ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Tuesday, April 10, 2012

වචන හරබ කොට කට මැද දොඩන ඇඟේ මැඩිල්ලට වචන හරබයකින්ම පිළිතුරු දෙන 'ශෝරින්-රියු'....



කියන්නට තිබෙන දේ ඉතාමත්ම කෙටියෙන් කියන්නෙමි. අප යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. අරබන ලද්දේ විශ්වීය සටන් කලාව ආරක්ෂා කරගැනීමේ හා ඒ පිලිබදව ඔබගේ දැනුම දියුණු කරනා අටියෙනි. අප කණ්ඩායමේ දැනට පුද්ගලයන් පස් දෙනෙකු සිටී. එයින් 'ශෝරින්-රියු' වන මම මේ වනතුරුත් අප්‍රසිද්ධව, අන්වර්ථ නාමයකින් සිටින්නේ විවිධ හේතු රැසක් නිසා හා සීමා මායිම් නොතකා නිදහස්, සැබෑ අදහස් ඔබට ඉදිරිපත් කිරීමේ අටියෙනි. අද සුදු වෑන් සංස්කෘතියක් ඇති ලංකාව තුල මා වැනි අයෙක් සැබෑ නාමයෙන් සිටියහොත් එම පුද්ගලයාට අත්වන ඉරණම අමුතුවෙන් ඔබට කිවයුතු නොවේ.
අප කණ්ඩායමේ වෙබ් අවකාශ අතරින් වඩාත් සක්‍රීයව පවතින්නේ අපගේ ෆේස්බුක් පිටුවයි. මෙහිදී අප කණ්ඩායමේ සියලු දෙනාම විවිධ පෝස්ට් පල කරන අතර සමහරක් වේලාවලට මා ඇතුළු අපගේ අනෙක් ඇඩ්මින්වරුන් හතර දෙනාගේ අදහස් හතර විදියක් වනු ඇත. එනමුදු, අපගේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට අනුව අපට මෙන්ම ඔබටද රට, ජාතිය, ආගමට නිගා නොවන පරිදි ඕනෑම අදහසක් අප වෙබ් අවකාශයේ පල කිරීමට නිදහස ඇත. එමෙන්ම ඊට නිසි ප්‍රතිචාර දැක්වීමේ නිදහසද, ඇත.
ඒ කෙසේ නමුත් දැන් අපට ඇඟේ මැඩිල්ලෙන් අභියෝගයක් එල්ල වී තිබේ. ගතවන හැම තත්පරේකම වචන හරබ පමණක් කර ඔවුන් වීරයන් වන්නට උත්සාහ කරන බව පෙනේ. එම නිසා ඔවුන්ගේ වචන හරබ මටද කල හැක. එම නිසා මෙයින් පසුව වචන හරබ නොකොට පුස් වීරයන් නොවන ලෙස උබලාට මම තරයේ අණ කර සිටිනවා. එසේ නොමැති වුවහොත් කෙළවරක් නොදකින පරිදි නුබලාගේ හොර රහස් සියල්ල හෙළි කරනවා. නුබලාගේ බසින් කිවහොත් කෙළවරක් නොදකින පරිදි නුබලාට මඩ ගසනවා.
මීට මසකට පමණ පෙර 'අජන්ත' කරාටේ කරන සන්ධියේ පින්තූරයක් දැමීමෙන් අනතුරුව ඇඟේ මැඩිල්ලත් සමග පැවති වාදයේ කෙළවර වුයේ මවිසින් ඔවුනට විවෘත අභියෝගයක් කිරීමයි. එහිදී, මා සදහන් කරන ලද්දේ ඔවුන්ගේ ගුබ්බෑයමේ හැර ඕනෑම තැනක අප සටන් කිරීමට සූදානම් බවයි. එම ප්‍රකාශය කලේ 'ශෝරින්-රියු' වන මමයි. එහිදී, පෙර කතිකාවතක් නොමැතිව 'අපි' යන්න භාවිතා කිරීම මා කල විශාල වරදකි. ඉන් අනතුරුව පල වු 'හත්පොලේ ගා ගෙන අවසන් වු ඉසිවර රණකෙලි හා අජන්තගේ අලුත්ම ගොන් පාර්ට්' යන ලිපියද පල කලේ මමය. එයින් පසුව මොවුන් පෙරලා අභියෝගයක් කර ඇත. එනම්, මගේ අභියෝගය පෙරලා අප කණ්ඩායමේ සිෆු ප්රෙමිල්ට හා සිෆු ජෙරාඩ්ට කර ඇත. ඔවුන් මේ වන තුරුත් සිතාගෙන ඇත්තේ 'ශෝරින්-රියු' වන මා සිෆු ජෙරාඩ් වන බවයි. එය විසදාගැනීමට මෙය නරබන්න.....http://www.youtube.com/watch?v=t5Fqn5RW0l8

