ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Sunday, April 8, 2012

හත්පොලේ ගාගෙන අවසන් වූ 'ඉසිවර මරකෙලි' සහ අජන්තගේ අලුත්ම ගොන් පාර්ට්......

අද කස්ටිය මේ වීඩියෝ එක බලල පරණ මතකයන් ටිකක් අවදි කොරගන්නවනම් හොදා....
ලින්කුව : http://www.youtube.com/watch?v=4tFI6f9xYlc 

ඉතින් කස්ටිය, කොහොමද ඉතින්??? එදා වගේම තාමත් මේ ටෙලිනාට්‍යය මාර හිට්. ඒකයි ඇත්ත කතාව. මේක කුළුදුලේ ටෙලිවිෂෝන් එකේ යද්දී මං හිතන්නේ අපේ මේ අන්ගොන් මොහොන්දිරම් අජන්ත මහන්(තා)රච්චි කියාගන්න නොයෙල් අජන්ත පෙරේරා ගොයියත් පුංචි සංදියේ තමා ඉන්න ඇත්තේ. එතකොට මිනිහත් මේක කටඇරගෙන බලාන ඉන්න ඇති මොකක්ද බොල මේක්?? කියාගෙන... මොකද ඒ දවස්වල මිනිහා කොරේ කරාටේ නොවැ.... ඔන්න ඔය ටෙලිනාට්‍යය තමා මේ ගොයියව අන්ගොන් මුහන්දිරම් කෙනෙක් කොරන්න මුල්ම පදනම උනේ...

ඇත්තම සීන් එක කියනවනම් මේ 'දඩුබස්නාමානය' කියන නාට්‍යයෙන් තමා අපේ කොල්ලයි, බල්ලයි හැම එකාම අංගම්පොර ගැන දැනගන්නේ. ඒක තමයි කවුරු උඩු බිරුවත් ඇත්තම කතාව. ඊට කලින් මේ ගැන දැනගෙන හිටියනම් ඒ සටන්කලාව FASHION එකක් සහ බඩවියත රැකගන්න මාර්කට්‌ එකක් කර නොගත්තු ඒක ගවේෂණය කොරපු උන්දැලා තමා.

ඒත් මේ නාට්‍යයේ අංගම්පොර ගැන කතා කොරාට මේ නාට්‍යයේ තිබ්බේ අංගම්පොර සටන්නම් නෙමෙයි. ඒක මේ නාට්‍යයේ සටන් අධ්‍යක්ෂණය කොරපු අපේ සේනක අයියත් පිලිගන්නවා. අද 'සේනක'ස් ජිට් කුණේ ඩො' කොරන මේ අයියා හනේ අපරාදේ කියන්න බෑ මේ නාට්‍යයෙන් පස්සේ රම්පෙට පොරි පොකුරු පොකුරු වෙන්නම ඇති වෙන්න හම්බු කොරගත්තා. අපේ සේනක අයියා ගැන මොන මොන ජිල්තර කේස් තිබ්බත් මිනිහ මිනිහගේ ඩියුටිය එලටම කොරල තියෙනවා 'දඩුබස්නාමානයේ'. ඒක අපි කවුරුත් පිළිගන්න ඕන කතාවක්. අපේ සිරිලක් අයියලට එදා අංගම්පොර ගැන මැක්සා කික් එකක් දෙන්න එයාට පුළුවන් උනා. අදටත් අපි ඒක බලනකොට එකේ අංගම්පොර නැතත් අංගම්පොර කික් එකක් අපි කාගේත් ඇගට එනවා. ඒ නිසා ඇත්තටම කියනවනම් සේනක අයියේ ඔයානම් එකෙන්ම සුපිරි ෆයිටිං choreographer කෙනෙක්.

