ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Friday, April 20, 2012

යුද සටන් කලාවේ ඉතිහාසය නැවත විමසීම....

පළමු ලිපිය..


වින්ග් චුන් කුන්ග් ෆූ හි නිර්මාතෘ කාන්තාවක් යැයි හැදින්වීම නිවැරදිද????

සටන් කළා ගවේෂණයේ යෙදී සිටින මට යුධ සටන් කළා ඉතිහාසයේ සමහරක් කරුණු සියයට සීයක් නිවැරදි නොවන බවත්, ඒවා තව දුරටත් සංශෝධනය විය යුතු බවත් සාක්ෂි සහිතව හැගී ඇත. එම නිසා මම අප වෙබ් අවකාශයේ 'යුද සටන් කලාවේ ඉතිහාසය නැවත විමසීම....' යනුවෙන් පරිච්ඡේදයක් වෙන් කිරීමට තීරණය කලෙමි. ඉන් පළමු ලිපිය ලෙස උක්ත කරුණ මම කෙටියෙන් විස්තර කරන්නෙමි.
ලෝකයේ ඇති යුධ සටන් කලාවන්ගේ සංඛ්‍යාව අපිරිමිතය. එමෙන්ම එම විවිධ යුධ සටන් කලා නිර්මාණය වී ඇත්තේ දේශපාලනික, සංස්කෘතික හා කාලීන වැනි අවශ්‍යතා පසුබිම් කරගෙනය. ඒ අනුව ලොව කෙටිම විෂය නිර්දේශයක් ඇති වින්ග් චුන් කුන්ග් ෆූ හි උපත ඇරබෙන්නේ යුධ සටන් කලාවේ නිජබිම වන චීනයේ ශාඕලින් ආරාමයෙනි.
ලොව වැඩිම සටන් කලා සංඛ්‍යාවක්‌ බිහි වන්නේ ශාඕලින් ආරාමයෙන් වන අතර ලොව ඇති බොහොමයක් සටන් කලාවලට ශාඕලින් ආභාශය ලැබී ඇත.
අතීතයේ ශාඕලින් ආරාමයේ සටන් පුහුණු කාලය අවම වශයෙන් අවුරුදු පහලවත්, විස්සත් අතර අධික කාලයක්  විය. ඇති වූ යුධ වාතාරවරණය යටතේ යුධ පිටියට ඉතා කෙටි කලකින් සටන් කරුවන් පුහුණු කර යැවීමේ අවශ්‍යතාවය උඩ උක්ත පුහුණු කාලයෙන් හතරෙන් එකක්, එනම් අවුරුදු පහක් වැනි කෙටි කාලෙකින් අති දක්ෂ සටන්කරුවෙක් බිහිකල හැකි සටන් ක්‍රමයක් ශාඕලින් ආරාමය තුල නිර්මාණය විය. එම සටන් ක්‍රමය තුල ශාඕලින් කුන්ග් ෆූ හි සාරය ගැබ් වී තිබු අතර අති ප්‍රබල කොටස් පමණක් එහි අන්තර්ගත වී තිබුණි. මෙම සටන් ක්‍රමය බිහි වන්නේ එවක ශාඕලින් ආරාමය තුල සිටි අති දක්ෂ යුධ මහාචාර්යයවරුන් පස් දෙනෙකුගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් එය තෝරාගත් පිරිසකට පුහුණු කරමින් සිටි සන්ධියේදී නොසිතු ලෙස ආරාමයට එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ එම පුහුණුව අඩාල වූ අතර උක්ත යුධ මහාචාර්යයවරු පස් දෙනා සිය දිවි බේරාගැනීම පිණිස පස් ප්‍රදේශයකට පලා ගියෝය. මෙයින් අවසානයේදී දිවි බේරාගත් එකම පුද්ගලයා වුයේ 'නෙග් මුයි' නැමැති මහාචාර්යයවරියයි.
කලක් සැගවී වාසය කල එතුමිය එම කාලය තුලදී සිය කණ්ඩායමෙන් බිහි වුනු රහස්‍යය සටන් කලාව දියුණු කරන ලදී. ඇය එම සටන් ක්‍රමය 'නෙග් මුයි ෆා' ලෙස හදුන්වන ලදී.
පසුකලෙකදී 'යිම් වින්ග් චුන්' නම් රූමත් තරුණියක් නෙග් මුයි මෙහෙනින්වහන්සේට උපස්ථාන කිරීමට පටන් ගත් අතර ඇයගේ රූමත් බවට වශී වුනු පුද්ගලයක්ගෙන් ඇයට අසීමිත කරදරවලට මුහුණ පෑමට සිදුවිය. මෙම තත්ත්වය තේරුම ගත් නෙග් මුයි මෙහෙනින්වහන්සේ තමන් සතු අතිශය රහසිගත සටන් ක්‍රමය වූ 'නෙග් මුයි ෆා' ඇයට ඉගැන්වීමට පටන් ගත්තාය.
දවසක්දා නාගයකු සහ කොකෙකු අතර ද්වන්ධ සටනක් නෙග් මුයිගේ නෙත ගැටුණි. එම සටන තුලදී කැපී පෙනෙන සාධකයක් වූයේ එම ප්‍රතිවාදීන් දෙදෙනාම බලයට එරෙහි නොවී සටන් කල ආකාරයයි. එම සටන නෙග් මුයි ගේ සිත්ගත්තාය. ඉන් පසුව නෙග් මුයි තම 'නෙග් මුයි ෆා' සටන් ක්‍රමය තම මුල්ම හා එකම සිසුවියගේ නාමය වන 'වින්ග් චුන්' නමින් හැදින්වූවාය. එයින් නෙග් මුයි ගම්‍යය කරන ලද්දේ 'අනාගතය සදහා බලාපොරොත්තුව' යන්නයි. එමෙන්ම තම සටන් කලාවේ නිල ලාංජනය ලෙස ඉහත නාගයා සහ කොකා අතර සිදු වූ සටන යොදාගන්නා ලදී.
'නෙග් මුයි ෆා' තුල 'මාපු' (horse riding stance) වැනි සංකීර්ණ ඉරියව් අඩංගු වී තිබූ අතර එය තවදුරටත් කාන්තාවකට උචිත අයුරින් සකස් කරන ලද්දේ 'යිම් වින්ග් චුන්' විසිනි.
මේ අයුරින් කාලානුරූපව වින්ග් චුන් සටන් ක්‍රමය විකාශනය වන ලදී. ඒ අනුව 'වින්ග් චුන් කුන්ග් ෆූ' හි පැහැදිලි අවධි තුනක් ඇත.