නමුත් යථාර්ථය නම් මේ වන තුරුත් සිෆු ජෙරාඩ්වත් 'ශෝරින්-රියු' වන මම කවුද යන්න නොදැනීමයි. අප කණ්ඩායමේ ඉන්නා අය අතුරින් මාගේ සැබෑ තතු දන්නේ සිෆු ප්රෙමිල් පමණි. ඒ මන්ද, මාගේ ගවේශනාත්මක චාරිකාවේ මාගේ වින්ග් චුන් සටන් කලා ගුරුවරයා ඔහු වීමයි.
ඒ කෙසේ වෙතත්, උක්ත අභියෝගය එක එල්ලේ එල්ල කර ඇත්තේ මාගේ සිෆු ප්රෙමිල් නවීන්ද්‍ර මහතාටය. කොටින්ම කිවහොත් මවිසින් ඇඟේ මැඩිල්ලට මෙම පිටුවේ පල කල කිසිදු පෝස්ට් එකකට ඔහු සම්බන්ධ නැත. ඒ මන්ද, ඔහු අසූචි නාගත් ඌරන් සමග සිංහයන් සටන් නොකරන කතාව ඔහු හොදින්ම දන්නා නිසාය. ඒ කෙසේ නමුත් එම අසූචි ඌරන් අප සිෆු ප්රෙමිල්ට එල්ල කල අභියෝගය ඔහු නිර්බයව බාරගත්තේ දිගින් දිගටම ඔවුන් වින්ග් චුන් සටන් ශිල්පය හෑල්ලු කරන නිසාය. මෙහිදී, සිෆු ප්රෙමිල් මේ සටන වන තුරු නිහඩව සිටින ලෙස මට දැන්වීය. මවිසින් ඇති කරන ලද මෙම ගද ගහන අසූචි ඌරන්ගේ ප්‍රශ්නයට ඔහු තනිවම මුහුණ දෙනු පෙනේ. තවද, එතුමාගේ ජේෂ්ඨ සිසුවන් අතර දැන් යම් සැකයක් මා අරබයා ඇති වී ඇත. එනම්, මා වෙනත් සංගමයකින් මෙම පාසලට ඇතුළු වූ ඔත්තු කරුවකු බවත්, එමෙන්ම සටන් ගුරුවරු පොර කුකුලන් සේ කොටවා පහත් වින්දනයක් ලබා ගන්නා අයෙක් යැයි සිතාය. සිෆු ප්රෙමිල්ද එලෙසම මා පිලිබදව සිතන්නේද යන්න මම නොදනිමි. ඒ කෙසේ නමුත් මේ අසූචි සිද්ධිය නිසා අප වින්ග් චුන් සටන් පාසලේ සගයන් අතර සහ මාගේ ගුරුවරයා අතර හිත්වල කිසිදු කහටක් තබා ගැනීමට මම අකැමැත්තෙමි. පැහැදිලිවම කිව යුතුව ඇත්තේ මවිසින් එල්ල කල අභියෝගය පෙරලා ඇඟේ මැඩිල්ල මාගේ ගුරුවරයාට කල බවත්, ඔහු එය පිළිගත් බවත්, නැවත ඔහු එය ඉල්ලා අස්කර නොගන්නා බවත්ය. එනමුදු මෙහි ඇරබුම සිදුවන්නේ මාගෙනි. එසේනම් එය ප්‍රථමයෙන් විසදිය යුත්තේ මා සමගය. ඔබලාගේ තුං තේරවිලිවලට අනුව එය එසේම විය යුතුය.