හොදයි.... එහෙනම් දැන් මේකේ තවත් ඉස්සරහට යන්න කලියෙන් කස්ටිය මේ වීඩියෝ එකත් බලල ඉන්නකෝ....
ලින්කුව : http://www.youtube.com/watch?v=5Y5mSjrcA5o&feature=endscreen&NR=1

SAME SONG, BUT A DIFFERENT PERSON නෙහ්??? ඔය දදුබස්නාමානය, අකාල සන්ධ්‍යා කියන නාට්‍යය වලින් පස්සේ ලංකාවේ ජම්බු ගහෙන් වැටිච්ච ගාය තියෙන කොල්ලන්ට අංගම් උණ හැදෙන්න පටන්ගත්තා. ඒක අර අසූ ගණන්වල හැදුනු බ්රූස් ලී උන්මාදයට දෙවෙනි උනේ නෑ. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ ලෝකේ උතුම් රට වූ සිරිලංකාවේ ගහක් ගලක් නෑර අංගම්(පොර) මාස්ටර්ස්ලා ඉපදෙන්න පටා‍න් ගත්තා. ආයේ ඉතින් ලොවෙත් නෑ ඒ කාල සන්දියේදී අපේ පොර මාස්ටර්ලා මදි නොකියන්න, කාලා, බීලා ඇදලා කොරල හිටිය ඕන්..... ඔන්න ඉතින් ඔය කාලේදී ටකරන් මඩුවල කරාටේ පන්ති කොර කොර හිටපු අපේ නොයෙල් අජන්ත පෙරේරා කියන ගොයියත් දැක්ක මේ අන්ගොන් විප්ලවය. මේ කතාව සරලව තේරුම්ගන්න මේ වීඩියෝ එක බලහල්ලකෝ....
ලින්කුව : http://www.youtube.com/watch?v=7YPIVMdEbcI&feature=endscreen

ඉතින් ඔන්න ඔය සන්දියේදී අජන්ත ගොයියා අංගම්පොරවලට හේත්තුව දැම්මේ ඒක ආයේ වැඩ බැරි ටාසන්ලට ඉහගෙන කන්න පුළුවන් සල්ලි උල්පතක් නිසා තමයි. ඔන්න ඔයිට පස්සේ අපේ නොයෙල් ලොක්ක කරාටේ ගී(සූට් එක) එක පැත්තකට ගලවල පැත්තකට වීසිකොරල දාල පේමන්ට් එකෙන් ගත්ත සරම් කොටයක් අරගෙන ඒකට බහනවා. තව මජං පිහිදන රෙදි කෑල්ලක් අරගෙන ඒකත් ඔලුවේ බැදගන්නවා. විටමින් කේ ගාගෙන කොන්ඩෙත් ටිකක් දිගට එහෙම වවාගෙන එහෙං මෙහෙන් දේව රූප ටිකකුත් අරගෙන, මැටිවලින් ලාබෙට පොල් අතු හෙවිලි කරන් මඩුවක් එහෙම එහෙම අටවගෙන ඔන්න දැන් ටිකෙන් ටික අංගමට එන්ටර් වෙනවා. මේකට ෆුල් බැකප් එක දෙන්න ඒ කාලේ හොරට එක්සසයිස් කොරපු කරාටේ ගෝලයෝ සෙට් එකත් එහෙම තමන්ගේ මස්ගුලි එහෙම එළියේ දාගෙන ඔන්න දැන් අන්(ගොන්)පොර කොරන්න පටාන් ගන්නවා. පස්සේ හෙම්හිට නොයෙල් පෙරේරා කෑල්ලත් ශේප් එකේ අයින් කොරගන්නවා. ඉස්සහරට ලොවෙත් නැති 'අංගම් මුහන්දිරම්' කියල පට්ටමකුත් දාගන්නවා. මේ පගරනැට්ටගේ අන්(ගොන්)පොරවලට මිනිහගේ කරාටේ මාස්ටර් කරාටේවලට චීන අඩි කෑලි ටිකක් එක්කහු කොරල හදපු 'කරා බල' (සංස්‌කෘත භාෂාවේ වචනයක් වන මෙහි තේරුම 'හස්ත ජවය' යන්නයි.) කියල හදපු ස්ටයිල් එකේ කෑලිත් කොපි කොරගන්නවා. අදටත් බැලුබැල්මටම මේ අජන්ත ගොයියාගේ අන්(ගොන්)පොරවල main bow එක ඇවිල්ල කරාටේ bow එකට ගොඩාක් සමානයි.
ඔන්න දැන් මෙයා පොර කියල පෙන්වන්න එක එක ජිල්මාට් දාන්න පටාන් ගන්නවා. මෑතකදී මෙයාගේ ගොන්පොර හැකියාව පෙන්වන්න ටෙක්ලා කුමුදුකුමාරි එක්ක කරපු නාඩගමක් නටල දාපු මෙන්න මේ යුටියුබ් වීඩියෝ එකත් බලහල්ලකෝ...
ලින්කුව : http://www.youtube.com/watch?v=xnj9uRGQFiE&list=UU8W-gWS0X5Mz9mXoawVJH5g&index=8&feature=plcp

