම්.එම්.ඒ. බිහි වෙන්නත් 'පෑන්ක්රේස්' හේතු වෙනවා. අදටත් පෑන්ක්රේස් තියෙනවා. මේකේ විප්ලවකාරී චරිතයක් තමයි ඩච් ජාතික 'බාස් රූටන්' කියන්නේ. 'කියෝකුෂින් කරාතේ' පසුබිමකින් පැවත ගෙන එන එයා තමයි 'The legend of Mixed Martial Arts' නැතිනම් මිශ්‍ර සටන් කලා පුරාවෘත්තය ලෙස සැලකෙන්නේ!
Let's watch this >>>
****************************************************
'පෑන්ක්රේස්' පිළිබඳව අන්තර්ජාලයේ මෙන්ම වෙනත් සියලුම මාධ්‍යයවලද සිංහලෙන් ලොව පලවන ප්‍රථම ලිපිය මෙයයි! මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************
No comments:
Post a Comment