ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Friday, April 20, 2012

THE MIND POWER!!!!!!

සිතේ බලය හඳුනාගත් දොස්තර එමිල්

දොස්තර Émile Coué ප්‍රංශ ජාතිකයෙක්. ස්වයං යෝජනාව (autosuggestion) පාවිච්චියෙන් ‍ලෙඩ රෝග සුව කරන්න සමත් වූවෙක්. ඒ කාලයේ අනිත් වෛද්‍යවරු බෙහෙත් හා වෛද්‍ය උපදෙස් පමණක් දෙනවිට දොස්තර එමිල් ‘හිතට වදනින් බෙහෙත්’ දුන්නා. අනිත් අය වෙත යන ලෙඩ්ඩුන්ට වඩා ඔහු වෙත එන ලෙඩ්ඩු ඉක්මණින් හා නිට්ටාවට නිරෝගී සුවය ලැබුවා.

ස්වයං යෝජනාව ගැන දොස්තර එමිල් Self-Mastery Through Conscious Autosuggestion (1922) පොතේ මෙහෙම කියනවා. යෝජනාවක් නැත්නම් ස්වයං යෝජනාවක්, නව මාතෘකාවක්. ඒත් ඒක ලෝකය තරම් පැරණි වූවක්. අළුත් කියන්නේ අද වෙන තෙක් ඒක අධ්‍යයනය කරලා තියෙන්නෙ වැරදි විදියට. එහි ප්‍රතිඵල වටහා ගෙන තියෙන්නෙ වැරදි විදියට. පැරණි යැයි තියන්නේ එය මිනිසා මිහිමත උපන් දා සිට පැවතෙන්නක් නිසා. ස්වයං යෝජනාවක් කියන්නෙ අපි උප්පත්තියේ දී අපිට ලැබෙන උපකරණයක් (instrument). ඒ උපකරණයේ බලය අපූර්වයි, ගණනය කළ නොහැකියි. එයින් අපි මුහුණ දෙන අවස්ථා වල දී අපිට වඩාත් ම හොඳ හෝ වඩාත් ම නරක ප්‍රතිඵල ලබා දෙනවා. මේ බලය (force) ගැන දැනුම අපි හැම අයෙකුට ම ප්‍රයෝජනවත්. දොස්තරවරුන්ට, මහේස්ත්‍රාත්වරුන්ට, නීතිඥයන්ට සහ අධ්‍යාපන රැකියා වල නියුතු වූවන්ට නැතිවම බැරි වූවක්.

සවිඥානිකව හරියට එය භාවිතයට ගන්නේ කෙසේදැයි දැනීම මුලින් ම වැදගත්. ඒකෙන් මඟ හරවා ගන්න පුළුවන් විනාශකාරී ප්‍රතිඵල ඇති කරන නරක ස්වයං යෝජනා අනිත් අය තුල ජනිත කරවීම. දෙවැනියට වැදගත් වෙන්නේ, සවිඥානිකව හොඳ ස්වයං යෝජනා ජනිත කරවත හැකියාව තිබීමයි. එයින් ලෙඩ්ඩුන්ට ශාරීරික සුවයත්, වැරදි කරන හා නියුරොටික වූවන් ට සහ අචේතනිකව (හිතන්නෙ බලන්නෙ නැතිව) ප්‍රාක්තන (පරම්පරා වලින් එන මිථ්‍යා) මතවාදයන්ගේ බිල්ලන් වූ අයට ආචාර ධාර්මික (moral) සුවය ලබා දීමටත්, වැරදි මඟක යන්නවුන් හොඳ මඟක ගෙන යන්න මාර්ගෝපදේශකයක් දෙන්නත් පුළුවන්කමක් තිබීම යි.