ඔන්න ඕකත් එක්ක තමයි අපේ මේ කතාවේ හිට්ම කෑල්ල තියෙන්නේ. උබල බලහන්කො. ඔය වීඩියෝ එකේ අපි දාපු කමෙන්ට් එකකුත් තියෙනවා. ඒත් කමෙන්ට් එක දාන්න හේතු වුනු මුන්ගේ හෙළුවැල්ල මාට්ටු උන උන්ගේ කමෙන්ට් උන් දැන් ඩ්ලීට් කොරල තියෙන්නේ. මුන් කොහොමත් තමන්ගේ රෙද්දේ පහරගෙන 'මම නෙමෙයි පැහැරුවේ' වගේ කියන ජාතියක් නොවැ. බය වෙන්න එපා කොලානේ. අපි ගාව ඒකෙ ප්‍රින්ට් ස්ක්‍රීන් තියෙනවා. අපි එව්වත් දාන්නම්කො. හොදයි අපි එහෙනම් මේ කතාව කියන්නම්කො.... ඔය වීඩියෝ එකේ මෙහෙම කමෙන්ට් එකක් තියෙනවා.

'how maney times have you watch the movie "Ongk bak"?? you are talking about srilanken maharavana culture and coppying the moves from tony jaar from the film ong bak? and doing this kind of bull shit?? copying one to one is shamefull. as a srilanken I shame to show this vedio to the others coz this guy use same way in Ong bak tony jaar does. maha sankrutiya arakai meekai gana kata karala pissu kellina eppa..
maharavanaa 1 month ago'

ඔන්න ඔය කමෙන්ට් එකට මේ අන්ගොන් හැත්ත දානවා අපිට බඩවල් අල්ලාගෙන සුමානෙකට ඇති වෙන්න හිනාවෙන්න පුළුවන් කමෙන්ට් එකක්.
Go through from this link : http://www.flickr.com/photos/shorinryu/6895229364/in/photostream/lightbox/

දැන් මේක බලන අපේ මිරාන් සර් බිම පෙරලි පෙරලි හිනාවෙනවා ඇති. තායිලන්තකාරයෝ මේක දැනගත්තොත් ලංකාවට ඇවිත් මුන්ව පණපිටින් හමගහයි. සියල්ල දත් කියල පෙන්වන්න යන මේ නරියන් හත්පොලේ ගාගන්නවා මේ කතාවෙන්. මුයේ තායි කියන නමවත් මුන්ට හරියට කියවගන්න බැරුව එනවා මුයේ තායිවල ඉතිහාසේ අපිට කියල දෙන්න. අපේ මිරාන් සර් පස්සේ වෙලාවක මුයේ තායිවල ඉතිහාසේ පටන් මේ දක්වා ඇති සියලුම දේවල් ගැන සදහන් කරලා ලිපියක් මේකේ දායි. එතකොට අජන්ත ගොයියෝ උබත් ඒක බලලා හරි දෙයක් ඉගෙන ගනින්!
'ඇත්අඩි' කියන්නේ මොකක්හරි කැපුම් තුවාලයක් වෙලා ලේ ගලන එක නවත්වන්න භාවිතා කරන බෙහෙත් පැලෑටියක් විතරයි. නැතුව එහෙම සටන් කලාවක්‌නම් ලොවෙත් නෑ. මෙන්න කස්ටිය ඇත්අඩි බලාගන්නකෝ දන්නේ නැත්නම්..... http://www.lankadeepa.lk/index.php/articles/32403 
පස්සේ මේ අපි දාපු කම්නෙට් එක...http://www.flickr.com/photos/shorinryu/7041521555/lightbox/
මේ ඊටත් පස්සේ උන් දාන වචන හරබ..........http://www.flickr.com/photos/shorinryu/6895435746/in/photostream/lightbox/
http://www.flickr.com/photos/shorinryu/6895435874/in/photostream/lightbox/