1. 'නෙග් මුයි ෆා' ලෙස හැදින්වූ සාම්ප්‍රදායික මුල්ම වින්ග් චුන් අවධිය.
2. යිම් වින්ග් චුන් විසින් වැඩි දියුණු වූ වින්ග් චුන් අවදිය
3. යිප් මාන් විසින් වැඩි දියුණු කරන ලද නූතන වින්ග් චුන් ක්‍රමය.


මේ අයුරින් බිහි වුනු මෙම සටන් ක්‍රමයේ නිර්මාතෘ ලෙස මුළු ලෝකයම හදුන්වන්නේ 'නෙග් මුයි' මෙහෙණින් වහන්සේයි. එනම්, මෙම සටන් ක්‍රමයේ නිර්මාතෘ කාන්තාවක් බවයි. එය සදොස් බව මවසින් ඔප්පු කරන්නේ මෙසේයි...
මෙම සටන් කලාව බිහිවන්නේ ශාඕලින් ආරාමයෙන් වන අතර එහි ගැබ් වී ඇත්තේ ශාඕලින් කුන්ග් ෆූ හි සාරයයි. එමෙන්ම මෙය බිහි වන්නේ හුදු තනි පුද්ගලයකුගේ ප්‍රයත්නයක් ලෙස නොව පුද්ගලයන් පස් දෙනෙකුගේ සාමූහික ප්‍රයත්නයක් වශයෙනි. එම කණ්ඩායමේ සිටි එකම කාන්තාව වන්නේ නෙග් මුයි පමණි. අනෙකුත් සියලු දෙනාම පිරිමි පාර්ශවයේ අය වූහ. තර්කානුකූලව බලන කල්හි මෙම සටන් කලාවේ ස්ත්‍රී දායකත්වය 5න් 1ක් පමණි. ඒ අනුව බලන කල්හි 'වින්ග් චුන් කුන්ග් ෆූ' හි නිර්මාතෘ ' කාන්තාවක් ' යැයි හැදින්වීම සාධාරණද???? තවදුරටත් එය නිදසුනක් මගින් ඔබට පැහැදිලි කරන්නේනම් අප කණ්ඩායමේ පස් දෙනාම එකතු වී යම් කිසි සටන් කලා පුහුණු වැඩමුළුවක් සංවිධානය කලා යැයි සිතන්න. එහෙදි එම වැඩමුළුව දිනයේදී සහබාගී වීමට සිදුවන්නේ මට පමණක් යැයි සිතන්න. එනමුත් එම වැඩමුළුවේ සම්පූර්ණ ගරුත්වය මම මා හට ආරෝපණය කරගැනීම කොතරම් දුරට සදාචාරශීලිද???? To illustrate my point please watch this video as well!















*******මෙම ලිපියේ සියලු හිමිකම ශෝරින්-රියු ඇවිරිණි!********
******Shorin-Ryu has all rights reserved in this post!*******

මේ වගේ POSTS ඔයාලට ගේන්නේ 'යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.' වන අප පමණයි!

So,

PRESS 'L' FOR THE NEXT POST!!!

SHARE AND LIKE US!!!! 
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

2 comments:

  1. ශේරින්,

    මෙහි ආරම්බයේ සිටම ඔබ සිත තුල සඟවාගත් දෙයක් ඇති බව මට සිතේ. එනම් මෙම සටන් කලාව ගැහැණියක විසින් ආරම්ඹ කලා යි කිව්වොත් එහි ඇති බලය හා ශක්තිමත් බව අඩු වෙඉ සිතීමයි. නමුත් සටන් කලාවක ගැහැණු පිරිමි බේදයක් නැත. එය හුදෙක් හැකියාව, කැපවීම හා පුහුණුව මත රදා පවතී.

    මීට,
    රසික.

    ReplyDelete
  2. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි රසික! ඇත්තවශයෙන්ම මම මෙලිපියෙහි කිසිදු තැනක කිසිසේත් කිසිදු යමක් මසිතෙහි සගවාගෙන ප්‍රකාශ කර නැත. එලෙස ඔබට හැගී ඇතිනම් එය ඔබට සිදු වී ඇති වැරදීමකි. මා මෙහි කර ඇත්තේ යථාර්තය හෙළි කිරීමක් පමණයි. මෙය සැබවින්ම ගැහැනියක් විසින් ඇරබුවේනම් එයද අපට කිසිදු ගැටලුවක් නොවේ. නමුත් අප යුධ කලා ඉතිහාසය නිවැරදි අයුරින් අධ්‍යයනය කල යුතුය.

    ReplyDelete