අභියෝගය : මේ මස විසිඑක්වන දින හරියටම ඉර මුදුන් වෙන වෙලාවේදී ගාලු මුවදොර පිටියේ සිංහ කොඩිය ලෙල දෙන ස්ථානයේදී හොර අංගම්ගුරු අජන්ත මහන්තාරචි සමග ද්වන්ධ සටනකට 'ශෝරින්-රියු' වන මම සූදානම්ය.

මෙම මස විසිදෙවැනි දින හොර අංගම්ගුරු අජන්ත මහන්තාරචි මාගේ ගුරු ප්රෙමිල් මහතා සමග මාකොලදී සටන් වදින බවට දන්වා ඇත. නමුත් එය වනු තුරු විශ්වාස නැත. ඒ කෙසේ නමුත් මා දැන් අපගේද නොවන, ඔවුන්ගේද නොවන ලංකාවේ ප්‍රසිද්ධතම ස්ථානයක සටනක් කිරීමට අභියෝග කර ඇත. (මුලදීම මා තේරෙන සිංහලෙන් කියූ පරිදි.)
අතීතයේ සිංහලයන් බොහෝ සටන් වැදුනේ ප්‍රසිද්ධ ස්ථානවලය. එය මහජනයාටද, නැරබීමට හැකිවිය. එසේම, බොහෝවිට මල්ලවයන් දෙදෙනා පවා ඔවුනුවුන් කවුදැයි නොදැන සිට ඇත. එසේම මා හට කීමට ඇත්තේ මේ විසිඑක්වන දින මා කියූ ස්ථානයට අජන්ත පැමිණියහොත් ඔහුට, මෙන්ම ඔබලාටද 'ශෝරින්-රියු' වන මා දැකගත හැකිවන බවත්, එසේ නොපැමිණියහොත් තවත් කලක් මම මේ අයුරින්ම සිටින බවත්ය.

ප්‍රධාන වශයෙන්ම උක්ත සටන සිදුවීමට පාදක වුයේ ඔවුන් 'ඇත් අඩි' නමින් 'මුයේ තායි' සටන් කලාවේ ඉතිහාසය විකෘති කල නිසාවෙනි. එනිසා මා සටන් කරන්නේ සාම්ප්‍රදායික 'මුයේ තායි බෝරන්'හි අභියෝගාත්මක සටනක් වන ආකාරයටය. ඔවුන් මෙය නොදන්නා නිසා මෙම වීඩියෝව නරබන්න. http://www.youtube.com/watch?v=mwFLRUK-CVo&feature=relmfu

උක්ත හේතූන් සහ මුළු මහත් සකල ලෝක වාසීන්ම ගරුකරන බෞද්ධ නායකයකු වන 'බෝධි ධර්මතුමා'ටද, මොවුන් නිගා කර ඇති හෙයින් මොවුන් සටන් කලාවේ හරය පමණක් නොව, බෞද්ධ, සිංහල කමේ හරයද, නොදන්නා බව මොනවට පැහැදිලි වේ.

බලන්න....... http://www.facebook.com/photo.php?fbid=261661890594545&set=a.190945170999551.43953.190402481053820&type=1&theater

මොවුන් මෙන් සමාජ විනකාරීන් අතුගා දැමීම 'ශෝරින්-රියු' වන මම දිගින් දිගටම සිදු කරනු ලබයි.



මාගේ මෙම අභියෝගය මා ඇඟේ මැඩිල්ලට ෆේස්බුක් පුද්ගලික පණිවිඩයක් මගින් යැවූ අයුරු...http://www.flickr.com/photos/shorinryu/6917465630/in/photostream/lightbox/ 

එසේනම් මේ විසිඑක්වනදාට තමුන්ලාගේ අවසන් කම්බිලි පූජාවද, කර පැමිණෙන්න!

මීට
සටන් කලා ගවේෂී
~ශෝරින්-රියු ('යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්තය. The truth behind the martial art' හි නිර්මාතෘ.)

4 comments:

  1. දැන් කොතනදීද මේ සටන තියෙන්නේ ? 21 කිව්වේ මේ මාසයේද ?

    ReplyDelete
  2. ගාලු මුවදොර පිටියේ සිංහ කොඩිය ලෙල දෙන ස්ථානයේදී. නමුත් මේ වනතුරුත් මීට මේ අංගම්හොරුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ.

    ReplyDelete