අජන්ත ගොයියා ඔය නම අටවගෙන්නේ ටෝනි ජා රගන 'Protector' movie එකෙන්. මොකද ඒකෙ ටෝනි ජා අත්කටු බැදගෙන ගහගන්න සීන් එකක් තියෙනවනේ.http://www.youtube.com/watch?v=bizrduWSCDI
දැන් කස්ටියට තේරුණා නේද මගේ පොයින්ට් එක ඈ0??? ලාෆින්ග් මයි මොකෙන්ද ඕෆ් කියන්නේ මෙව්වට තමයි ඕයි...

අජන්තගේ ගොන් පාර්ට් වීඩියෝ බලනකොට මොලයක් තියෙන ඕන එකෙක්ට තේරෙනවා මු මෙන් ඔන්ග් බැක් වල තියෙන ෆයිට්ස් කෑලි කොපි කොරගෙන බොහොම අජූත ලෙස රගදක්වනවා කියල. මිනිහ මිනිහගේ මගඩි නැටුම්වලට හම්බානෙට තාක්ෂනෙත් යොදා ගන්නවා. ඒ උනත් උගේ එව්වා බලන්න කැතයි. ඇත්ත කතාව ඒක. අර 'ඉසිවර රණකෙලි' කිව්ව පහුගිය දිනවල අසූචි නාගෙන ඉවර උන මලකෙලිය ඒකට හොද උදාහරණයක්‌. වරක් මාත් එක්ක වාදේට ආපු අර 'යථාර්තවාදී ජනතාවාදී' යැයි කියාගන්නා අර 'අංගම්පොර හෙළිදරව්ව' කොරන 'අංගම්පොඩි' ට ගොට්ට අල්ලන 'සුකුමාල්' ගොයියා කිව්වේ මේක මෙතෙක් බිහි වූ සම්බාව්‍යතම නාට්‍යය වෙනවයි කියල. After the 'බොඳ මීදුම්' මම සිරිලක් නාට්‍ය බැලීමෙන් ඈත්උනා. ඒත් මේ 'යථාර්තවාදී ජනතාවාදීයා' කිව්ව කතාවෙන් පස්සේ මමත් රෑ නවයට ගිය 'ඉසිවර රණකෙලිය' ඉවරවෙනකල්ම බැලුවා. කෙටියෙන්ම කියනවනම් ඊට වඩා 'බොඳ මීදුම්' දහස්වාරයක් හොදයි. අ.පො.ස. සා/පෙ කොරපු එකාටත් ඒක තේරෙනවා. ඒකෙ අංගම්පොරේ පැත්තකට දාල කතා තේමාව අරන් බැලුවොත් ඒක කොයිතරම් අතාත්වික, අසාර්ථක කතාවක්ද කියල අපිට මොනවට පැහැදිලි වෙනවා. සිංහලකම ගැන මහලොකුවට කතාකොරපු ඒ ටෙලිවිගඩමේ සම්පූර්ණයෙන්ම පෙන්නුවේ සිංහලයෝ විතරක් නොවෙයි, සුද්දෝවත් නොකරන මල කෙලි... මොන සිංහල චාරිත්‍රයක්ද බොල බදින්න ඉන්න ගෑනි බදින්න කලින්ම මිනිහගේ ගෙදරට රිංගගෙන ඉන්න එක????? එතනම ඒ නාට්‍යය ලත් තැනම ලොප්.
දැන් මං කස්ටියගෙන් අහන්න කැමතියි ඔහෙලට මේ අන්ගොන් මුහන්දිරම් කොරපු 'ඉසිවර රණකෙලිය' බලලා අර අංගම් නොදන්න සේනක අයියා කොරපු 'දඩුබස්නාමානය' තරම්වත් කික් එකක් ආවද කියල???