එයාගෙ චෛතසික වර්ධනය කරන විධි ක්‍රමය වූයේ මෙයයි. හැමදාම ඇහැරිලා ඇඳෙන් බහින්නට පෙරත්, හැමදාම ඇඳට නිදන්නට ගියාමත්, ඇස් පියාගෙන 20 වතාවක්, තොල් හොලවමින් (එය කළ යුතුම යි කියා ඔහු කියනවා), ඇඟිලි වලින් ගණන් කරමින්, මේ වාක්‍යය මැතිරීම: “දවසින් දවස, හැම විදියකින් ම, මට තව තවත් යහපතම ළඟා වෙයි.” -Day by day, in every way, I am getting better and better.

තමන්ට ලබත හැකි ජයග්‍රහණයන් ලබන්නට හැකියාව ඇත්තේ තමන් තුල ය. ඊට හැකි යැයි විශ්වාසයක් ඇති විය යුත්තේ තමන් තුල ම ය. ඒ විශ්වාසය ගොඩනඟත හැකි බලය ඇත්තේ ද තමන් තුල ම ය. එය සොයා ගන්නට හැකි වන්නාට, ඊට උවමනාවක් හා කැමැත්තක් ඇත්තාට ඒ බලයෙන් ප්‍රතිඵල ලබාගත හැකි ය. ස්වයං යෝජනා වලින් කරන්නේ ඊට පාර හදා දීම පමණයි. එය උපකරණයකි. උවමනාවක් නැත්තාට උපකරණකින් ඵලක් නැත.

ස්වයං යෝජනාව යනු උපකරණයක් නිසා ස්වයං යෝජනාවක් පටන් ගත් අයෙකුට යම් යම් දෑ කරන්නට ඇම්මක් ඇති වේ. නමුත් ඒ ඇම්මෙන් සිතින් උද්දාමයට පත් වී නිකම් ඉන්නා අය ද ඇත. එය පාවිච්චියට ගැනීමත්, අරමුණ සාක්ෂාත් කරගන්නා සාර්ථකත්වයට යන මාර්ගයේ ගමන් කරන්නටත් අවශ්‍ය ය. නැත්නම් ටික දිනකින් ඇම්ම පහ වී නැවතත් සිත කුසීත වෙයි.

දොස්තර එමිල් 1922 දී පටන් ගත් ස්වයං යෝජනාව නැමති සංකල්පය 2011 වෙද්දී නොයෙකුත් අංශ වල දී විද්‍යාත්මක පර්යේෂණයන්ට භාජනය වී ප්‍රතිඵලදායක බව ඒ හැම අවස්ථාවක දී ම ඔප්පු වී ඇත. මිලියන ගණනින් වත්කම උපයන ලෝක ක්‍රීඩකයන්ට හා IBM වැනි කොම්පැණි වල වැඩ කරන අයට ද ස්වයං යෝජනා වල වැදගත්කම දේශන පවත්වා උගන්වන්නේ ඒ නිසා ය. පසුගිය US Open ටෙනිස් තරඟාවලිය ජයගත් ඔස්ට්‍රේලියාවේ සමන්තා ස්ටෝසර් ඉතා දක්ෂ ක්‍රීඩිකාවක් වූවත් ඇයට තරඟයක් අවසන් කරද්දී ඇයගේ ව්‍යාකූල සිත ඇයව තරඟයේ පරාජයට යොමු කරන බලපෑම් සිද්ධ කළේ ය. ඇය සිතට වදනින් දෙන බෙහෙත් ගත් පසු ඒ ව්‍යාකූල ගතියෙන් මිදෙන්නටත් ජය අත්පත් කරගන්නටත් සමත් වූවා ය.

*උපුටා ගැනීමක්. එම නිසා මෙම ලිපියේ කිසිදු වගකීමක් අප නොදරයි.

මේ වගේ POSTS ඔයාලට ගේන්නේ 'යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.' වන අප පමණයි!

So,

PRESS 'L' FOR THE NEXT POST!!!

SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee

~S.R.

No comments:

Post a Comment