දැන් කොහොමහරි අර 'ඇත්අඩි' සීන් ඒකට ආපහු හැරිලා බැලුවත් මේ අන්ගොන් හැත්ත දැනගන්නවා උන්ගේ දැන් කටේ නරිවාදන් රෙද්දේ පල්ලෙන් බේරෙන්න යන විත්තිය. මෑන්ස්ලා එකෙන්ම කොරේ මොකක්ද ඒ කමෙන්ට එක අයින් කොරල දැම්මා. අනෙක තව දෙයක්. අපේ යූටියුබ් චැනල් එකේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයයක් උන්ගේ චැනල් එකේ නෑ. උන්ගේ චැනල් එකේ අපි දාන කමෙන්ට් වැටෙන්නේ උන්ගේ approval එකෙන් පස්සේ. ඊට පස්සේ ඔන්න දැන් මොනවාද මන්දා තවත් නරිවාදන් ටිකක් සීනි දවටලා කියල තියෙනවා. මුලින් ලෙව්කේ දිසාව ජා ජාතිකයන්ට ''ඇත්අඩි' ඉගෙන්නුවයි කියල පැහැදිලිව කිව්ව මුන් දැන් ඒ කමෙන්ට් එකත් අයින් කොරල දැන් මෙන්න මේක කියනවා.
'සභ්‍යත්වයෙන් පිරිහුණ යාලුවාට උත්තර දෙන්නම්. අප මේ කතා කරන්නේ ලංකාවට පැමිණි ලක්කිරිඥඥ හේවා පන්නය ගැන ය. මොවුත් හරයා අපේ සටන් කලාවේ හැඩහුරුකම් පිට යන්නට උගන්වන්නටම අවශ්‍ය නැත. උක්ත හේවාපන්නෙයේ සිටි අසුවේදුට මොහන්දිරම් තනතුරක් ලබා දී මොහුට කටයුතු කිරීමට ලෙව්කේ දිසාව හා යෙදවූ අතර ඉන්පසු ඔහු නැවත තායිලන්තයට යයි. මෙකල යුද්ධාංගන වල මුරට හිටියේ ද මේ ලක්කිරිඥඥය හේවායන්ය. එයින් අප සටන් කලාවේ ආභාෂය ලැබී ඇත. ඒ මිසක් අපෙන් දුන්නා යනු ඉගැන්වීම නොවේ.'

මෙව්වා ඉතින් බැදලා අවුරුදු ගානක් ගියත් දරුවෝ හදන්න බැරි නපුංසක හැත්ත කියන කතා නිසා අපි මේ වගේ කුජීත ක්‍රියා අදෝ මුඛයෙන් යන පුස් වාතයක් තරම්වත් ගණන් ගන්නේ නෑ.

මොනවා උනත් මේ කතාව ඉවර කොරන්න කලියෙන් මේ ටිකත් කෙටියෙන් කියල ඉවරකොරන්න ඕනේ. මේ 'අංගම්හොරු හෙළිදරව්ව' කොරන අංගම්පොඩි හෙවත් බුදුදහම අමු අමුවේ විනාශ කරන 'සිරිවර්ධන' වේශ පුත්‍රයාගේ ඉත්තෙක්‌ වන 'දුමිඳු නයනජිත්' නැමැත්තා හා 'අජන්තගේ ඇගේ මැඩිල්ල' අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා කියල එකෙන්ම පැහැදිලියි.

EVIDENCE NUMBER : 1 - හැමෝම හොරු හොරු කියන හංවඩු ගැසුවත් පැහැදිලි සාක්ෂි ඇති 'අජන්ත'ට කිසිදු චෝදනාවක් මේ තාක් දුරට හෙළිකර නොතිබීම.

EVIDENCE NUMBER : 2 - 'අංගම්පොඩි' පවසන අන්දමට වරක් ඔහු අජන්තගේ සංදර්ශනයක් බැලීමට ගොස් ඇත. නමුත් එය සැබෑ අංගම්පොර ද? නැද්ද? යන්න සදහන් නොකිරීම.
අජන්තගේ විගඩම් දකින ළදරුවකුට පවා ඔහුගේ ඇති අංගමක් නොමැති බව වැටහුනත් මේ සියල්ල දත් අංගම්පොඩි ට එය නොවැටහෙන්නේ මන්ද?????

EVIDENCE NUMBER : 3 - අංගම්පොඩි ගේ සහ අජන්තගේ ඇගේ මැඩිල්ල භාවිතා කරන ලේඛන රටාව බොහෝ සෙයින් සමාන වීම.

EVIDENCE NUMBER : 4 - මොවුන් දෙදෙනාම අප මෙන් නොව, බ්ලොක් කිරීම්, රිපෝර්ට් කිරීම්, ඔවුන්ගේ කලින් කෙල කොරගත් පොස්ට්, කමෙන්ට් ඉවත්කරගැනීම් හා approval method වැනි ක්‍රම භාවිතා කරමින් අන් අයට තම අදහස් නිදහස් ලෙස ප්‍රකාශ කිරීමට ඇති ඉඩ අවහිර කිරීම.

EVIDENCE NUMBER : 5 - අජන්තගේ ප්රෝෆයිලය සහ අංගම්පොඩි ගේ 'අංගම්හොරු හෙළිදරව්ව' ප්රෝෆයිලයේ ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට ලෙස නම් කර ඇත්තේ එකම එක චිත්‍රපටයකි. ඒ ටෝනි ජා රගන 'ඔන්ග් බැක්' ය.

EVIDENCE NUMBER : 6 - අංගම්පොඩි විසින් අජන්තගේ යුටියුබ් චැනලය SUBSCRIBE කර තිබීම.

The brief description of this story..........
*'අජන්ත පෙරේරා' යනු අමු හොරෙකි.
*'ඇත් අඩි' නම් සටන් කලාවක් ලොවෙත් නැත.
*අංගම්පොර හා මුයේ තායි අතර කිසිදු සබදතාවයක් නොමැත. මුයේ තායි පැවත එන්නේ පෞරාණික වූ 'මුයේ තායි බෝරාන්' නැමති සටන්කලාව ඔස්සේය. එය පැවත එන්නේ අංගම්පොරවලටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති 'බොකාටොර්' නැමැති අති පෞරාණික වූ සටන් කලාව තුලින්ය. එවැන්නක් ගැන අජන්තයා සහ උගේ අසූචි කල්ලිය අසාවත් නැත. දැනගන්නවානම් ඒ මෙය කියැවීමෙන් අනතුරුවය.
*මුයේ තායි සටන් කලාව තායි වැසියන්ගේ සටන් කලාව වන අතර 'ජා' ජාතිකයන් යනු 'තායි' ජාතිකයන් නොවේ. 'ජා' ජාතිකයන් වෙසෙන්නේ 'ජාවා' දූපත්වලය.
*හෙලුව වසා ගැනීමට මේ ඇගේ මැඩිල්ලන් මුලදී උත්තමයෙක් ලෙස පිළිගන්නා ලෙව්කේ දිසාවව පසුව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසයි.
(සැ.යු. බොරු ඔරුව නම් ඒ ඇගේ මැඩිල්ලයි.)

හොදයි එහෙනම්.... අද මගේ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි!
(මීලග පොස්ට් එක ...... COMING SOON……..
MISSION IMPOSSIBLE!
දුටුගැමුණු රජුගේ කඩුව සොයන රාජපක්ෂ මෙහෙයුම.)

~Shorin-Ryu


Share & Like our page.......
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

2 comments:

  1. තමුන්ලා දැන් 22වැනිදා මාකොලට පැමිණෙන බව දැනගැනීමට ඇත. එදිනට තමුන් නොපැමිනියහොත් ඒ තමුන්ගේ නපුන්සක කමයි. තවත් වචන හරබ අනවශ්‍යය!!!

    ReplyDelete